රැකියාවේ මිතුරන්ගේ එකතුවෙන් නිකුත් වූ මියුසික් වීඩියෝව
රැකියාවේ මිතුරන්ගේ එකතුවෙන් නිකුත් වූ මියුසික් වීඩියෝව
රොෂාන් අනුරුද්ධ
රොෂාන් අනුරුද්ධ නව පරපුරේ ගායන ශිල්පියෙකි. රොෂාන් මගේ ආදරියේ නමින් නවතම ගීතය
පසුගියදා එළි දක්වන ලදී.
සිරස සුපර් ස්ටාර් තරගාවලියේ පළමු අදියරේදීම ඉවත් වන්නට රොෂාන්ට සිදු වෙයි. එහෙත්
ඉන් අධෛර්්‍යයට පත් නොවූ රොෂාන් පළමු ස්ව නිර්මාණය ලෙසින් පැතූ සිහිනයේ එළිදැක්
විය.
මම හරිම අමාරුවෙන් පළමු ගීතය පටිගත කළේ. පුංචි රැකියාවක් කරන මං වැර වෑයමෙන් එකතු
කරගත්ත මුදල් වියදම් කොට ගැයූ එය වැඩිය මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය වුණේ නැහැ. ඊට පසුව
මං කොහොම හරි දෙවැනි ගීතයත් කළා.
වර්තමානයේ තියෙන රැල්ලත් එක්ක ගීතයක් ජනප්‍රිය කරගන්න මියුසික් වීඩියීවක් ඕනමයි. මට
එවැන්නක් නිර්මාණය කරගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මං ඉන්න තත්ත්වය මගේ ආයතනයේ
මගෙත් එක්ක වැඩ කරන අය තේරුම් ගත්තා. ඔවුන් මුදල් එකතු කරලා මට දුන්නා මියුසික්
වීඩියෝවක් කරගන්න.
මගේ මියුසික් වැඩවලට කටාර්වල ඉන්න යාළුවෙකුත් බෙහෙවින් උදව්
කරනවා. පැතූ සිහිනයේ වීඩියීව කළේ අජිත් කුමාරතන්ත්‍රී. මේ වන විට යම් යම් චැනල්වල
එය ප්‍රචාරය වෙනවා. ගීතය රස විඳපු අය මට හොඳ හොඳ කමෙන්ට් දෙනවා. බොහෝ අය කියනවා මං
හරිම අවිහිංසක ලෙස එය ගයා තියෙනවලු. මං දැනට පදිංචි වෙලා ඉන්නේ කොටිකාවත්තේ. හොඳ
ගායකයකු වෙන්නයි උත්සාහ කරන්නේ. ඒක තමයි මගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව.
සටහන - ප්‍රසාද්
සේයාරුව - මාලන්
|