වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




විෂ්ණ සංක්‍රාන්තිය ළඟදීම

විෂ්ණ සංක්‍රාන්තිය ළඟදීම

ඇන්ජලා කුරුප්පු නිෂ්පාදනය කරන තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘විෂ්ණ සංක්‍රාන්තිය’ ළඟදීම විකාශය වීමට නියමිතය. මෙහි නදීෂා හේමමාලි, බිමල් ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි, සම්පත් ජයවීර, දමිතා අබේරත්න, බුද්ධදාස විතානආරච්චි, නලින් ප්‍රදීප් උඩුවෙල, නිලන්ති විජේසිංහ, ප්‍රතිභා හෙට්ටිආරච්චි, රහල් බුලත්සිංහල, පවිත්‍රා වික්‍රමසිංහ, සෝමසිරි කොළඹගේ ආදී නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකේය ගැමි ජන සමාජයේ පැවැති ජීවිතය සහ මරණය පිළිබඳ ඇති කුතුහලයත්, පැරැණි මන්ත්‍ර ගුරුකම් සහ මිථ්‍යා විශ්වාස පිළිබඳ ඔවුනොවුන් අරගලයට හා පරීක්ෂාවට ලක් වූ ආකාරයත් ‘විෂ්ණ සංක්‍රාන්තිය’ නිර්මාණයෙන් පිළිබිඹු වෙයි.