|
|
||
|
![]() |
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වසර ගණනකට පසුඇල්ෆ්‍රඩ් හමු වී |
ඔන්න තවත් දවසක් පාර්මේන්තුවේ භාෂා පරිවර්තක කුටියේ මම ඉන්නවා. එවක කැලණියේ මන්ත්‍රී ආර්. එස්. පෙරේරා මහත්තයා වේගවත් කතාවක් කරන්න නැඟී සිටියා. මම තමයි දැන් වීදුරු කුටියේ ඉඳල ඔහුගේ කතාව පරිවර්තනය කරන්නේ. දැන් මන්ත්‍රීතුමා මෙන්න මෙහෙම වේගවත් කතාවක් කළා.
ගරු කතානායකතුමනි,
අපේ රජයට විරුද්ධව නොයෙක් වැඩ කරන රජයේ සේවකයෝ ඉන්නවා. මේ උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයෙත් ඉන්නවා. ඒ පාර එක පාරට නැඟී හිටියේ එවක හක්මන මන්ත්‍රී රෝයි රාජපක්ෂ මහත්තයා කවුද? කවුද? ඔය ඉන්නව කියන අය කියල ඇහුවා. ඒ පාර ආර්. එස්. පෙරේරා මන්ත්‍රීතුමා කියනවා මම ඉන්න වීදුරු කූඩුවට අත දික් කරලා අන්න අර වීදුරු කූඩුවේ වැඩ කරන ඇල්ෆ්‍රඩ් පෙරේරා කියලා කිව්වා. දැන් මන්ත්‍රීතුමා එහෙම කියන කොට මම ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. ඒ පාර රෝයි රාජපක්ෂ මහත්තයා ඇහුවා ඔහු ද මේ රජයට විරුද්ධව වැඩ කරන්නේ කියලා. ඒ පාර ආර්. එස් පෙරේරා මහත්තයා කියනවා මෙයා කොළ පාට කමිසයක් ඇඳගෙන දළුගම පල්ලිය වටේ කම්බි ගැහුවා කියලා.
දන් මට විරුද්ධව කියන දේත් මම පරිවර්තනය කරනවා. මේ හැම දෙයක්ම එදා හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් වෙලා තියෙනවා. මමත් කැලණියේ පදිංචි කෙනෙක්. ආර්. එස්. පෙරේරාත් කැලණියේ. මගේ පියා සමඟ තිබූ අමනාපයක් මත තමයි ඒ විදියට මට දෝෂාරෝපණය එල්ල කරලා තිබුණේ. පස්සේ දවසක ඒ වෙච්ච වැරැද්දට ඔහු මගෙන් සමාවත් ඉල්ලුවා. ඒ කාලේ ගුණදාස ලියනගේ කළ සඟරාවක මේ සිද්ධිය වාර්තා කරලා තිබුණේ මෙන්න මෙහෙම. තමාට විරුද්ධව පැවැත් වූ කතාවක් තමාම පරිවර්තනය කළ ලෝකයේ ප්‍රථම කතා පරිවර්තක ඇල්ෆ්‍රඩ් පෙරේරා විය හැකියි කියාය.
ඔන්න අපේ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයන්ගේ අඩුවක් පුරවන්න තව කීප දෙනෙක් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. ඒ පරීක්ෂණ මණ්ඩලයට සෑම් විජේසිංහ, සී. ඩබ්ිලිව්. පන්නිල යන මහත්වරන් හා මම සහභාගි වී හිටියා. ඒ පරීක්ෂණයට සෝමපාල කියලා කෙනෙක් ඇවිත් හිටියා කතා පරිවර්තක තනතුරට ඉල්ලුම් කරලා. ඒ කාලේ මතයක් තිබුණා සෝමපාල කියන්නේ සාමාන්‍යයෙන් කොණ්ඩෙ බැඳපු අයට කියලා. ඉතිං මම සෑම් මහත්තයටත් පන්නිල මහත්තයටත් හෙමින් කිව්වා සෝමපාලයෙක් ඇවිත් කොණ්ඩයෙක් ද දන්නේ නෑ කියලා. කොහොම හරි මේ කතාව මම කියනවා සෝමපාලට ඇහිලා තියෙනවා. කොහොම හරි ඒ. වී. සෝමපාල එදා ඉන්ටවු එකෙන් සමත් වෙලා අපිත් සමඟ වැඩ කරන්න පාර්ලිමේන්තුවට ආවා. ඒ ඇවිත් ඒ. වී. සෝමපාල මම පාර්ලිමේන්තුවේ වැඩ කරනකම්ම කිව්වේ ඇල්පියෝ එහෙනම් උඹ මට කොණ්ඩය කිව්වා එහෙනම් කියාය.
ඉතිරි කොටස ලබන සතියේ...



බැනපු කතාවත්
පරිවර්තනය කළා