ඩිජිටල් සිනමාව එක්ක
ඩිජිටල්
සිනමාව එක්ක
අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්
මම මේ දවස්වල සිනේ මේකර්ස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා නමින් දේශීය සිනමාව වෙනුවෙන්
වූ වැඩ පිළිවෙලක් සමඟ කාර්යබහුල වෙලා ඉන්නවා. රෙහාන් වැලිවිට එහිසභාපති ලෙසත්
මොහාන් හෙට්ටිආරච්චි ලේකම් ලෙසත් මම භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කරනවා. දේශීය සිනමාව
රැක ගැනීම සහ නඟා සිටුවීම තමයි අපේ මූලික අරමුණ. ඒ අනුව ඩිජිටල් සිනමාකරණය සහ
ඩිජිටල් සිනමා ප්‍රක්ෂේපනය සිනමාහල්වල ස්ථාපිත කිරීම වෙනුවෙන් ප්‍රථම පියවර අපි
තබන්න සූදානම්. ඊට අමතරව සිනමා ශාලාවල ඇති වී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමත් එයට
ඇතුළත්.
ඊට අමතරව මම අධ්‍යක්ෂණය කළ ඇද්ද ලණුව දැම්ම කොඩිය සහ රහයි ජීවිතේ චිත්‍රපට තිරගත
වෙන්න නියමිතව තියෙනවා. මගේ මීළඟ චිත්‍රපටය රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ වැඩ
කටයුතු ළඟදීම ආරම්භ කරන්න සූදානම්. ටෙනිසන් කුරේ සමඟින් මහින්ද පතිරගේ එහි ප්‍රධාන
චරිත නිරූපණයට නියමිතයි.
|