මා උගන්වන සිංහල පන්තිවලට නිවාඩුයි. ඒ ළමයි විභාගය ලියන නිසයි. නැවතත් පන්ති ආරම්භ කරන්නේ සැප්තැම්බර් මාසයෙයි. ඒ ලැබුණු විවේකයේ මා සූදානම් වන්නේ මගේ කෙටි කතා සංග්‍රහය සම්පූර්ණ කරන්නයි. ඒ සඳහා කෙටි කතා කිහිපයක් ලියා තිබෙන මුත් තවත් කිහිපයක් පමණ අඩු නිසා මා මේ දවස්වල කෙටි කතා ලියමින් තමයි ඉන්නේ.