|
සුපර් ස්ටාර්ස්ලාට ජෝති ගැන ප්‍රශ්න පත්තරයක්
සිරස සුපිරි තරු සොය යෑමේ හයවැනි අදියරෙහිි අවසන් තරගය අති උත්කර්ෂවත් අයුරින් හෙට දිනයේදී පැවැත්වෙනවා. එකිනකාට නොදෙවෙනි දක්ෂතාවයන්ගේ යුතු තරගකරුවන් තිදෙනෙක් ඊට තරග වැදීමට මේ වන විටත් සැදී පැහැදීව සූදනමින් සිටිනවා. ගයාන් ටෙහානි චාමර
ඔබ තිදෙනාගේ භාවිත කරන නම්? ගයාන් - ගයාන් අරෝෂ ටෙහානි - ටෙහානි ඉමාරා චාමර – චාමර ප්‍රසාද්
එතකොට ගම් පළාත එහෙම? ගයාන් – මහරගම ටෙහානි - දෙහිවල චාමර – නිකවැරටිය
ඉගෙන ගත්තේ? ගයාන් – මහරගම ජනාධිපති විදුහලෙන්. ටෙහානි - දකුණු කොළඹ ජාත්‍යන්තර පාසල. චාමර – නිකවැරටිය ජයන්ත නවෝද්‍යා පාසල
ඇයි සුපර් ස්ටාර් සඳහා තරග වදින්නට හිතුණේ? ගයාන් - මගේ යාළුවෙකුයි මෙයට මාව යොමු කළේ. ඔහුමයි මගේ අයැදුම්පත්‍රය දැම්මේ. ඒ නිසා සහභාගි වුණ. ටෙහානි – පුංචි කාලේ ඉඳලා සුපර් ස්ටාර් බැලුවා. ඒ ආසාවට ඉදිරිපත් වුණා. චාමර - මේක හොඳයි කියලා හිතුණා.
මෙතරම් දුර ඒවි කියලා හිතුවද? ගයාන් – අපොයි නැහැ. තරග කරන වටය ගැන විතරයි හිතුවේ. ටෙහානි – මමත් ඊළඟ වටයට යන්න හොඳින් සිං කළා. වැඩි බලාපොරොත්තුවක් තිබුණෙම නැහැ. චාමර – මගේ නම් අදහසක් තිබුණා අන්තිම දොළහට එන්න. ඒ හීනය මං සැබෑවක් කර ගත්තා.
ඔබේ ගායන ශෛලිය? ගයාන් – මං ප්‍රිය කරන්නේ ශාස්ත්‍රීය ගීත ගයන්න. ටෙහානි – මට පුළුවන් අශාන්ති උමාරා වැනි අයගේ ගීත කියන්න. චාමර – හැම ශෛලියක්ම මට ඔට්ටුයි.
වඩාත් කැමැතිම ගීය? ගයාන් – තනිවෙන්නට මගේ ලොවේ. ටෙහානි – අශාන්තිගේ පියාණනී. චාමර - සදාකාලික නොවූ ලෝකෙක.
වෙනත් රියැලිටි වැඩසටහනකට අයැදුම් නොකර සිරස සුපර් ස්ටාර්ම තෝරා ගත්තේ? ගයාන් - එළියට එන අය ජනප්‍රිය නිසා. ටෙහානි – ගයාන් කියපු උත්තරයමයි මාත් දෙන්නේ. චාමර – අංක එක සිරසයි. ඒ හින්දා මෙයටම ඉදිරිපත් වුණා.
පැරැණි ගීත රියැලිටි වැඩසටහන් මඟින් යළි ගැයීම ගැන ඔබේ අදහස? ගයාන් - හොඳයි. ටෙහානි – පැරැණි සිංදුවල ගැඹුරක් තියෙනවා. ඒවා නැතුව රියැලිටි වැඩසටහන්වල කිසිම ගෝ එකක් නැහැ. චාමර – පැරැණි ගීත විවිධාකාරයි. ඒවා ගැයුවම තරගයත් විවිධාකාර වෙනවා.
සිංදු කියන්නේ නැතුව මයික් එකක් අරන් බොරුවට කට හෙලවිම හෙවත් මයිම් කිරීම ගැන මොකද කියන්න තියෙන්නේ? ගයාන් - හොඳ නැති වැඩක්. ටෙහානි – මම නම් මයිම් කරන්නේ නැහැ. චාමර – මයිම් කිරීම හොඳයි. අසාර්ථක නැහැ.
එච්. ආර්. ජෝතිපාලයන් ගැන වචනයක් කියන්න පුළුවන්ද? ගයාන් – කාලයක් ලංකාවේ තිබුණු හඬ සංකේතයක් විදිහට ජෝති මහත්මයාව හඳුන්වා දෙන්න හැකියි. ටෙහානි – ලංකාවේ රන් කටහඬ ජෝති. චාමර – ආයේ ජෝතිපාල කෙනෙක් බිහි වන්නේ නැහැ. මම ඔහුව නිතරම අගය කරනවා.
ජෝතිගේ කැමැතිම ගීතය? ගයාන් – පහන් ටැඹ යට. ටෙහානි - ගෙදර හිටිය රෝස කැකුළ. චාමර - සංගීත මඬලේ.
ජෝතිගේ ගීත අදටත් ජනප්‍රියයි. ඔබ දකින විදිහට එයට හේතුව මොකක්ද? ගයාන් – ඔහු ඒ ගීත තුළ ජීවත් වුණ. ටෙහානි – ඒවාහි වචන බොහොම සුන්දරයි. චාමර - ජෝති ගයද්දී ඒ ගීතයේ අදහසට අදාල චිත්‍රයක් මැවෙනවා. ඒ ඔහුගේ වාසනාවට හිමි වුණ දක්ෂතාවයක්.
ජෝති සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ හිටියා නම් ඔබලාට මොනවා කියයිද? ගයාන් - අනේ මන්දා. ටෙහානි – මට නම් ගීත ගයන්න බැරි ෙවිවි. ඔහුට තියෙන ගෞරවයට. චාමර – ඔහුගේ අවංක අදහස කියාවි. අපිව දිරිමත් කරාවි.
සුපිරි තරු ඇයි තරගයෙනුත් පසු පරණ ගීතම ගය ගයා මුදල් හොයන්නේ? ගයාන් – දක්ෂතාවයක් නැති නිසා වෙන්න ඇති. ටෙහානි – අලුත් සිංදු වැඩිකල් මතකයේ තියෙන්නේ නැහැ. ඒකයි. චාමර – පැරැණි ගීතවලට තවමත් ඉල්ලුමක් තියෙනවා කියලා ඒකෙන් පේනවා.
මුදල් තිබූ පමණින් ලංකාව ඇතුළේ ගායකයකු වෙන්න පුළුවන්ද? ගයාන් - බැහැ. ටෙහානි – දක්ෂතාවයකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ. චාමර – මං හිතන්නේ මුදල් තිබූ පමණින් ගායකයකු වෙන්න ලංකාවේ නම් පුළුවන්.
ගීතයක් ජනපි‍්‍රය වෙන්න වීඩියෝවක් ඕනෑමද? ගයාන් – නැහැ. ටෙහානි – නැහැ. චාමර – ඔව්. වීඩියෝවක් ඕනෑමයි.
මේ වන විට විශේෂ කෙනෙකුගේ ආදරයක් ලබමින්ද සිටින්නේ ? ගයාන් – නැහැ. ටෙහානි – නැහැ. චාමර – මට නම් ගැහැනු ළමයි දෙතුන් දෙනෙකුම හිටියා. දැන් කෙනෙක් හොයා ගන්න ඕනෑ.
ගයාන්ට චාමර ගැන මොනවද කියන්න තියෙන්නේ? චාමරව මට හමු වුණේ සුපර් ස්ටාර් දෙවන වටයේ ඉඳලා. එදා පටන් නොවෙනස්ව ඒ සහෝදරකම තියෙනවා.
ටෙහානි, ඔබ මෙතැන ඉන්න එකම තරගකාරිණිය. කොල්ලො දෙන්නෙත් එක්ක ගීයෙන් හරඹ කරන්න ලෙහෙසි වෙන්නේ නැතුව ඇති? ඇත්තටම ගයාන් සහ චාමර මගේ ළඟම යාළුවෝ දෙන්නා දැන්. අපි හරිම සහෝදරකමින් තරග වදින්නේ. කිසිම තරහක් නැහැ. මේ දෙන්නා තමයි මාව ආරක්ෂා කරන්නේ.
ගයාන්, ඔබට සුපර් ස්ටාර් කිරුළ අහිමි වුණොත්? මං මේ වන විට දිනලා ඉවරයි. ඒක නිසා කිරුළ ලැබුණයි කියලා වෙනසක් නැහැ.
චාමර, ඔබ මෙවර සුපර් ස්ටාර් වුණොත්? ගොඩක් සතුටුයි.
ටෙහානි, ඔබ කැමැති කවුරු සුපර් ස්ටාර් වෙනවටද? ගයාන් හෝ චාමර.
ගයාන්ගේ පවුලේ විස්තර කියමු? අම්මයි තාත්තයි, නංගියි.
ටෙහානිගේ? අම්මයි තාත්තයි, මල්ලියි.
චාමරගේ පවුලේ කවුද ඉන්නේ? අම්මයි මමයි විතරයි.
කාටද ස්තුති කරන්න තියෙන්නේ? ගයාන් - සිරසට, ගමේ අයට. ටෙහානි - සිරසට, දෙහිවල පුරපතිතුමා ඇතුළු ජනතාවට. චාමර – අම්මට, සිරසට, අමිලා මැඩම්ට.
|