|
|
මැලේසියානු නිළියක් MH 17 ගුවන් අනතුරින් මිය ගිහින්
සුභාෂිනි ජෙයරත්නම් නමැති 38 හැවිරිදි ඇය එරට රූපවාහිනි නිවේදිකාවක ලෙසත්, නර්තනවේදිනියක හා නිළියක ලෙසත් ප්‍රකටව සිටියාය. ‘සුබා ජෙයි’ යන නමින් පතළ ඇගේ සැමියා නෙදර්ලන්ත ජාතිකයකු වන අතර ඔවුන්ගේ දියණියට අවුරුද්දයි මාස 9 කි. ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණේ පවුලේ අය සමඟ සැමියාගේ නිවසට ගොස් එන අතරතුර මැලේසියාවට පියාසර කරමින් සිටියදීය. සිනෙස්ටාර් පදනමෙන් සත්කාර සේවා රැසක්සිනෙස්ටාර් පදනම මඟින් දේශිය කලාකරුවන්ගේ සත්කාර සේවා රැසක් වෙනුවෙන් නිල සහතික පත්‍ර සහ කාඩ්පත් භාරදීම මෙම මස 06 වැනිදා සවස නවලෝක රෝහල් පරිශ්‍රයේ පිහිටි දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස ශ්‍රවණාගාරයේදී සිදු වේ. මේ සඳහා සිනෙස්ටාර් පදනම සහ දිවයිනේ සංගීත ක්ෂේත්‍රයේ නියැලෙන සියලුම කලාකරුවන් ඇතුළත් වනු ඇත. එහිදී එදින ක්‍රියාත්මක කෙරෙන වැඩ කටයුතු මෙසේය. ඒ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීම, විශේෂ වට්ටම් ක්‍රමය යටතේ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ ලබා ගැනීමට තරු බුහුමන් කාඩ්පත පිරිනැමීම, පෞද්ගලික සුපර් මාර්කට් ආයතන ජාලයක් මගින් අළෙවි කරන භාණ්ඩ විශේෂ අනුග්‍රාහක මට්ටම් ක්‍රමයක් යටතේ මිල දී ගැනීමට ජ්‍යෙෂ්ඨ පුරවැසි ගරුසරු කාඩ්පත පරිත්‍යාග කිරීම, නවලෝක රෝහල මගින් සලසා ඇති ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණවලදී විශේෂ වට්ටම් ගත හැකි ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමයි. |



මෑතකදී මිසයිල ප්‍රහාරයකින් යුක්රේන අහසේදී විනාශ වූ ර්ඩ් 17 මැලේසියානු ගුවන්
යානයේ මැලේසියානු නිළියක ද සිය සැමියා හා දියණිය සමඟ මරණයට පත් වූ බව වාර්තා වේ.