|
මිල්ටන් අංක එකට සැලකුවේ මනුස්සකම
බිරිය බියටි‍්‍රස්
ප්‍රවීණ කලා ශිල්පී මිල්ටන් ජයවර්ධනයන් පිළිබඳ මතකය අතරට එක්වී
දියවන්නා ගං කුමරිය තම වරලස විහිදා නිසංසලේ ගලා බැස්සේ හාත්පස පරිසරයම සිසිල් කරමිනි. ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයත්, දියවන්නාවත් අතර පිහිටි කෝට්ටේ ජීවත් වූ ශ්‍රීමතී ජයවර්ධන සහ ඩබ්ලිව්. ඩී. ජයවර්ධන යුවළගේ කුලුඳුල් දරුවාද ඉපදුනේ මේ පින් බිමේය.
දඟකාර කොලු ගැටයකු වූ මේ දරුවා මූලික අධ්‍යාපනය හැදෑරුවේ ක්‍රිස්තියානි
විද්‍යාලයෙන් හා ශාන්ත ගේබ්‍රියල් විද්‍යාලයෙනි. ඩබ්ලිව්. ඩී. ජයවර්ධන රැකියාව කළේ
වතු අධිකාරීවරයෙක් විදියටය.
එම නිසාම ඔවුනට දිවයිනේ විවිධ ප්‍රදේශවලට යාමට සිදු වූහ. කෑගල්ල ප්‍රදේශයේ වතු අධිකාරීවරයකු ලෙස පත්වීම ලද නිසා මේ දරුවා ගේ අධ්‍යාපනය ඊළඟ කඩඉම වූයේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය ය. අ. පො. ස. උසස් පෙළ දක්වා ඉගෙන ගත් මේ දරුවා නැවතත් කොළඹ පැමිණියේ නිරූපණ ක්ෂේත්‍රයට එක්වීම සඳහාය. 1944 වසරේ උපන් මේ තරුණයා 60 දශකය මුල් භාගයේ දී රංගනයට ද වරම් ලැබීය. හේ පසු කලෙක ශ්‍රී ලංකාවේ ප්‍රබල සිනමා නිර්මාණකරුවකු වූයේය. මිල්ටන් ජයවර්ධන මීට වසර පහකට ප්‍රථම ජීවන ගමනෙන් සමුගත් මේ නිර්මාණවේදියාගේ පස්වැනි ගුණ සමරුව පසු ගිය ජුනි මස විසිහත් වැනිදාට යෙදී තිබිණි. ඔහුගේ මතක සැමරුම් අතර සැරිසරන්නට මෙවර ‘පියසටහන්’ සමඟින් එක්වූයේ මිල්ටන් ජයවර්ධනයන් ගේ දයාබර බිරිඳ බියටි‍්‍රස් ජයවර්ධන හා ඔහුගේ එකම දියණිය වූ සුසෙට් ක්‍රිස්ටීන් ජයවර්ධනයි. ජනාකීර්ණ දෙහිවල හරහා දිවෙන ගාලු පාරේ සිට අලංකාර මල් වැලකින් ගෙත්තම් වී ඇති තාප්පයට එපිටින් ඇති අංක 90 දරණ නිවහනට මමත් අමිත් එස්. සේනාරත්නත් පිවිසුනෙමු. නිවෙසට පිවිසෙන විටම ඕනෑම කෙනෙකුට දැනෙන්නේ හරිත වර්ණයෙන් ගහන සිසිල් පරිසරයක ඇති සිසිලස සහ සුවදායී බවයි. අප දෙදෙනාව උණුසුම් ලෙස පිළිගත් බියටි‍්‍රස් හා සුසෙට් අප හට අසුන් පැන වූයේද මිල්ටන් ජයවර්ධනයන්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් අසලය. පස් වසරක ගුණානුස්මරණය වෙනුවෙන් ඔවුන්ගේ නිවෙසේ දානමය පුණ්‍ය කර්මයකි. අප එහි යන විට ද (ජුනි 26) ඒ සඳහා ලහි ලහියේ සූදානම් වන අයුරුද දක්නට ලැබිණි. නිවෙසේ ආලින්දය මැදට වන්නට තබා තිබූ මිල්ටන් ජයවර්ධනයන් ගේ සේයාරැව දෙස නෙත් යොමා බලා සිටි බියටි‍්‍රස් සිහින් ස්වරයෙන් මිල්ටන්ගේ මතකය සමඟින් අප හා කතාවට එක් වූවාය. ඒ මැද කාලෙදි මම මිලාගිරියෙ ඉගෙන ගන්නවා. දවසක් සළුවඩන කියලා මගේ යාළුවෙකුගේ ගෙදරදි මට මිල්ටන්ව මුණ ගැහැණා. ඒ වෙනකොට එයා රටේ ජනපි‍්‍රය චරිතයක් නොවෙයි.
එයා ආදරය කරන කාලෙ හරිම විනීත ගති පැවතුම් තිබුණු තරුණයෙක්. එයා බෞද්ධ. මම ක්‍රිස්තියානි ආගමේ. ඒ වුණාට මම එයාගෙ ආගමටත්, එයා මගේ ආගමටත් ගරු කළා. හැට දශකය අග භාගයේ දී දෙපැත්තෙම ආශීර්වාද මැද අපි විවාහ වුණා.” එසේ පවසන විට ඇගේ මසැසට වඩා මනැස හඬන තරම් ඇගේ මුහුණෙන් දිස් වූවාය. මොහොතක් ඔහුගේ ඡායාරූපය දෙස නෙත් යොමා සිටි ඕ නැවතත් අතීත ස්මරණ සමඟින් හඬ අවදි කළාය. “එස්. ඩී. එස්. සෝමරත්න මහත්මයාගේ ‘සරුබිම’ චිත්‍රපටයෙන් මිල්ටන් රඟපෑමට අත්පොත තැබුවා. නිරූපණය පිළිබඳත් යම්කිසි හැදෑරීමක් කළා. ඊට පසුව ඇමැතිකම, අක්කර පහ, ඔහොම හොඳද, සදහටම ඔබ මගේ, කස්තුරි සුවඳ, නුවන් රේණු, ආයාචනා, සඳමාලි, සුවදෙන සුවඳක්, බඹර කලාපේ, බිතු සිතුවම්, රන්දිය දහර ආදී චිත්‍රපට ගණනාවක එයා රඟපාලා නළුවෙක් විදියට සාර්ථක වුණා. අපි විවාහ වෙලා කාලයක් ගියත් අපිට දරුවෙක් හිටියේ නැහැ. එයා ෂූටින් යන හැම තැනකම මාව එක්කරගෙන යනවා. අපි බැඳලා වසර දහයකටත් පසුව අපට දරුවෙක් නැති අඩුව හොඳටම දැනුණා. බොහොමයක් ඒ කාලෙ කලාකරුවන්ට මුදල් හදල් අඩුපාඩු තිබුණා. නමුත් අපට එහෙම වුණේ නැහැ.
ජීවත් වෙන්න තරම් අපට මුදල් තිබුණා. අපි දෙන්නා අතර රණ්ඩුවක් ඇති වෙලා
පුංචි අමනාපයක් වුණත් පොඩි වෙලාවකින් ඉවරයි. අපි හරිම ආදරයෙන් සමඟියෙන් ඉන්නකොට මට
බොහෝ කාලෙකට පස්සෙ සුසෙට්ව ලැබුණේ. ඊට පස්සෙ අපි දෙන්නගේ ජීවිතේම වුණේ සුසෙට්.
ටිකෙන් ටික සුසෙටි ලොකු වෙනකොට මොන වැඩේ තිබුණත් මිල්ටන් සුසෙට් ගේ වැඩ කිසිම දවසක
මඟ හැරියේ නැහැ.
නෙතේ ගැලූ කඳුළකට නිදහසේ ගලන්න ඉඩ හරිමින් ඈ අසල සිටි සුසෙට් ගේ හිස අතගාමින් ඔහු ගැන මතකය අතර නැවත තනි වූවාය. මවගේ නෙතින් ගලන කඳුළ තම අතින් පිස දමමින් නිහැඬියාවට විරාමයක් එක්කළ සුසෙට් තම පියාගේ මතකාවර්ජනයට එක් වුණාය. “පුංචිම කාලෙ ඉඳන් තාත්ති මට රූස්ස ගහක් වගේ. ඒ තරම් තාත්තගෙ ආදරේ මට දැනුණා. මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම දරුවා මම. තාත්තා ඒ තරම් මට ආදරෙයි. බැරිම අවස්ථාවක ඇරෙන්න තාත්තා මාව කවදාවත් බස් එකක යවලා නැහැ. එයාගෙ වැඩ කල් දාගෙන මගේ අධ්‍යාපන කටයුතුවලට උදවු කළා.” එසේ කියූ සුසෙට් නිවෙස තුළට දිවගියේ මිල්ටන් ජයවර්ධනයන්ගේ ඡායාරූප එකතුව රැගෙන ඒමටය. කල්පනා ලොවක නිමග්නව සිටි බියටි‍්‍රස් නැවතත් හඬ අවදි කළාය. “1973 වසරේ දී මිල්ටන් චිත්‍රපට අධ්‍යක්‍ෂණයටත් එක් වුණා. ඒ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙන්. ඊට පස්සෙ මධුවන්ති, නුවන් රේණු, සමාවෙන්න, ආයාචනා, සඳමාලි, සුවදෙන සුවඳක්, බිතු සිතුවම්, සුදු අක්කා, නුඹ නාඬන් අපට පිස්සු, තාරකා මල් ආදී චිත්‍රපට එයාගෙ අධ්‍යක්‍ෂණයෙන් හැඩ වුණා. එයා සමහර චිත්‍රපටවල රඟපාමින් අධ්‍යක්‍ෂණය කළා. දවසක් නුවර එළියෙ ෂූටිං තිබුණා හවස ෂූටිං ඉවරවෙලා රෑ මාව බලන්න ගෙදර එනවා. ආයෙත් උදේ නුවරඑළි යනවා. ඒ තරම් ආදරයක් එයා මට තිබුණේ. දුවගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් දුවවත් එයාගේ ක්ෂේත්‍රයට සම්බන්ධකර ගත්තා. බියටි‍්‍රස් එසේ පවසන විට නිවෙස තුළට ගිය සුසෙට් පැමිණියේ ඡායාරූප ඇල්බම් කිහිපයක් ද අතැතිවය. “තාත්ති එයාගේ සමහර ෆිල්ම්ස්වල එයාගේ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස මාව තෝරා ගත්තා. සුදු අක්කා ෆිල්ම් එක එයින් එකක්. මේ තියෙන්නේ ඒ දවස්වල අපි ඒ ෆිල්ම් එකෙන් ගත්ත ස්ටිල්ස්” කියමින් ඕ ඡායාරූප කිහිපයක් මා අත තැබුවාය. මිල්ටන්ගේ සමහර චිත්‍රපටවල සහාය අධ්‍යක්‍ෂවරයා වුණේ බන්දු (බන්දුල පද්මකුමාර). එයා ඒ කාලෙ හරිම කඩවසම් ගුණයහපත් තරුණයෙක්. විජය, මාලිනී ගේ එහෙම හොඳ හිතවතෙක්. කාලයක් මිල්ටන්ට බන්දුල නැතිවම බැරි වුණා. ඒ කාලේ මිල්ටන් හරිම සතුටින් කාලය ගත කළේ. කවදත් එයා මනුස්සකම අංක එකේ තියාගෙන කටයුතු කළේ. දුවටත් නිතරම කීවේ මනුස්සකම තමයි අපේ ජීවිතේ අංක එක කියලා. ඒ වගේම ක්‍රිස්තියානි ධර්මය ගැනත් අවබෝධයෙන් ජීවත් වුණේ. කොහොම හරි අපි දුවගේ විවාහයත් ඉහළින්ම සිදු කළා. සුසෙට් විවාහ වෙලා යන දවසේ එයාගේ ඇස් දෙකෙන් වෙන්වීමේ දුකයි, විවාහ වීමේ සතුටයි දෙකම මම එදා දුටුවා. ඒ තරම් දුවට මේ ලෝකෙ කවුරුත් ආදරේ කරලා නැහැ.
දවසක් දුව අතින් අපේ ගෙදර තිබුණ වාස් එකක් කැඩුණා. මම දුවට තරවටු කළා. ඒකට එයා හරිම
දුකෙන් හිටියේ. එයා දුව ළඟට අරන් විහිළු කරමින් හුරතල් කරලා දුවගේ හිතේ සතුට ඇති
කළා. අපි ගැන පුංචි දේ පවා හිතෙන උතුම් මනුස්සකම තිබුණු ස්වාමිපුරුෂයෙක්, පියෙක්. ඒ
වගේම මිල්ටන්ට ක්ෂේත්‍රයේ තරහාකරුවෝ නැහැ. එයා හැමෝටම හොඳ මනුස්සයෙක්.
එයාට හදිසියේම 2009 වසරේ මාර්තු මාසෙදි උණ හැදුණා. ඒක මාසයක් විතර තිබිලා ඇරිලා ගියා. නමුත් ඒ අවුරුද්දෙම ජුනි මාසයේ දී තදබල ලෙස සෙම අමාරුවක් ඇති වුණා. අපි එයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. හරියටම ජුනි මාසෙ විසි හය වැනිදා සවස එයාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණා. එයාව අයි. සී. යූ. එකට දාලා තිබුණේ. 27 වැනිදා උදේ එයාට හොඳටම අමාරු වුණා. ඒ වෙලාවේ මා සමඟ මගේ ශක්තියට හිටියේ මිල්ටන් ගේ සහෝදර සහෝදරියන් වන නාලනී, ශාන්ති, රමණි, ලාලනී, චන්න, සහ මහේන්ද්‍ර වගේම සෝමා එදිරිසිංහ මහත්මිය, අසංක එදිරිසිංහ මහතා ඇතුළු කලාකරුවෝ. දුව හිටියේ විදෙස්ගත වෙලා. එදා උදේ හතත්, අටත් අතර මිල්ටන් අපි හැමෝම දාලා යන්න ගියා. මට අදටත් මිල්ටන් මේ ගෙදර අපේ ආරක්‍ෂාව ගැන බලමින් ඉන්නවා කියලා හිතෙනවා. ඒ තරම් මිල්ටන් අපිට ආදරයක් සෙනෙහසක් දැක්වුවා. නිවෙස වටේම ඇති හරිත වර්ණ ගස්වැල් දෙස බලමින් ඕ දුකින් පවසන්නීය. අසීමිත ලෙස ආදරය කළ සෙනෙහෙබර සැමියකු මෙන්ම පියෙකු ගේ වියෝ වීම ඔවුන්ට නම් දරාගත නොහැකිවා සේය. “තාත්ති නැති වුණා කියලා එයාගේ හිතවතුන් කවුරුත් අපිව අමතක කළේ නැහැ. ඒ හැමෝම අපිත් එක්ක අදටත් ඉන්නවා. මගේ මහත්තයා ඩේවිඩ් ඩී. සිල්වා වගේම තාත්තිගේ එකම මුනුපුරා මගේ පුතා ආක්ෂේත් තාත්තිට හරිම ආදරෙයි. තාත්ති නැති වුණ දවසේ ඉඳන් එයා සිහි කරලා අපි ජුනි 27 වැනිදට හැම අවුරුද්දකම දානයක් දෙනවා. ඒ සඳහා නිතර අපට අනුශාසනා ලබා දෙන්නේ හැඕවිට ගුණානන්ද හාමුදුරුවෝ. මේ මාසෙත් අපි තාත්තා වෙනුවෙන් දානයක් දුන්නා. තාත්තා ඉන්න තැනකින් මේ පින් අරගෙන අප අතරම නැවත ඉපදෙන්න කියලා වගේම මගේම තාත්තා වෙලා හැම ආත්මෙකම උපදින්න කියලා තමයි මම හැම වෙලේම පතන්නේ.” එසේ කියූ සුසෙට් නිහඬවම තම පියාගේ ඡායාරූප ගොන්න දෙස නෙත් යොමා සිටියේ පිය සෙනෙහසක තරම අපට පසක් කරමිනි.
|