වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්වින් ආරියදාසයන්ට සාහිත්‍ය සූරි උපාධිය

එඩ්වින් ආරියදාසයන්ට සාහිත්‍ය සූරි උපාධිය

මෙරට ජීවත්වන ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු වන කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය සූරී උපාධියෙන් පිදුම් ලබයි. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව් පැවති විශේෂ උත්සවයකදී ඔහුට මෙම සම්මානය පිරිනමන ලදී.

කලක් ලේක්හවුස් ආයතනයේ නවයුගය සඟරාවේ කතු පදවිය හෙබ වූ ආරියදාස මහතා මාධ්‍ය ජීවිතයට එක් වූයේ 1947 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර් පුවත්පතිනි. සමාජ මෙහෙවරක නියැලි ආරියදාසයන් ලද මෙම සම්මානයට සරසවිය අපි සුබපැතුම් මෙසේ ගෙන එන්නෙමු.