සනත් අබේසේකරගේ අලුත් චිත්‍රපටයේ සම නිෂ්පාදනය රවීන්ද්‍ර ගුරුගේ සුනිල් ටී.
ප්‍රනාන්දු එක්වෙයි
සනත් අබේසේකරගේ
අලුත් චිත්‍රපටයේ
සම නිෂ්පාදනය රවීන්ද්‍ර ගුරුගේ
සුනිල් ටී. ප්‍රනාන්දු එක්වෙයි
චූලෝදර මහෝදර තිරයට
![](suni-t.jpg)
ක්‍රි. පූ. හයවැනි සියවසේ මෙරට රජ කළ මණිඅක්ඛිත සහ මහෝදර චූලෝදර නා රජවරුන්ගේ ජීවිත
කතාවන් ඇසුරෙන් දැවැන්ත ඓතිහාසික සිනමා පටයක වැඩකටයුතු ළඟදීම ඇරැඹෙනු ඇත.
සුනිල්
ටී. ප්‍රනාන්දුගේ හැටඑක්වැනි සිනමා නිෂ්පාදනය වන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සනත්
අබේසේකර විසිනි. සුනිල් ටී. සමඟ රවීන්ද්‍ර ගුරගේ සහ සනත් අබේසේකර මෙහි සම
නිෂ්පාදකවරුන්ය.
මහෝදර චූලෝදර හී පිටපත කැලණි විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද
බුද්ධරක්ඛිත, පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද සහ ජනාධිපති ආගමික කටයුතු
සම්බන්ධීකාරක පූජ්‍ය ගලගම ධම්මරංසි යන හිමිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිමවන අතර
උන්වහන්සේලාගේ ආශිර්වාදය මත මෙම සිනමා කෘතිය නිර්මාණය වනු ඇත.
- ප්‍රසාද්
|