|
|
නර්තනය මගේ ජන්ම ගත පුරුද්දක්සුපිරි හපනා තෝරාදුන් රංගනා ආරියදාස ගැන අලුත් කතාවක්
ඔබ කරළියට රැගෙන පැමිණෙන මේ නැවුම් කටයුත්ත ගැන යමක් කියමුද? මම නර්තන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වනවිට වසර තිහක්. එතෙක් මා බොහෝ කටයුතු කළේ කිසිදු ශබ්දයක් නඟන්නේ නැතිවයි. ඒත් මේ සියලු දේ එකම තැනකට එක්තැන් කළයුතු බවක් සිතුණා. ඒ අනුවයි මෙතෙක් කළ නිර්මාණ ඇතුළුව සියලු කටයුතු ඇතුළත් කරමින් www.ranganaariyadasa.com යන නමෙන් වෙබ් අඩවියක් විශ්වගත කරන්න සිතුවේ. ඒ සඳහා හොඳම දිනය ලෙස මා තෝරා ගත්තේ මගේ උපන්දිනය යෙදෙන දවසයි. එදින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන මේ කටයුත්තට දේශපාලන, කලා, ආදී විවිධ අංශ නියෝජනය කරමින් ප්‍රභූවරු පිරිසක් හා මගේ පවුලේ අයත් සහභාගි වීමට නියමිතයි. එදිනට පැමිණෙන බොහෝදෙනා කලකට ඉහත මාව දැක ඇත්තේ කුඩා ළමයකුව සිටි කාලයේ. එහෙත් ඒ කාලයේ මා නර්තනයෙහි යෙදෙන දුටු ඔවුන්ට මාව වසර ගණනකට පස්සේ දකින්නට ලැබෙන්නේ වැඩිහිටියකු ලෙසයි. මේ අතර එසේ මා කුඩාකල නර්තනයෙහි යෙදෙන විට පැමිණි ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ද මේ උත්සවයට පැමිණේවි. එදිනට මගේ නිර්මාණ ඇතුළත් නර්තන අංග කිහිපයක් ද කරළියට පිවිසීමට මඟ බලාගෙන සිටිනවා. මගේ කටයුතුවලට හදවතෙන්ම අශිර්වාද කරන ඒ සියලුදෙනාම එදිනට මේ කටයුත්තට පැමිණේවි යැයි මා සිතනවා.
නර්තන ආචාර්යවරියක් ලෙස ඔබ කලඑළි මංගල්ලයක් පවත්වන්නේ නැතිව වෙබ් අඩවියක් විවෘත කරන්න සිතුවේ ඇයි? මෙතුවක් කල් මා කළ දේ දුටුවේ ශ්‍රී ලාංකිකයන් පමණයි. මේ නිසා වසර තිහක කාලයක් ඇතුළත මා කළ දේත් සමඟ ජාත්‍යන්තරයට යන්නට අවශ්‍ය කාලය මේ බවයි මා සිතන්නේ. ඊට ඉඩදෙමින් මා වෙබ් අඩවියක් විවෘත කිරීමේ තීරණයට පිවිසියා.
ඔබගේ මව වන පද්මිණී දහනායකත් නර්තන ආචාර්යවරියක්. ඔබ මේ කරන්නේ පරම්පරාගත උරුමය රැක ගැනීමක් ද? මා නර්තනයට පිවිසීමේ මූලික අඩිතාලම වැටෙන්නේ මව් කුසයේ සිටියදී බවයි වගේ විශ්වාසය වන්නේ. ඒ මගේ අම්මා තම කුසට මාස හතක් තරම් වයස කාලයේ නර්තනයේ යෙදුණු මහවැලි ගීත නාටකයෙන්. එතැනින් අරැඹුණු නර්තනයට ප්‍රවිශ්ටයක් ලැබෙන්නේ මට වසර තුන හමාරක කරම් කුඩා කාලයේදියි. ඒ ළදරු පාසලේ විවිධ ප්‍රසංගයක දී කළ ‘එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ’ ගීතයට කළ නර්තනය මගින්. මගේම නිර්මාණයත් වූ එය බොහෝදෙනාගේ ප්‍රසාදයට හේතු වුණා. ඒ නිසා මට තිබෙන දක්ෂතාව මා හඳුන්වන්නේ පරම්පරාගත උරුමයකටත් වඩා මා ලත් ජන්මගත පුරුද්දක් වශයෙන්. ඒ ජන්මගත පුරුද්ද වර්ධනය වුණේ අම්මාත් සමඟ ඇගේ නර්තන පංතිවලට සහභාගි වීමෙන් යැයි මා සිතනවා. ඉන් පස්සේ මගේ පළමු භරත නාට්‍යම් මංගල්ලය පැවැත් වෙන්නේ 1982 වර්ෂයේ. එතැනින් පසුවයි මා නර්තනය ඉගෙන ගැනීම ආරම්භ කරන්නේ.
ඒත් වර්තමානයේදී බොහෝදෙනා පවසන්නේ කලඑළි මංගල්ලයක් පැවැත් වෙන්නේ ප්‍රවීණත්වයට පත් වූ පසුව බව නොවේ ද? එවැනි මතයක් ගොඩනැඟී ඇත්තේ වර්තමානයෙයි. නමුත් එකල අදහස් කළේ ආධුනිකයකු ලෙස සිටි අයකු ටිකෙන් ටික ඉගෙන ගැනීම ආරම්භ කරන්නේ එවැනි කලඑළි මංගල්ලයකින් පසුව බවයි. ඒ කාලය පළපුරුදු ශිල්පිනියක් බවට පත්වන කාලය බවත් මා විශ්වාස කරනවා.
ඔබට හැකියාව තිබෙන්නේ භරත නාට්‍යම් නර්තනයට පමණක් ද? මියුසියස් කාන්තා විද්‍යාලයේ ඉගෙන ගත් මට මගේ මව ඉගෙන ගත් ඉන්දියාවේ නර්තන පාසලේම භරත නාට්‍යයම් හදාරන්න අවස්ථාව හිමිවුණා. ඊට පෙර රාජ්‍ය සම්මාන ලත් ‘පියාඹන අස්සයා’ වේදිකා නාට්‍යයේ රඟපෑවා. ඉංගීි‍්‍රසි ටෙලි නාට්‍ය කිහිපයකමත් චරිත රඟපෑමට මට හැකි වුණා. පකිස්ථානු චිත්‍රපටයක නර්තන ඉදිරිපත් කළා. ‘හතරමහ නිධානය’ චිත්‍රපටයේ (අලුත් සංස්කරණයේ) ලතා වල්පොළ ගයන ‘මාතා මාතා’ ගීතයට නර්තනය ඉදිරිපත් කිරීමෙන් සිනමාවට පිවීසීමටත් මා වාසනාවන්ත වූවා. ඒ සියලු කටයුතු අතර උඩරට නර්තනය පියසාර ශිල්පාධිපති යටතේත්, පහතරට නර්තනය වත්මන් පීඨාධිපති ආරියරත්න කළුආරච්චි යටතේත්, කථක් නර්තනය ශ්‍රීමා රසාදරී හා ජයසේන කෝට්ටෙගොඩ යන ගුරුතුමන්ලා හා ගුරුතුමිය යටතේ උගත්තා. ඒ සියල්ල ඉගෙන ගත්තත් මූලික ලෙසම මගේ අවධානය යොමුවුණේ භරත නාට්‍යයම් සඳහායි.
මේ කටයුත්ත ඔබගේ ජීවිතයේ සංදිස්ථානයක්ද? බොහෝ දෙනෙක් මගෙන් අහන කාරණයක් වන්නේ ඔබ මෙතනට එන්න මේ තරම් කාලයක් ප්‍රමාද වුණේ මන්ද කියායි. අනෙක් අයට වගේ ඉක්මනින් මට මෙතනට එන්න අවශ්‍ය වුණේ නැහැ කියන එක මගේ පිළිතුරයි. ඒ වගේම මට අභියෝග ඇත්තේ නැහැ. ඉලක්ක ඇත්තේත් නැහැ. අනෙක් අයව පෙරළා දමමින් ඉදිරියට පැමිණෙන්න මට උවමනා නැහැ. ඒ නිසා මා මේ ගමන සෙමෙන් ආවා. ඒ නිසා මේ කටයුත්ත මගේ ජීවිතයේ සංදිස්ථානයක්.
බොහෝ නර්තන ආචාර්යවරුන් නර්තනයෙහි යෙදෙන අයුරු දකින්නත් නොහැකි තරම්. එමෙන්ම ඔවුන් දුටු වනම නර්තන ශිල්පිනියක් ද කියන සැකයක් අපට පහළ වෙනවා?
ඔබ ආචාර්යවරියක් ලෙස ගුරු මුෂ්ටිය තබාගෙන උගන්වන්නියක්ද? මා හිතන්නේ එය කිසිම ආචාර්යවරයෙකු නොකළ යුතු දෙයක් ලෙසයි. ශිල්පය පිළිබඳ තිබෙන සියලුම දේ මා ඉගෙන ගන්න ළමයින්ට ලබා දෙන්නේ කිසිම මසුරුකමක් සිතේ තබාගෙන නොවෙයි. එහෙම නොවුණොත් අනාගතයේදී මේ ශිල්පය විනාශයට පත් වේවි.
ප්‍රසංග වේදිකාවල ඔබ දකින්නට නොහැකියි? මා සහභාගි වන්නේ තෝරා ගත් ප්‍රසංගවලට පමණයි. නර්තනය මා කරන්නේ විනීදාංශයක් ලෙස මිස වෘත්තියක් ලෙස නෙවෙයි. ප්‍රසංග වේදිකාවල නිතරම මා නොදකින්න හේතුව එයයි. ඒත් මා චිත්‍රපටවලට නර්තනයෙන් දායකවීමේ කැමැත්තෙන් සිටිනවා. ඒ ඵලදායි ආකාරයෙන්.
පවුලේ විස්තර පිළිබඳව කිවහොත්? මගේ සැමියා පාලිත උදය කුමාර. ඔහු ගණකාධිකාරීවරයෙක් විදියට සේවය කරනවා. එකම දියණිය තොරාෂි තිලෝත්තමා උදය කුමාර. ඇයත් කලා ලෝකයට සම්බන්ධයි. ඒ රංගනයෙන්. නර්තනයේ යෙදුණත් නර්තනය පිළිබඳ ඒ කාලයේ මගේ වයසේ තිබුණු උනන්දුව ඇයට නැහැ. නර්තනය කියන්නේ බලෙන් දෙන්න පුළුවන් දෙයක් නොවෙයි. තමන්ගේ ඇඟෙන්ම එන්න ඕනෑ දෙයක්. එහෙත් ඈ අධ්‍යාපන කටයුතුවල දක්ෂ ලෙස නියැළෙනවා. ඒ අංශයෙන් ඈ ඉදිරියට යාවි. |



රංගනා ආරියදාසගේ නිර්මාණ කටයුතු රැගත්
www.ranganaariyadasa.com වෙබ් අඩවිය මේ මස
31 වැනිදා පස්වරු 5.00 ට කිංස්බරි හෝටලයේ දී විශ්වගත කෙරෙයි. නර්තන ශිල්පිනියක් ලෙස
ඔබ හමුවට පැමිණි රංගනා ආරියදාස කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ ඉන්දියානු හා
ආසියානු අධ්‍යයන අංශයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ ආචාර්යවරියක් ලෙස දරු - දැරියන්ට
සිය දැනුම බෙදා දෙන්නියකි. පසුගිය කාලයෙහි ස්වාධීන රූපවාහිනියේ ‘සුපිරි හපනා’
රියැලිටි වැඩසටහනේ විනිශ්චයකාරියක් ලෙස නරඹන්නන් අතර ප්‍රකට වූ ඇයගේ කලා ගමනත්,
වර්තමානයේ කෙරෙන නැවුම් කටයුත්ත පිළිබඳත් සරසවිය කළ සාකච්ඡාවකි.
ඉන්දියාවේ ඉඳලා ආව ගමන්ම මම කළේ නර්තන ශිල්පිනියක් ලෙස නර්තනයෙහි යෙදීමයි. ඊට
කාලයකට පසුවයි මා නර්තන ගුරුවරියක් වන්නේ. කාලයක් ගත වෙලා මේ තනතුරට පත්වුණත් මම
නම් තවමත් නර්තනයෙහි යෙදෙන්නට කැමැතියි. කාලයකදී අපට නර්තනයෙහි යෙදිය නොහැකි වේවි.
එතෙක් අප නර්තනයෙහි යෙදිය යුතුයි. බොහෝ දෙනෙක් අදටත් මාව දන්නේ නර්තන ශිල්පිනියක්
ලෙස මිස නර්තන ආචාර්යවරියක් ලෙස නොවෙයි. ඔබ ඔය විමසන අනෙක් ගැටලුව අද බොහෝ නර්තන
ශිල්පිනියන්ට තිබෙන ගැටලුවක්.