පුඤ්ඤසෝමට පස්සේ ක්ලීටස් ගේ පරපුර එයි
පුඤ්ඤසෝමට පස්සේ ක්ලීටස් ගේ පරපුර එයි
![](parapura-20140703.jpg)
අපට සිටින විශිෂ්ට රංගන ශිල්පියකුවන ක්ලීටස් මෙන්ඩිස් පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලැබු
සිනමා සිතුවම ‘පරපුර’ මේ දිනවල අති සාර්ථකව තිරගතවන කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා
පටයෙන් පසු රීගල්, ලීඩෝ ඇතුළු සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට
නියමිතය.
රිසිල ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන පරපුර හී සම නිෂ්පාදකවරයා වනුයේද ක්ලීටස්ය.
රන්ජන් රාමනායක, කාන්චනා මෙන්ඩිස් ප්‍රධාන චරිත මවන මෙහි රවීන්ද්‍ර රන්දෙණිය, සනත්
ගුණතිලක, ජීවන් කුමාරණතුංග, දිල්හානි ඒකනායක, නීටා ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, තිලංග
විදූෂ පතිරණ (චිලී) පාලිත සිල්වා සමඟ හඳුන්වා දෙන ඩිලංග මෙන්ඩිස්, මල්ෂා කුමාරණතුංග
ඇතුළු නළු නිළියන් සෙසු චරිත මවති.
කැමරාව ලලිත් තෝමස් ගෙනි. ලාල් පි‍්‍රයදේවගේ තිර රචනයකි. කතාව සහ දෙබස් රාජසිංහ
ලෝලුවාගොඩගෙනි. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. නිහාල් සංජය ගේ ප්‍රචාරක
සැලසුම්කරණයකි.
|