වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක් – කාජල් යළි එක් වෙයි

ෂාරුක් – කාජල් යළි එක් වෙයි

බොලිවුඩයේ යසට කැපෙන ජෝඩුව ලෙසින් ප්‍රේක්ෂකයන්ගේ හද දිනා සිටින ෂාරුක් – කාජල් යළි තිරයට ගෙන එන්නේ අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි ය. දැනටමත් මෙහි පූර්ව කටයුතු අරඹා අවසන්ය. ලබන වසරේ මුල මේ හද බැඳි යුවළ තිරයෙන් රසිකයන් හමුවට පැමිණීමට නියමිතය.

රෝහිත්, අජේගේ සමීප මිතුරකි. එනිසා ඔහුට අජේ සහ ෂාරුක් අතර සාම පාලමක් ගොඩ නැඟීම අසීරු වී නැත.

මෑතකදී ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වන ‘සිංහම් රිටර්න්ස්’ ද ඔහුගේය. කාජල් සහ ෂාරුක් සමඟ එක් වී ඔහු තවත් වාර්තාවක් තබනවා නිසැකයි.