ඔලිම්පික් යන පි‍්‍රයංකා
ඔලිම්පික් යන පි‍්‍රයංකා
කේශ කළ්‍යාණයක් නොමැති ප්‍රියංකා චොප්රා තාරකාව සිතින් මවා ගැනිීමටත් අසීරුයි නේද?
එහෙත් මේ අසීරු අභියෝගය ඇය ජයගෙන අවසන්ය. කෙස් කළඹින් පවා ඇය මේ කැපවීම කර තිබෙන්නේ
තමන් රඟන චරිතයට උපරිම සාධාරණයක් කිරීමටය. මෙවර ඇය කොණ්ඩය කෙටි කරගෙන සාධාරණය ඉටු
කරන්නේ ඔලිම්පික් පදක්කම්ලාභී මේරි කොම්ගේ චරිතයටයි. සැප්තැම්බර් 5 වැනිදා
තිරගතවීමට නියමිත මේරි කොම් සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු පවා ඇය එලෙසින්ම කිරීමට
බලාපොරොත්තු වන්නීය. මේරි කොම් චරිතය තම සිනමා ජීවිතයේ දුෂ්කරම රංගන භූමිකාව බව
ප්‍රියංකා පවසන්නීය. සිනමාපටය නරඹා සැබෑ මේරි කොම් කඳුළු සැලීම නිසා ප්‍රියංකාට තමා
ගැන අහිංසක අභිමානයක්ද ඇති වී තිබේ.
|