වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර රියල් ස්ටාර් අරුණි

මෙවර රියල් ස්ටාර් අරුණි

රණවිරු රියල් ස්ටාර් සිව්වැනි අදියරේ අවසන් මහ තරගය පසුගියදා නිමාව දුටුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් අරුණි ද සිල්වා රියල්ස්ටාර් ලෙස අභිසෙස් ලබමිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට දේශාන් දයාරත්න මෙහි අනු සූරතාවය දිනාගත් අතර නාවුක හමුදාවේ වෛද්‍ය සහායක සුමින්දු රිෂි තෙවැනි තැන හිමිකර ගන්නා ලදී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ රණවිරු රියල්ස්ටාර් සිව්වැනි අදියර සංවිධානය කොට තිබුණේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙනි.