|
|
අපේ සිහසුන වඩුග පරම්පරාවෙන් ආපහු ගන්නට ඕන
සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව06 කොටස
‘සබරගමුවේ ගොවි ජනයාගෙන් නොවිමසා එය තහවුරු කිරීමට මට අපහසුයි රජතුමනි’ ‘මරාල බද්ද ඇතුළුව සබරගමුවේ බදු ලබන කන්නයේ සිට වැඩි කිරීමට මා ගත් තීරණය එසේමයි’
‘රජතුමනි ඇහැළේපොළ ඉංග්‍රීසින් එක්ක තිබුණු ගනුදෙනුව නොවිමසීම අඩුවක් නේද?’ ඇමතිවරු රජුගේ නොමනාපයට පෝර දැමූහ. ‘සාක්ෂි නැතිව විමසා ලැජ්ජාවට පත් වෙන්නද තොපි මට කියන්නේ’ රජුගේ හඬ මුළු සභාව දෙදරවන සුළුය. සියල්ලන්ම නිශ්ශබ්ද වූයේ රජුගේ තරම ඔවුන් හඳුනන විලාශයෙනි. තම සැමියාගේ කල්පනාකාරී මුහුණ දුටු කුමාරිහාමි ඔහුගෙන් කිසිවක් නොවිමසා ඒ අයුරෙන්ම ඉන්නට ඉඩ හැරියාය. ඔහු මුණ ගැසෙන්නට පැමිණියේ මොල්ලිගොඩ හා මුල්ලේගමය. ‘ඇයි අයියණ්ඩිලා එළියේ, එන්න ඇතුළට’ මොල්ලිගොඩගේ කෑදර දෑස කුමාරිහාමිගේ රුවෙහි එහා මෙහා ගමනක යෙදුණේය. කුමාරිහාමි ඔහුගේ දෙනෙත වහා වටහා ගත් බැවින් මඳක් විවරව ඇති ළැම පෙදෙස ඔසරි පොටෙන් මුවා කර ගන්නවාත් සමඟ පැමිණියේ ඇහැළේපොළය. වට පිට බැලූ මොල්ලිගොඩ ඇහැළේපොළගේ කනට කර කිව්වේ රහසකි. දෑත් අල්ලාගත් ඔවුන් ඔහුගෙන් සමු ගත්තේ චාටු බස් තෙපළමිනි. ‘අපේ දුටුගැමුණු උත්තමයා අරන් දුන්න අපේ සිහසුන වඩුග පරම්පරාවෙන් ආපහු ගන්නට ඕන’ ඇහැළේපොළ කිව්වේ කුමරිහාමිටය. ඇය ඇහැළේපොළ දෙස බැලුවේ මේ කුමක් වෙන්නට යන්නේදැයි යන බියමුසු හැඟීම පෙරදැරිවය. එවැනි බියමුසු හැඟීමක් මින් පෙරදා ඇයගේ සිතට පිවිස නොතිබුණි. ඇය කල්පනා බරව සිටින සිය සැමියා දෙසම බලා උන්නාය. ඇහැළේපොළ නිලමේට තමා දෙස ඇසිපිය නොසෙලා බලා සිටින කුමාරිහාමි ඇස ගැටුණේ මද වේලාවකට පසුවය. කුමාරිහාමි ව ඔහු ආදරයෙන් සිය ළමැදට තුරුළු කර ගත්තේ ඇගේ සිතෙහි ඇවිලෙන ගින්න නිවා දමන්නට මෙනි.
මැණික් ඔබ්බවා සාදන ලද ඔටුන්නට සරිලන කඩුවද අපූරු යැයි එහි සිටි සියල්ලන්ටම සිතුණි. ඒ අපූරු නිමවූම දෙස බලා සිටි ඇහැළේපොළගේ මුහුණෙ හි වූයේ නොමනාපයකි. “රජාගෙ කෙනෙහෙලිකම් බල බලා තවත් එයාට තෑගි දෙන එක තේරුමක් තියෙනවද බොලව්“ ඇහැළේපොළ පැවසුවේ එදා රාජ සභාවේ සිදූ වූ සියල්ල ඔහුගේ සිත වේදනාවට පත්කළ හෙයිනි. “නිලමේතුමා කලබල වෙන්න කාරි නැහැ. අපි තව ඉවසමු.“ එක්නැලිගොඩ ඇහැළේපොළගේ සිත වටහා ගත්තාක් මෙන් කීවේය.
ඒ වනවිටත් බටුගෙදර තානායම අසල වූ සිදුවීම රජුගේ කන වැකී තිබුණේ වැරැදි අයුරෙනි. ඇහැළේපොළ තම සිහසුන උදූරා ගැනීමට සැරැසෙන බව සිතමින් සිටි රජුට චර පුරුෂයන්ගේ ඔත්තුවත්, මොල්ලිගොඩගේ අදහසත් තදින් සිතට කා වැඳුණේය. ඇහැළේපොළට යස පාඩමක් උගන්නට සිතූ රජු ඇහැළේපොළ වලව්ව මැඳුරු අඩස්සියට පත් කළේ මේ අතරය. ඇය හා දරුවන් පත්වූ ඉරණම පිළිබඳ කිසිවක් සිතා ගත නොහැකි වූ කුමාරිහාමි මුරකරුවන් සමඟ රණ්ඩු කළාය. “මේක මොන අසාධාරණයක් ද? අවනීතියක් ද බොලව්“ ඇය වාසලේ පණිවිඩ ලේකම්ට බැණ වැඳුණාය. අහම්බයෙන් සිදුවුණු කිසිවක් පිළිබඳ නොදත් ඕ රජු බැහැදැකීමට ගියේ තමන්ට සිදුවූ අවනඩුව පිළිබඳ කරුණු දක්වන්නටය. කුමාරිහාමි කිසිවෙකුත් නොතකා රජු ඉදිරියේ පෙනී සිටියේ ඇගේ තේජවන්ත බව ද ප්‍රදර්ශනය කරමිනි. “කුමාරිහාමිට දැන ගන්නා ඕනෑ වලව්වේ අයට තහංචි දැම්මේ ඇයි කියලා“ “එසේමයි රජතුමනි, මොකක්ද මගේ ස්වාමියා හෝ මා කළ වරද“ කුමාරිහාමි පැවසුවේ රජුට ගෞරව දක්වමිනි. “ඇහැළේපොළ සබරගමුවේ ඉඳන් රහසේම සංවිධානය වෙනවලු මට පහරදීලා මගේ රජකම උදුර ගන්න. ඒ මදිවට අපේ හතුරු ඉංගී‍්‍රසිනුත් ළං කරගෙන“ රජු අඩිපොළවේ හැප්පුවේ සිය සිතැඟි හෙළි කරන්නටය. “රජතුමනි, වරදවා වටහා ගැනීමක් මේක. වරදවා වටහා ගැනීමක්.“ රජු පැවසූ දේ නිසා අන්දමන්ද වී සිටි කුමාරිහාමි කෑ ගැසුවේ තම පවුලේ නිර්දෝෂී බව ඔප්පු කිරීමටය. මේ වනවිට ඇමැති මණ්ඩලයේ උපදෙස් නිසා වැරැදි වැටහීමක් ඇති කරගෙන සිටි රජුට කුමාරිහාමි ද සතුරෙකි. ඇය පැවසූ දෙය ගණනකට නොගත් රජු ඇය රැගෙන යන ලෙස රාජපුරුෂයන්ට අණ කළේය.
ඇහැළේපොළට රජවාසලට පැමිණෙන්න යැයි රජු යවන්නට නියම කළ පණිවුඩය වෙනස් කළ මොල්ලිගොඩ මුල්ලේගම දෙස බැලුවේ සිනාසෙමිනි. “රජතුමා තීරණයක් ගන්න ඉස්සෙල්ලා කුමාරිහාමි ගැන ඔබතුමා තීරණයක් ගන්න“ දෙදෙනාගේම උස්ව නැඟුණු සිනහ හඬ අවට පැතිරි ගියෙන් වටපිට බැලූ මුල්ලේගම මොල්ලිගොඩගේ කනට කර කිව්වේ රහසකි. කලක පටන් සිය සිතේ සැංඟී තිබුණු අදහස කලඑළි දකින්නට කාලය පැමිණ ඇත. කුමාරිහාමි සිටින්නේ අන්ත අසරණවය. ඔවුන්ගේ ජීවිත ගලවා ගැනීමට ඇති එකම පිහිට මොල්ලිගොඩ බව ඇය මේ වනවිටත් දැන සිටින බව අරුමයක් නොවේ. මොල්ලිගොඩ තමාගේ සිතෙහි ඇඳී ඇති කුමාරිහාමිගේ රුව සිතෙන් රස වින්දේය. “එහෙනං වෙන්ඩ යන සංහධිය අයියණ්ඩි දන්නවා“ සුහද බවක් උවනට නඟාගත් කුමාරිහාමි මොල්ලිගොඩ දෙස බලා කීවාය. සාලයේ වාඩි වී කුමාරිහාමි පිළිබඳ සිතමින් සිටි මොල්ලිගොඩට ඇගේ කට හඩ ඇසුණේ සිහිනයෙන් මෙනි. දෙදෙනාගේ නෙත් හමුවූයේ අහම්බයෙනි. “ඔව්. රාජ සභාවේ මං විතරයි තව අත ඉස්සුවේ නැත්තේ“ මොල්ලිගොඩගේ නෙත්වල වූ බැල්ම දරාගත නොහැකි වූ බැවින් කුමාරිහාමි අහක බලා ගත්තාය. ඇහැළේපොළ සුදුකතක් සමඟ ඇති ඇයි හොඳයිය පිළිබඳ හෙළි කළ මොල්ලිගොඩව දවා අළු කරන බැල්මක් හෙලූ ඇය කතා කළේ ඇහැළේපොළ පිළිබඳ කිසිදා නොබිඳෙන විශ්වාසයකිනි. “මගේ පුරුෂයා ගැන කාටවත් වඩා හොඳට දන්නේ මමයි අයියණ්ඩි. අපට පුළුවන් උදව්වක් කරන්න.“ ඇගේ මුවෙන් ඒ වදන එළියට පැමිණෙන තුරු බලා සිටි යා මෙන් මොල්ලිගොඩ කිව්වේ අනෙකකි. “අවසන් වතාවට මං අහන්න ආවේ ඒක තමයි කුමාරිහාමි. ආඩම්බරකම පැත්තකින් තියලා දැන්වත් මගේ ළෙන්ගතුකම පිළිගන්නවද? මගේ අදහසට එකඟ වෙනවා නම් මරණයෙන් ගැළවෙන්න වුණත් උදව් කරන්නට මට පුළුවන්.” මොල්ලිගොඩගේ යටි අදහස ඉවෙන් මෙන් වටහාගත් කුමාරිහාමිගේ සිතට ඇතිවූ කෝපය පාලනය කරගත්තේ මහත් වැර වෑයමෙනි. “පතිව්‍රෘතාව ආරක්ෂා කරලා වැඩක් නෑ නංගි. තිට ගැලවුම් කාරයෙක් ඉන්නවානම් දැන් මේ මොල්ලිගොඩ විතරයි.“ එසේ කියමින් මොල්ලිගොඩ සෙමෙන් සෙමෙන් කුමාරිහාමිට ළං වූයේය. සිය පරම්පරාවේ ගර්වය ඉහළින් සැලකූ ඇය ඊටම උචිත හඬෙන් කතා කළා නොව අණ කළාය. “ඔහොම නවතින්ට මම දැන් සේවකයන්ට කතා කළොත් අයියණ්ඩි ලැජ්ජාවට පත්වෙනවා. ඒ නිසා තමන්ගේ ගෞරවය රැකගෙන ආපහු යන්ඩ. මම දරුවන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. මට මගේ කුල ගෞරවය වටිනවා.“ මොල්ලිගොඩ පසෙකට වූයේ අදහා ගන්නට බැරි යමක් සවන ගැටුණාක් මෙනි. “එහෙමද බලපිය තීටත් තීගේ පවුලේ අයටත් හෙට අනිද්දා අත්වන ඉරණම.“ තම අණට එකඟ කර ගැනීමට නොහැකි වූ නිසා ඔහුගේ සිතෙහි කුමාරිහාමි පිළිබඳ ඇතිවූයේ කෝපයකි. තම සිතෙහි වූ අදහස කිසිදිනෙක ඉටු කර ගැනීමට මේ ස්ති‍්‍රයාව ඉඩනොදෙන බව මොල්ලිගොඩට ඉඳුරාම පැහැදිලිය. “ඉරණමට මං මුහුණ දෙන්නම්. පිරිමිකමට නින්දා නොකර අයියණ්ඩි බහින්න ගෙයින් දොට්ට“ කුමාරිහාමිගේ ඉවසීමේ සීමාව අවසාන වූයේ ඇයටත් නොදැනීමය. මොල්ලිගොඩ පිටව ගියේ හිතනොහොඳීන් බව ඇය දත්තාය. ඈට ඇහැළේපොළට ද්‍රෝහිවීමට සිත ඉඩ නොදේ. හෙට දවස දංගෙඩියට බෙල්ල තියන්නට නියම ඉරණම විඳීන්නට කුමාරිහාමි සිත හදා ගත් නමුදු ඇයට දුක සිතුණේ තම දරුවෝ සිව්දෙනා පිළිබඳය. තවත් කොටසක් ලබන සතියේ... පසුගිය කොටස් 01 කොටස - උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග් 02 කොටස - කිළිකුණු ඇති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක් 03 කොටස - අනාගතේ මේ රට බේබද්දන්ගෙන් පිරිච්ච රටක් වේවි
04 කොටස -නුවර කලාවියේ
උන්ට නැති බදු සබරගමුවේ උන්ට
|



ඇහැළේපොළ සබරගමුවේ සිට හදිසියේම පැමිණියේ රජුගේ කැඳවීමකට අනුවය. කිසි දිනෙක නොවූ
අයුරෙන් රජු අසනා ප්‍රශ්නවලට සැලකිල්ලෙන් පිළිතුරු දුන් ඇහැළේපොළට රජුගේ සිතෙහි
හටගෙන තිබුණු නොමනාපය හඳුනා ගැනීමට වැඩි කාලයක් නොගියේය. බදු ප්‍රශ්නය ගැනත්,
මැණික් හා ඇත් දල ආදායම ගැනත් රජු හඟිස්ස වන්නට වන්නේ අනෙකෙකුගේ කේළමක් නිසා බව
ඔහුට දැන් දැන් පැහැදිලිය.
රජු තම අවසාන තීරණය ප්‍රකාශයට පත් කළේය. ඉන් මඳක් අසරණ වූ ඇහැළේපොළ නිහඬ වූයේ
කිසිවක් කියන්නට තමාට ඉඩ හසරක් නොවූ නිසාය. ඔහු රජුගෙන් අවසර ගෙන රාජ සභාවෙන් පිටත්
වූයේ දැඩිව සිතෙහි හටගත් කලකිරීම පිටතට පැමිණෙතැයි හටගත් සිතුවිල්ල පාලනය කිරීම
සඳහාය.
බටුගෙදර තනායම අසල වූ කම්මලෙහි ගජරාමයට වැඩ කරන කම්මල්කරුවකුගේ අත ඇත්තේ ඔටුන්නකි.
මෑණික් වැඩකරුවන් ලවා