|
|
|||||
![]() |
![]() |
![]() |
Roof (1995), Code Unknown (2000), Caché (2005), Breaking and Entering (2006), Flight of the Red Balloon (2007) and Camille Claudel 1915 (2013) විශේෂ වන බව විචාරක මතයයි.
ජුලියට් බිනෝෂ් ජාත්‍යන්තර චිත්‍රපට මාලාවක ප්‍රමුඛ රඟපෑමක යෙදුනු යුරෝපීය කාන්තාවක මෙන්ම විචාරක ප්‍රසාදයටද ලක් වූ රංගන ශිල්පිනියක ද වන්නීය. බොහොමයක් ඛේදවාචක කතා පුවත් ගෙන එන චිත්‍රපටවල ඇයගේ රංගනය විචාරක ප්‍රසාදයට ලක් වී ඇත. එහිදි ඇය මුහුණ දුන් ශක්තිමක් ආකාරය ඔවුන්ගේ ඇගයීමට ලක් විය. එමෙන්ම බිනෝෂ් එම චිත්‍රපටවල චරිත හැඳීන් වූයේ "sorrowful sisters" නමිනි. Emily Brontë'sWuthering Heights සහ Damage චිත්‍රපටවල රංගනය වෙනුවෙන් ලන්ඩනයට පැමිණීම ඇයගේ නාමය ජාත්‍යන්තරයේ තව තවත් බැබළිමට හේතු විය. ක්‍රිස්ටොෆ් කිසලොව්ස්කිගේ Three Colors: Blue චිත්‍රපටයේ බිනෝෂ්ගේ රංගනයද විචාරක පැසසුමට ලක් වූ චරිත අතරට එක් විණි. සංගීතඥයෙකු වූ සැමියා සහ දියණිය රිය අනතුරකින් අහිමි වන තරුණ කාන්තාවකගේ කතා පුවතක් ගෙන එන Three Colors: Blueහි රංගනය වෙනුවෙන් ඇය 1993 වසරේ වැනිස් චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ඊට අමතරව ඇය ග්ලෝඩ්න් ග්ලෝබ් සම්මානය වෙනුවෙන්ද නිර්දේශ වූවාය. එම චිත්‍රපටයේ ඊළඟ චිත්‍රපට ලෙසින් තිරගත වූ කියරොස්ථාමි අධ්‍යක්ෂණය කළ Three Colors: White සහ Three Colors: Red චිත්‍රපට සඳහාද ඇය රංගන දායකත්වය ලබා දුන්නාය. මේ කාල වකවානුවේදීම ස්ටීවන් ස්පිල්බර්ල් Jurassic Park සහ Schindler's List චිත්‍රපට සඳහා අරාධනා කළ ද බිනෝෂ් එම චිත්‍රපට දෙකෙහිම රංගනයට දායක නොවූවාය. Three Colors: Blue චිත්‍රපටයේ රංගනයෙන් පසු ඇය කෙටි කලකට රංගනයෙන් ඇත්ව සිටියේ සිය පුතු රෆායල්ගේ උපත හේතුවෙනි. ඇය නැවතත් රිදි තිරයට පැමිණියේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ජීන් පෝල් රපෙන්සු අධ්‍යක්ෂණය කළ The Horseman on the Roof චිත්‍රපටයෙනි.
රංගන ශිල්පිනියක ලෙසින් ලෝක ප්‍රසිද්ධ ඇය දේශපාලන කටයුතු වලටද සිට දායකත්වය ලබා දෙන්නට සිය කාලය වෙන් කළාය. ඒ 2007 වසරේ ප්‍රංශ ජනාධිපතිවරණය වෙනුවෙනි. එහිදි බිනෝෂ් ජෝෂ් බෝව්ගේ පක්ෂය වෙනුවෙන් කි‍්‍රයාකාරීව කටයුතු කළාය. දේශපාලනයට පමණක් නොව අසරණ දරුවන්ගේ යහපත වෙනුවෙන් වූ විවිධ වැඩසටහන්වලට ද ඇය සිය දායකත්වය ලබා දෙන්නීය.මව්පියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් වූ අරමුදලක් වෙනුවෙන් ද ඇය කැපවී කටයුතු කරන්නීය.
ජුලියට් බිනෝෂ් සම්මානනීය වූ අවස්ථා
Prix Romy Schneider (1986)
European Film Award – Best Actress – Les Amants du Pont-Neuf (1992)
Berlin International Film Festival – Berlinale Camera (1993)
Venice Film Festival – Best Actress – Three Colors: Blue (1993)
National Board of Review – Best Supporting Actress – The English Patient (1996)
Berlin International Film Festival – Best Actress – The English Patient (1997)
European Film Award – Best Actress – The English Patient (1997)
Academy Award – Best Supporting Actress – The English Patient (1997)
Cannes Film Festival – Best Actress – Certified Copy (2010)
Kerry Film Festival – Maureen O'Hara Award (2010)
Cairo International Film Festival – Lifetime achievement (2010)
Tallinn Black Nights Film Festival – Best Actress – Camille Claudel 1915
(2013)
![]() |
![]() |




කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ
ජුලියට් බිනෝෂ්
ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මේ චිත්‍රපට



