ගාන්ධි තැනූ ඇටන්බරෝ සාමි මියයයි
ගාන්ධි තැනූ
ඇටන්බරෝ සාමි
මියයයි
ගාන්ධි චිත්‍රපටය නිර්මාණය කරමින් ලොව පුරා කීර්තියට පත් විශිෂ්ට ගණයේ සිනමාකරුවෙකු
සහ නළුවෙකු වූ රිචඩ් ඇටෙන්බරෝ ස්වාමිවරයා පසුගිය ඉරිදා (24) අභාවප්‍රාප්ත විය.
ඇටෙන්බරෝ ගාන්ධි චිත්‍රපටය නිර්මාණය කිරීම හේතුවෙන් ඉන්දියාවේදී පිදෙන ඉහළම සම්මානය
වන පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.
තිර නාටක රචකයෙකු ලෙසින් ද ලොව කීර්තියට
පත් ඇටෙන්බරෝ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ විද්‍යාඥයාගේ චරිතය නිරූපණය කළේය. ඔහු මිය
යන විට සිය 91 වනි ජන්ම දිනය සැමරීමට තිබුණේ දින 5 ක් පමණි.
ශිලා සිමි සමඟ 1945 දී
විවාහ වූ ශ්‍රීමත් ඇටෙන්බරෝ මිය යන තුරුම එම විවාහය සාර්ථකව පවත්වා ගත් අතර තිදරු
පියකු ද වූයේය.
1942 වසරේදී In Which We Serve චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහුගේ මුල්ම
අධ්‍යක්ෂණය වූයේ 1960 වසරේදී තැනුණු The Angry Silence චිත්‍රපටයයි.
Ghandi, Cry Freedom, Chaplin, Shadowlands, Grey Owl, In
Love anf War ඇතුළු චිත්‍රපට
13 ක් ඔහු අධ්‍යක්ෂණය කළේය. ඇටෙන්බරෝ Hamlet, Great Escape ඇතුළු චිත්‍රපට රැසකට
රංගනයෙන් දායක විය.
යතේජා
|