එම්. එස්. හඬින් කේ. එම්. එස්
එම්. එස්. හඬින්
කේ. එම්. එස්
බයිලා ගී ලොවේ චක්‍රවර්ති ලෙස කිරුළු පැලඳුවේ එම්. එස්. ප්‍රනාන්දුය. මේ ඒ ගී හඬට
සමීප වූ ගී ස්වරයකි. ඔහු එම්. එස්. ප්‍රනාන්දු නොවන මුත් කේ. එම්. එස්. ප්‍රනාන්දු
වෙයි.
ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායකයෙකු ද, සංගීත සැඳෑවන්හි ගායකයෙකු ද වන කේ. එම්. එස්.
ප්‍රනාන්දු වේග රිද්ම ගීත ගැයීමෙහි සුදක්ෂය.
ඔහු සන්ෆ්ලවර්, මේරියන්ස්, සන්ෂයින්, ෂිලනියස් හා සියනෑ වැනි සංගීත කණ්ඩායම්වල ගීත
ගායනා කර ඇත්දැකීම් ඇත්තෙකි. මෑතකදී රෙජිනෝල්ඩ්ි කුරේ අමාත්‍යවරයාගේ ජීවිත කතාව
බයිලා ගීතයකින් එළි දැක් වූ ඔහු ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය
මහතාගේ ‘අග්නි කංකාරිය’ ටෙලි නාට්‍ය මාලවේ සහය කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු
කළේය.
ඔහු 90 දශකයේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයට ඉල්ලුම් කර සී ශ්‍රේණීයේ
සාමාර්ථයක් ලබා ගත්තේය.
ෂෙල්ටන් මුතුනමගේ, ප්‍රියංකර පෙරේරා, මයිකල් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එඩ්වඩ් –
චරිතා වැනි ගායකයන්ගේ සමකාලීන ගායකයෙක් වන කේ. එම්. එස්. ප්‍රනාන්දු යුද සමයේදී
ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් උපහාර ගී ගායනා කර වඩාත් ප්‍රචලිත විය.
ඔහුගේ ගායන ගමන් මඟ එළිපෙහෙළි කිරීමට ඒ. එල්. කාසීම්, මැණික් ගුරුගේ, ලයනල් සිල්වා,
ඒ. ජේ. කරීම්, සරත් ද අල්විස්, නෙවිල් පෙරේරා, චිත්‍රා කුමාරි පත්තප්පෙරුම වැනි
අයගෙන් ලැබුණු සහයෝගය සුවිශාලය.
අමානි ඉරේෂිකා
ඡායාරූපය -
මාලන්
|