වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නැටුවා පමණයි - රැයක් හිටියේ නැහැ

නැටුවා පමණයි - රැයක් හිටියේ නැහැ
 

මල්ලිකා ෂෙරාවත් බන්දෙරාස් ගැන කියයි

මල්ලිකා ෂෙරාවත් බොලිවුඩයෙන් හොලිවුඩයට ගිය තාරකාවකි. ඇයගේ අලුත්ම සූදානම හොලිවුඩයටම දීගයක යාමට ද? සුප්‍රකට ස්පාඤ්ඤ නළු අන්තෝනියෝ බන්දෙරාස් සමඟ කාන් උළෙලේ දී කළ නර්තනය සමඟ දෙදෙනා පිළිබඳ පැතිරෙන කට කතා බොහොමයි.

ඇන්තෝනියෝ, බිරිය ග්‍රිෆ්‍රිත්ගෙන් වෙන් වූ පසු මේ ආරංචිවලට තටු ඇවිත් ඇත. එහෙත් මල්ලිකා නම් ට්ව්ටර් ගිනුමෙන් කියා සිටින්නේ ‘මගේ පාඩුවේ ඉන්න දෙන්න’ කියායි. මේ කට කථාවට තටු දී ඇත්තේ ලොස් ඇන්ජලීස් මෝස්තර නිරූපණ ශිල්පී ඉවන් බිට්න්ය. ඔහු දෙදෙනාගේ නර්තනය රැගත් වීඩියෝ පටයක් වෙබ් අඩවියට මුදාහැර තිබේ.

මල්ලිකා පවසන අන්දමට ඇය අන්තෝනියෝ සමඟ එක් රාත්‍රියක්වත් ගතකර නැත. ඔහු ඉතා හොඳ, නර්ථනයට දක්ෂ කෙනකු ලෙස පමණක් ඇය ඔහු දකියි.

2003 වසරේදී ‘ක්වාහිෂ්’ සමඟ බොලිවුඩ් රංගනයට එක් වූ ඇයට අන්තර් ජාතික වාසනාව ගෙනාවේ ජැකී චෑන් සමඟ ‘ද මිත්’ (2005) සිනමාපටයේ රඟපෑ පසුවයි.