|
|
රාජේශ් ඛන්නාගේ භූත බංගලාව අඩු මිලට විකිණේ
කලා පුරයක් බඳු කාටර් වීදියේ පළමු සුපිරි තරුවකගේ උණුසුම ලැබූ සුවිසල් මන්දිරයක් මෙතරම් අඩු මුදලකට විකිණීම වැඩි දෙනකු මවිත කළ කරුණකි. එහෙත් ඊට සාධාරණ හේතු ගණනාවක්ම බලපා තිබේ. නිවෙස පිහිටි භූමියේ කුඩා බව සේම භූත බංගලාවක් ලෙස ‘වර්ධන් ආශිර්වාද්’ ගැන කථා පැතිරීම ඉන් ප්‍රධානය. නිවෙස විකිණී අවසන් වෙනතුරුම දෙපාර්ශ්වයම මුණිවත රකින ලදී. නිවෙස මිලදී ගෙන ඇත්තේ ශෂී ෂෙට්ටි නම් ව්‍යාපාරිකයෙකි. ‘වර්ධන් ආශිර්වාද්’ ගොඩ නගා ඇත්තේ තවදුරටත් වර්ධනය කළ නොහැකි ලෙසනි. හතරැස් සැතැප්ම 603 ක ගොඩනැගිල්ල ඉදි වී තිබේ. දැන් සංගීත් සම්රත් නෞෂාද් අලි මාවත ලෙසින් හඳුන්වන කාටර් වීදියේ පළමු නිවෙස රාජේශ් ඛන්නාගේ නිවහනයි. සංගීත අධ්‍යක්ෂ නෞෂාද් ද මේ පෙදෙසේ පදිංචිකරුවකු වූ නිසා ඔහුගේ නමින් මාවත නම් කර තිබේ. මුලින්ම, එනම් රාජේන්ද්‍ර කුමාර් නම් ජනප්‍රිය නළුවාට මේ නිවෙස හිමිව තිබූ කාලයේ නිවෙස හඳුන්වා ඇත්තේ ‘ආශිර්වාද්’ කියායි. රාජේශ් ඛන්නාට ද ඒ නමම දිගට පවත්වාගෙන යාමට අවශ්‍ය විය. එහෙත් රාජේන්ද්‍ර කුමාර්ට ඒ නමින්ම තවත් බංගලාවක් තිබූ නිසා ඊට එරෙහි වී තිබේ. පසුව රාජේශ් බිරිය, නිළි ඩිම්පල් කපාඩියා නිවහනට ‘වර්ධන් ආශිර්වාද්’ නම තබා ඇත. රාජේශ් ඛන්නා, රාජේන්ද්‍ර කුමාර්ගෙන් නිවහන මිලදී ගෙන ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 3.5 කටය.
ට්වින්කල් ඛන්නා සහ ඇයගේ නළු සැමියා අක්ෂේ කුමාර් මේ ගැන කිසිවක් නොපවසති. සුපිරි නළුවා මිය ගිය අලුත ‘වර්ධන් ආශිර්වාද්්’ ‘රාජෙශ් ඛන්නා කෞතුකාගාරය’ බවට පත් කරන බව ට්වින්කල්, රින්කි දියණිවරුන් පැවසුවත් පසුව ඒ අදහස මල්පල දැරුවේ නැත. |



හින්දි සිනමාවේ පළමුවැනි සුපිරි තරුවේ ආලෝකයෙන් බැබලුණු ‘වර්ධන් ආශිර්වාද්’ රුපියල්
කෝටි 90 – 95 අතර ගණනකට විකුණු රහසිගත පුවත තවදුරටත් රහසක් නොවෙයි. රාජේශ් ඛන්නා
ජීවිතයේ අවසන් දින කිහිපය ගත කළේ මේ නිවෙසෙයි. ඔහු මිය ගොස් දෑවුරුද්දක් සපිරෙන්නට
දිනක් දෙකක් තිබියදී නිවෙස අලෙවි විය.
2012 ජූලි 18 රාජේශ් ඛන්නා ජීවිතයෙන් සමු ගැනීමත් සමඟ නිවෙසේ උරුමය පැවරුණේ
ට්වින්කල්, රින්කි දියණිවරුන්ටයි. එහෙත් රාජේශ් ඛන්නාගේ අවසාන පෙම්වතිය වූ අනිතා
අද්වානි ද දේපළ උරුමය ඉල්ලා හඬ නැඟුවාය. තවමත් ඇය සටන අත්හැර නැත.