|
||||
ජෝති වෙනුවෙන් කලා ලංකා පදනමේ සිරිය මෙ සාරා 9 වැනිදා මෙවර මහ ඉහළින්
කලා ලංකා පදනම මඟින් විසිහත් වැනි වරටත් සංවිධානය කරනු ලබන ජෝති උපහාර ගී ප්‍රසංගය සිරියමෙ සාරා සහ එච්.ආර්. ජෝතිපාලගේ ගුණානුස්මරණය මෙම මස 09 වැනිදා එනම් එන බදාදා දින සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම අවස්ථාව රස ගැන්වීම සඳහා රවීන්ද්‍ර රන්දෙණිය, නුවන් ගුණවර්ධන, කමල් අද්දරආරච්චි, නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, දයාසිරි ජයසේකර, අමිලා නදීශානි, ලලිත් පොන්නම්පෙරුම, සුනිල් පෙරේරා, ජනනාත් වරකාගොඩ, සුසිල් ප්‍රනාන්දු, නලීන් පෙරේරා, ෂර්ලි වෛජයන්ත, කීර්ති පැස්කුවල්, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, සමිතා මුදුන්කොටුව, කසුන් කල්හාර, පි්රයංකාර පෙරේරා, පුන්සිරි සොයිසා, ජගත් වික්‍රමසිංහ, මධුමාධව අරවින්ද, සමන් ද සිල්වා, ටෝනි හසන්, ඩබ්ලිව්. ප්‍රේමරත්න, උපසේන සුබසිංහ (පාල), අනුර සේනානායක, වර්නන් පෙරේරා, වජිර එදිරිමාන්න, ජයන්ත රත්නායක, ලයනල් මල්ලිකාරච්චි, සුමනපාල මාන්නප්පෙරුම සහ සමීර හසන් ඇතුළු ගායක ගායිකාවන් රැසක් එක්වීමට නියමිතය. සරත් ද අල්විස් ප්රමුඛ ඩයිනමයිට් වාද්‍ය වෘන්දය මෙහි සංගීතය මෙහෙයවන අතර නර්ථන වින්‍යාසය චන්න විජේවර්ධනගෙනි. මේ අවස්ථාවට සහභාගීවීමට රසික රසිකාවන්ට සංවිධායක කමිටුව වෙනුවෙන් කලා ලංකා පදනමේ සභාපති අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා සහ එහි කැඳවුම්කරු හා ලේකම් නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන යන මහත්වරුන් විවෘත ආරාධනාවක් කරයි.
ජෝති වෙනුවෙන් එළිමහන් ප්‍රසංගයක් හෝකන්දරදීඅසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අප අතරින් සමුගෙන වසර 27 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන අනුස්මරණ ගී ප්‍රසංගය ලබන 07 වැනිදා හෝකන්දර පරාක්‍රම මාවත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වසර විසිහයක් දක්වා පැවැති ප්‍රසංග අතරේ මෙවර ප්‍රසංගය සුවිශේෂ වෙන්නේ එය එළිමහන් ප්‍රසංගයක් වීමයි. මෙම ප්‍රසංගය මේ අයුරින් පැවැත්වීමට මූලිකව කටයුතු කරන්නේ ‘මේ නොනිවෙන දිවි ගමනේ’ ගීතය ඇතුළුව එච්. ආර්. ජෝතිපාල වෙනුවෙන් ගීත රැසක් රචනා කළ ගීත රචක තිස්ස ඩයස් විසිනි. අපි ඔහුගෙන් ඒ පිළිබඳව තවත් තොරතුරු විමසමු. විශේෂ ආකාරයෙන් පැවැත්වෙන 27 වැනි ජෝති ගුණ සැමරුම ගැන තවත් තොරතුරු ඔබෙන්ම දැනගන්න කැමැතියි?
මේ විදියට ප්‍රසංගයක් කරන්න අදහස දුන්නේ තිස්ස ඩයස් රසික හවුලේ භාණ්ඩාගාරික රංගන ශිල්පිනී දිනූෂා සඳරුවනි. ඊට පසුව හෝකන්දර සිත් රූ කලා පදනමේ සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා හමුවෙලා මේ අදහස ඔහුට පැවසුවා. ඒ අනුව තමයි මේ කටයුත්ත සංවිධානය කෙරෙන්නේ. ජූලි 07 වැනිදා සවස 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ප්‍රසංගය හෝකන්දර පරාක්‍රම මාවත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. හෝකන්දර ජෝති අයියාගේ රසික රසිකාවන් මේ සඳහා අපට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම නිහාල් ගමගේ, නිලංග ප්‍රදීප්. නාගරික මන්ත්‍රී සුනිල් වෛද්‍යරත්න, දේශමාන්‍ය සරත් කාරියවසම්, තරිඳු ධනංජය, ජී. ගමගේ, වසන්ත ජයවීර, නීටා ප්‍රියන්ති ඇතුළුව පරාක්‍රම මාවත ප්‍රදේශවාසීන් සියලු දෙනාමත් මේ සඳහා දක්වන සහයෝගය විශේෂයි. මෙම අවස්ථාවට දායක වෙන්නට නියමිත ගායන තරු ගැනත් සඳහන් කරමු? එදිනට රොජර් සෙනෙවිරත්න, කීර්ති පැස්කුවල්, එච්. ආර්. සොයිසා, ක්ලීටස් මෙන්ඩිස්, ලලිත් පොන්නම්පෙරුම, රෝහණ බෝගොඩ, සඳුන් විජේසිරි, අසංක දේවමිත්ර, පර්ල් පෙරේරා, කුමාර තිරිමාදුර, රොනී ලීච්’, රමේෂ් උවයිස් ඇතුළු ගායක ගායිකාවන් තිස් දෙනෙකු පමණ සහභාගි වෙන්න නියමිතයි. සංගීතය රේඩියම්ස් සහ අනූ ඇන්ඩ් ද ක්ලෑන්ස් විසිනි. ඉදිරිපත් කිරීම හෝකන්දර සිත් රූ කලා පදනම වෙනුවෙන් රෝහණ කොස්තා ගෙනි. අද ජෝති අනුස්මරණ ගී ප්‍රසංගය වෙනුවෙන් වෙහෙසෙන ඔබ එදා ජෝති වෙනුවෙන් ගීත රැසක් රචනා කළා. මෙවැනි අවස්ථාවක් ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ? මට ජෝති අයියා මුණ ගැසෙන්නේ ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතේ සේවයේ සිටියදීයි. ජෝති අයියා කියන්නේ දක්ෂකමත්, මනුස්සකමත් එකට එක් වූ කලාකරුවෙක්. ඔහු වෙනුවෙන් ගීත රචනා කරන්න ලැබීමත් මට වාසනාවක්. ‘මේ නොනිමෙන දිවි ගමනේ’, ‘පුංචි දෝණි තරහා වෙලා’ ඇතුළුව ගීත තිස් පහක් විතර මම ජෝති අයියා වෙනුවෙන් රචනා කරලා තියෙනවා. ඔහුගේ සොහොන් කොතේ සටහන් කරලා තියෙන්නේත් මම රචනා කළ ගීතයක්. එය දෛවෝපගත සිදුවීමක්. ඔහුගේ අවසන් ගිත රචකයා වුණෙත් මම. එවැනි වූ අසහාය ගායකයෙක් වෙනුවෙන් ගීත රචනා කරන්න ලැබීම මට විශාල සතුටක්. පුංචි කාලයේ පටන්ම ඔහුගේ ගීතවලට මගේ හිතේ තිබුණේ ලොකු ලැදියාවක්. ගෙදරට හොරෙන් ගිහින් ඔහු ගී ගයන ප්‍රසංග බලන්න පවා ගියා. ජෝති අයියා නිතරම මට කිවවේ ඔහු මැරෙන්න කලින් මට කැසට් පට කරන්න කියලා. ඒත් මට ඒක කරන්න බැරි වුණා. පසුව මම කැසට් පට තුනක් කළා. ජෝති අයියා කියන්නේ උතුම් හදවතක් තිබූ මනුෂ්‍යයෙක්. අද මෙවැනි ප්‍රසංගයක් ඔහු වෙනුවෙන් කරන්න ලැබිම මට භාග්‍යයක්. ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශවල සිටින ජෝති අයියාගේ රසික රසිකාවන් පිරිවරා මෙම ප්‍රසංගය කරගෙන යන්න වගේම ඔහු වෙනුවෙන් ළමුන් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමන්නත් බලාපොරොත්තු වෙනවා.
ජෝති ගී පැදුරු සාජ්ජයලක්හඬ ගුවන් විදුලියේ මෙහෙයවීමෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ විශේෂ අනුග්‍රහයෙන් යුතුව එච්.ආර්. ජෝතිපාලයන් ගුණ සමරා පැදුරු සාජ්ජයක් මෙම මස 07 වැනිදා රාත්‍රි හතේ සිට දෙමටගොඩ මිහිඳු සෙත්පුරහිදී පැවැත්වෙයි. නුවන් ගුණවර්ධන, පි‍්‍රයංකර පෙරේරා සහ අමිලා නදීශානි එහිදී ගී ගැයීමට නියමිත අතර සංගීතය මෙහෙයවීම එච්. සුජීව දිසානායක පුම්රඛ වාද්‍ය වෘන්දයෙනි. ජෝති ගී පැදුර මෙහෙයවනුයේ ලක්හඬ ජෝති රාත්‍රිය වැඩසටහන පුරා වසර පහක් තිස්සේ ලක්හඬ ඔස්සේ ඔබ වෙත ගෙන එන වසුන්දරා මේඛලා සමඟ සමීර චතුරංග විසිනි.
ජෝති උපහාර ගී ප්‍රසංගය ආනන්ද කුලරත්න ශාලාවේඑච්. ආර්. ජෝතිපාලයන්ගේ විසි හත් වැනි ගුණානුස්මරණය සිදු කරමින් ජෝති මිතුරු සමාජය මගින් සංවිධානය කළ ජෝති උපහාර ගී ප්‍රසංගය 07 වැනිදා සවස මරදාන ආනන්ද කුලරත්න ශාලවේදී පැවැත්වෙනු ඇත. අර්නස්ට් සොයිසා සංගීතය මෙහෙය වන මෙහි ජනප්‍රිය ගායක ගායිකාවන් විසි දෙදෙනකු ගී ගැයීමට නියමිතය. මෙම ප්‍රසංගයේ ජෝතිපාල ගුණ සමරු දේශනය උපුල් ශාන්ත සන්නස්ගලගෙනි. කැළුම් ශ්‍රීමාල් කථනයෙන් එක්වනු ඇත. මෙදින උදෑසන දහයට බොරැල්ල සුසාන භූමියේ ජෝති සමරු ඵලකය අභියස ජෝතිපාල පවුලේ නෑ හිත මිතුරන් හා මිතුරු සමාජයේ සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාරයක් ද පැවැත්වීමට ද කටයුතු සංවිධානය කොට තිබේ. මෙහි සභාපති ධුරය දරනුයේ ජෝතිපාල දියණිය ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාලය.
‘ජෝතිමත් ජෝති’ මරදානේ ටවර් රඟහලේසිත්සර මාසික කලා පුවත්පත මඟින් සංවිධානය කළ ජෝති උපහාර ලී ප්රසංාගය ‘ජෝතිමත් ජෝති’ මෙම මස 07 වැනිදා මරදාන ටවර් රංග ශාලාවේදී පැවැත්වේ. සුජාතා අත්තනායක, රොජර් සෙනෙවිරත්න, අමාත්‍ය රෙජිමෝල්ඩ් කුරේ, ඩබ්ලිව්. ප්‍රේමරත්න, ශ්‍රියානි දිසානායක, දමිතා අබේරත්න ඇතුළු කලාකරුවන් රැසක් මෙදින ජෝතිමත් ජෝති රාත්‍රිය ගීතවත් කිරීමට නියමිතය.
|
||||