හැම දිනකම කොහා ඇවිත්
හැම දිනකම කොහා ඇවිත්
ගේයපද රචක, මාධ්‍යවේදී
සමන් චන්ද්‍රනාත් වීරසිංහ![](chandranath-20140703.jpg)
නිවෙසට වී සිටින මම උදේට නැඟිටලා පළමුව කරන්නේ කුරුල්ලන්ට කෑම දැමීමයි. කෑම ලෑල්ලට
එන කුරුල්ලන් අතර ඉන්න කොහා නිතරම වගේ මගේ නෙත ගැටෙනවා. අවුරුද්දට විතරක් කොහා නාද
කරන වග අසා ඇති නමුත් සෑම දිනෙකම වගේ කොහාගේ නාදයට මම සවන් යොමු කරනවා.
පසුගිය
කාලයේ අලුත් පරපුරට ගීත කිහිපයක්ම රචනා කළා. කාලයකට පස්සේ ධම්මිකා බණ්ඩාරටත් ගීතයක්
ලිව්වා. ඒ අතරම චිත්‍රපටවලටත් ගීත ලිව්වා.
|