වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සනත් – නීටා එක් කොට තැනූ ළමා චිත්‍රපටය රාස්ස කැලේ අද සිට

සනත් – නීටා එක් කොට තැනූ ළමා චිත්‍රපටය රාස්ස කැලේ අද සිට

අනුරාධා, වස්තුව, රිදීතැල්ල, නිළියකට පෙම් කළෙමි ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සිරි කුලරත්නගේ නවතම සිනමා සිතුවම රාස්ස කැලේ අද සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලවන්හී තිරගත වේ. ළමා සිනමාපටයක් වන එහි සනත් ගුණතිලක, නීටා ප්‍රනාන්ද, ක්වීන්ටස් වීරකෝන්, සනෝජා බිබිලේ, බන්දුල ගලගෙදර, මලිත්ත විජේවර්ධන, තිෂූණ පෙරේරා ආදීහු චරිත මවති.

කේ. ඒ. ධර්මසේනගේ කැමරා අධ්‍යක්ෂණයකි. චන්දිම වීරසේකර සහාය අධ්‍යක්ෂණයෙන් ද, මායාදුන්න බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් ද, ආනන්ද පොල්ගහවෙල අංග රචනයෙන් ද මෙයට දායක වෙති. සෝමපාල රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. තිර රචනය මායාදුන්න බණ්ඩාර සහ සිරි කුලරත්නගෙනි.

රාස්ස කැලේ කුසල් පෙරේරාගේ නිෂ්පාදනයකි.