වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ස්පාඤ්ඤ නෝනලාගේ චිත්‍රපට

ස්පාඤ්ඤ නෝනලාගේ චිත්‍රපට

ලබන සැප්තැම්බර් 02 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ නව ස්පාඤ්ඤ කාන්තා සිනමා අංශය යටතේ අධ්‍යක්ෂවරියන් හය දෙනෙකුගේ චිත්‍රපට ඇතුළත් වේ.

ගාර්සියා කියුරෙස්ටා (Gracia Querejeta)

ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකාවක මෙන්ම රංගන ශිල්පිනියකද වන ගාර්සියා කියුරෙස්ටා 1994 වසරේදී El trabajo de rodar  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසියා ය.

මාර් කෝල් (Mar Coll)

ස්පාඤ්ඤයේ බාසිලෝනාහිදි උපද ලද මාර් කෝල් Three Days with the Family (2009), We All Want What's Best for Her (2013) and La última polaroid (2004)  චිත්‍රපට සමගින් අධ්‍යක්ෂවරියක, ලේඛිකාවක ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසියා ය.

ඉරේන් කැරඩෝනා (Irene Cardona)

ඇන්ටෝනියෝ ඩි ලොස් බානෝස් චිත්‍රපට සහ ටෙලිවිෂන් පිළිබඳ ජාත්‍යන්තර පාසලින් අධ්‍යපනය ලද ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2008 වසරේදී හාස්‍යමය ප්‍රේමාන්විත චිත්‍රපටයක් වන Un novio para Yasmina  අධ්‍යක්ෂණය කරමිනි. La cigüeña  (2002) සහ 23 premios Goya ( (2009 ඇය අධ්‍යක්ෂණය කළ අනෙකුත් චිත්‍රපට වේ.

ප්‍රැටීෂියා ෆෙරේරා (Patricia Ferreira)   

ස්පාඤඤ්ඤයේ මැඩ්රීඩ්හිදි උපත ලද ප්‍රැටීෂියා ෆෙරේරා නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වේ. The Wild Ones (2012), Para que no me olvides (2005) and I Know Who You Are  (2000) ඇය කළ නිර්මාණ වේ.

ඉසබෙල් කොයික්සෙට් (Isabel Coixet)

1988 වසරේදී සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඉසබෙල් කොයික්සෙට් සමකාලීයන් අතර ඉදිරියෙන් සිටින චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වේ. ඇය විසින් අධ්‍යක්ෂණය කළ The Secret Life of Words   චිත්‍රපටය 2005 වසරේ ස්පාඤ්ඤයේ ගෝයා සම්මාන උළේලේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක් දිනා ගන්නා ලදී. 1989 වසරේදී Demasiado viejo para morir joven  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ඉසබෙල් කොයික්සෙට් Things I never told you (1996), Elegy (2008), Map of the Sounds of Tokyo (2009), Ayer no termina nunca (2013), Another Me (2013), Learning to Drive (2014) චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබේ.

ඉෂියාර් බොලේන් (Iciar Bollain)

ස්පාඤ්ඤ ජාතික රංගන ශිල්පිනියක, අධ්‍යක්ෂවරියක සහ තිර රචිකාවක වන ඉෂියාර් බොලේන් ඇය අධ්‍යක්ෂණය කළ TeDoyMis Ojos (Take My Eyes) චිත්‍රපටය 2003 වසරේ ගෝයා සම්මාන උළේලේදී හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතක් දිනා ගන්නා ලදී. Hi, Are You Alone (1995) , Flowers From Another World (1999), Mataharis (2007), Even the Rain (2010), Katmandu (2011) ඇයගේ අනෙකුත් චිත්‍රපට අතර වේ.