වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජයන්ත කෝලියවංශ ගෙන් රෙබෙකාගේ පිළිරුවක්

ජයන්ත කෝලියවංශ ගෙන් රෙබෙකාගේ පිළිරුවක්

දශක හතරක් මුළුල්ලේ මූර්ති කලාවේ නියැළෙන ජයන්ත කෝලියවංශ මෑතකදී අප අතරින් වියෝ වූ රෙබෙකා නිර්මලී ගේ රුවක් තැනීමට සූදානම් වෙයි. ඒ ඇය ජීවත්ව සිටියදී ජයන්තගෙන් කළ ඉල්ලීමකට අනුවය.

රෙබෙකාගේ තෙමස් ගුණ සමරුව සිදුකෙරන දින එය ඇගේ නිවසේ තැන්පත් කිරීමට ඔහු බලාපොරොත්තු වේ. අපට සිටින දක්‍ෂතම මූර්ති ශිල්පියකු වන ජයන්ත අතින් නිමවූ ප්‍රතිමා රැසකි.

හසලක ගාමිණී, ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි විරුවන් ද ඒ අතර වේ. ඔහු නිර්මාණය කරන සෑම පිළිරුවකටම යටින් විශේෂිත සමරු සටහනක් ද තැබීම විශේෂත්වයකි.