පරණ හල්මිල්ලෑවේ යොවුන් ගම්මානයේ
පරණ හල්මිල්ලෑවේ
යොවුන් ගම්මානයේ
රංගන ශිල්පී දිමුතු චින්තක
මට මේ සතිය ඉතාම විශේෂ වූ සතියක්. මීට වසර විස්සකට පෙර තරුණ සේවා නිළධාරියෙකු
ලෙසින් සිටියදී ගොඩ නැඟූ මැදවච්චිය පරණ හල්මිල්ලෑව යොවුන් ගම්මානය වෙනුවෙන් පෙර
පාසලක් ආරම්භ කරනවා. එය හෙටට යෙදෙන මගේ උපන් දිනය දා විවෘත කරන්න නියමිතයි.
ඊට අමතරව මේ දවස්වල සිකුරු හතේ, වෙලාවකට පිස්සු වගේ, රාස්ස පරාස්ස වේදිකා නාට්‍යවලට
දායක වෙලා සිටිනවා. සිත් අහසේ ටෙලි නාට්‍යයේත් අමුතුම චරිතයකට පණ පොවනවා.
|