වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්ද්‍ර නීල මිණි සේම දෙනෙත් යුග නොකරමි දිනක රතු

ඉන්ද්‍ර නීල මිණි සේම දෙනෙත් යුග නොකරමි දිනක රතු

එච්. කේ. ධනුලි වත්මාලි කියන්නේ සංගීතයට ළැදි හොඳ ගායන හැකියාවක් ඇති පුංචි දැරියක්. කොතරම් දක්‍ෂතා තිබුණත් ඇයට එම හැකියාව තවත් ඔප්නංවා ගන්න අවශ්‍ය සංගීත භාණ්ඩයක් ළඟ තිබුණේ නැහැ.

මේ බව දුටු අප අතරින් වියෝ වූ ගායනවේදී නාරද දිසාසේකරයන්ගේ පි‍්‍රය බිරිය වන නිලංගනී දිසාසේකර, නාරද පරිහරණය කළ සර්පිනාව ධනුලිට තෑගි දෙන්න තීරණය කළා. හරියටම නාරද අප අතරින් වියෝ වී සිව් වසරක් ගත වූ දිනයි නිලංගනී මේ පරිත්‍යාගය සිදු කළේ. මේ එම අවස්ථාව සේයාරූ ගතවූ අයුරුයි.