ගජමුතු යාය වැඩ අරඹයි
ගජමුතු යාය වැඩ අරඹයි
මොහාන් නියාස් ගේ අලුත් නිර්මාණය
![](Mohanniyas-20140703.jpg)
මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ගජමුතු යාය ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා
නුගේගොඩ සංහිඳ හෝටලයේදී පැවැත්විණ. අලි මිනිස් ගැටුම පාදක කරගනිමින් නිර්මාණය වන
මෙහි ක්ලීටස් මෙන්ඩිස්, ඩග්ලස් රණසිංහ, ජී. ආර්. පෙරේරා, දුලානි අනුරාධා, ජගත්
මනුවර්ණ, සනත් විමලසිරි, මිහිර සිරිතිලක, චමින්ද වික්‍රමසිංහ, රෝහිත මාන්නගේ ඇතුළු
නළු නිළියන් චරිත මවති.
නිශ්ශංක ගුණසුමනගේ සහය අධ්‍යක්ෂණයකි. රොෂාන් ජයසුන්දර නිෂ්පාදන කළමනාකරුය. රොෂාන්
පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන් එක්වෙති. චමින්ද වික්‍රමසිංහ නිෂ්පාදන සම්බන්ධීකාරක
වරයාය.
ගජමුතු යාය පවිත්‍රා ජයසේකරගේ නිෂ්පාදනයකි. ජගමුතු යායේ පිරිවර මුහුරන් උළෙලදා සමූහ
ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.
- ප්රසාද්
|