F E E D B A C K
F E E D B A C K
ක්ෂණිකව
0752805047
එවන්න. ප්‍රතිචාර තැපැල්පත් හෝ සටහන් පත්වල පැහැදිලි අත් අකුරින්
ඒවා සටහන් කොට
ප්‍රතිචාර, ‘සරසවිය’
ලේක්හවුස්, කොළඹ 10යන ලිපිනයට එවිය හැකිය.
editor.sarasaviya @lakehouse,lk ඊමේල් මඟින් නම්
www.sarasaviya .lk ලිපිනයයි.
ආදරණීය රෙබෙකා
ඔබ කොතෙක් අපට අගේදැයි දැනුණේ වියෝ වූ පසුයි.
වියානි ගුණවර්ධන
ශීලා වැන්ඩර්ලන්
නිලන්ත ගුණවර්ධන
වෙන්නප්පුව
ඇය අපේ කලා ලොවෙහි තැබූ අනගි පියවරයන් අගනේය.
විජයානන්ද පොඩි නිලමේ
නුගේගොඩ
වෙද හාමිනේගේ හදිසි වියෝව රසික අපට දුකකි. කලාවට මහත් වූ පාඩුවකි.
දයාරත්න ගනේගොඩ
කැලණිය
සැමදාම ඔබයි අපේ වෙද හාමිනේ.
නන්දා ලියනගේ
මහවැව
ඉරහඳ පවතිනා තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.
ශාන්ති බන්දුනාථ
මහනුවර
ඔබ ආයෙත් අප අතරම ඉපදේවා.
අයලින් සෝවිස්
රාගම
රෙබෙකා නික්ම ගියා. එහෙත් සැමදාම ඔබ අප හදවත් හී ඉන්නවා.
අතුල රම්‍යසිරි
පානදුර
විවිධ උත්සවයන්හී ඔබ හවු වුණ විටක කතාබහ කළාම දැක් වූ නිහතමානී ප්‍රතිචාර තවමත්
මතකයි.
ලක්ෂ්මන් රණසිංහ, අයිරාංගනී දයානි, තාරුකා, හිරුනිකා, සසී, සඳරුවන්, සවිඳු, සංජය,
තරංග
වත්තල
නලින්ගේ අවවාදයට වඩා ආදර්ශය
අවවාදයට වඩා ආදර්ශය උතුම් යන කියමන ඒ ලෙසින්ම අපට පෙන් වූ සුන්දර පුද්ගලයෙකි නලීන්
පෙරේරා. ඔබට මතු වූ පවුලේ ප්‍රශ්නය දුරදිග නොයවා ඔබ බිරිය සමඟ නැවත විවාහ ජීවිතය
ගෙවන්නට ගත්තු තීරණය ගැන මම ප්‍රශංසා කරමි.
සුසිලා පතිරාජ
උස්වැටකෙයියාව
ගිරිරාජ්ගේ
කපටිකම
වරාමලී ටෙලි නාට්‍යයේ ගෝකුලගේ චරිතය රඟපාන ගිරිරාජ් කෞශල්‍යගේ රඟපෑම් හරිම ඉස්තරම්.
කපටිකම, හැසිරීම, කතාව තාත්ත්විකයි කියලා කියන්න පුළුවන්.
සෝමා එච්. පතිරණ
කහවත්ත
බැලුවොත් බඩගින්නේ
කළුතර තිබෙන ජනප්‍රියම සුඛෝපභෝගී සිනමා ශාලා දෙකෙහි ළඟදීම ටිකට්පත් මිල වැඩි කරන බව
දැනගන්නට ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඕ. ඩී. සී. ටිකට් එකක් රු 250 ක් දක්වා
වැඩි කරනවාලු. මේ දිනවල එහි ටිකට් එකක් රු 150 යි. අනෙක් හෝල් එක මේ දිනවල
අලුතවැඩියා කරනවා. එය නැවත විවෘත කළායින් අනතුරුව හෝල් දෙකේම අර මිලට තමයි ටිකට්
අලෙවි කරන්නේ. එසේ වීම රසික අපට ගැටළුවක්. එතකෙට පවුලේ සැමට චිත්‍රපටයක් බලන්න බැරි
වෙනවා. හැමෝම එක්ක ඇවිත් චිත්‍රපටයක් බැලුවොත් ඒ මාසේ අපට බඩගින්නේ තමයි ඉන්න
වෙන්නේ.
සුසන්ත සම්පත්
පිටිගල
ඇහැළේපොළ කුමාරිහාමි
සිනමාපටයට
අප තරුණ කාලයේ ඉතිහාසය ඉගෙනීමේදී මෙසේ සටහන්ව තිබුණා මතකයි.
කන්ද උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට අයත් වූයේ රජු හා මැති ඇමතිවරුන් අතර ඇති වූ අසමගිය
නිසාත් ස්වාභාවික රැකවල් ගිලිහී යාම නිසාත්ය කියලා.
ඒ ඉතිහාසය විකෘති නොකාට සිත් කා වදින අයුරින් චිත්‍රපටය ගොඩ නංවා ඇත. වංගෙඩියේ ලා
කෙටීම, දියේ ගිල්වා මැරීම, හිස ගසා දැමීම ආදී අවස්ථා ඉතාමත් විනීතව සංවරව ඉදිරිපත්
කරයි. රාජ සභාවට සංගීතය උචිත අයුරින් සැපයූ ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතය පැසසිය
යුතුය. විශේෂයෙන්ම සුදු ආණ්ඩුකාරයා, වාරියපොළ හිමි, කැප්පෙටිපොළ, ශ්‍රී වික්‍රම
රාජසිංහ, ඇහැළේපොළ, ඇහැළේපොළ කුමාරිහාමි මෙන්ම අරිට්ඨකීවෙන්ඩු, රාජ සභා කවිකරුගේ
චරිත ඉතා හොඳයි. කැමරාකරණය ද අගෙයි.
ඩඩ්ලි ගෝමස්
මොරටුව
S.M.S
එම්. ජී. අපි හිතුවටත් වඩා දක්ෂ ගායකයෙක්. අනේ එයාට කෙනෙහිලිකම් කරන එක නවත්වන්න.
මධු
බදුල්ල
සිරස නාලිකාවේ නිවුස් කියන වසන්ත ඉතා පැහැදිලි අනාගතයක් තියෙන හොඳ හඬක් ඇති
තරුණයෙකි.
සඳා කුමාරි
කඩවත
මේ පාසල් නිවාඩු කාලයේවත් සෑම චැනල් එකකම පාහේ තේරුමක් නැති කාටුන් චිත්‍රපට විකාශය
නොකර ළමා පරපුරට ආදර්ශයක් ගෙන එන අපේ රටේ ළමා චිත්‍රපට පෙන්වන්නකෝ. සිරි පැරකුම්,
බිංදු, දරුවනේ, දෝණි, සූරිය අරණ වැනි චිත්‍රපට ගැන තමයි මං කිව්වේ.
මධුශිකා
කඩුවෙල
පරපුර සුපිරි. ගැළපෙන රංගන ශිල්පීන් යොදා ගෙන තිබුණා. ක්ලීටස් මෙන්ඩිස්ගේ පළමු
සිනමා නිර්මාණය ඉතා සාර්ථකයි.
නිරෝෂ් සම්පත්
දොළහ ශ්‍රේණිය
සිංහරාජ
කාංචනා මෙන්ඩිස්ට,
අපි ඔයාව සෑහෙන්න කාලෙකින් පුංචි තිරයෙන් දැක්කේ නැහැ. ඔයාගේ ඔය ලස්සන සිනහව අහිංසක
පෙනුම අරන් ආයෙත් ලස්සන ටෙලි සිතුවමකින් අප හමුවට එන්න.
අශෝකා, වත්සලා, චන්දන
අම්බලන්තොට
හේමාල් රණසිංහ කියන්නේ වර්තමානයේ සිටින හොඳම නළුවා. ඔහුගේ රංගන හැකියාව වගේම පෞරුෂය
අති විශිෂ්ටයි. අනාගතයේ ඔබ හෙළ රිදී තිරය ජය ගනු නිසැකයි.
අයේෂ්
මාවරමණ්ඩිය
ඉතිහාස කතා රැල්ලක් සිනමාවට ආපු එක හොඳයි. එමඟින් ඉතිහාස චරිත ගැන අපිට දැනුමක්
ලබාගන්න පුළුවනි.
ෆාතිමා
වැලිගම
දෙරණ නාලිකාවේ අලුතෙන්ම යන බෝයිස් ඕවර් ෆ්ලවර් නම් විදෙස් ඩ්‍රාමා එක නියමයි. එය
අපේ රටේ නාට්‍යවලට කදිම ආදර්ශයකි.
ලක්ෂාන්
ගම්පහ
ස්වප්නා ඩ්‍රාමා එකේ සුරාජුයි, ස්වප්නයි ආදරෙ කරන විදිහ දැක්කම ඇඬෙනවා තනි අහැට.
අපේ කාලේ කසාද බැඳලා ඊළඟ මාසේ දික්කසාද වන අය ඒ ආදර කතාව බලලාවත් හැදුණොත් හොඳයි.
මධුෂිකා සඳරුවනි
කඩුවෙල
කොස්තාපල් පුඤ්ඤසෝම තුළින් මහේන්ද්‍ර පෙරේරාගේ විශිෂ්ට රංගනය දුටුවෙමි. එයට
සම්මානයක් ලබා දිය යුතුය.
එම්. එස්. වීරසිංහ
මතුගම
දෙරණ ටී. වී. නාලිකාව ගෙනෙන මල්බර දෙරණ අරුනෝදය ජීවිත අරණේ සුපිරි සඳුන් මලක්
ලෙසින් අප හදවත් සුවඳ ගන්වා අපූර්ව වින්දනයක් ගෙන එයි.
හර්ෂනාථ බණ්ඩාර
නිකවැරටිය
බිමල් ජයකොඩි අපට සිටින රංගන පාසලක් බඳු අයකි. ඔහුගෙන් නවකයින්ට උගත හැකි දේ බොහෝය.
සුමිත් වීරක්කොඩි
හොරණ
සූරියභානු දැන් කතාවට මං ගොඩක් කැමැතියි. මොකද එය ඉතාම රසවත් අයුරින් කුතුහලය දනවන
අන්දමින් රූගත කරලා තියනවා.
වරුණ
අලුත්ගම
ඉස්සර තරම් සිනමා විචාර ලියවෙන්නේ නැති හින්දා තමයි කසිකබල් ෆිල්ම්ස් දැන්
හැදෙන්නේ. හොඳ විචාර කලාවක් තිබුණා නම් ඒව බලලාවත් අධ්‍යක්ෂවරු ගුණාත්මක චිත්‍රපට
හදාවි.
අයේෂ් වාසල
මතුගම
ධර්මදාස වල්පොල අප අතරින් වියෝ වී දශක තුනකට ආසන්න කාලයක් ගත වුණත් ඔහුගේ කොවුල් හඬ
අදටත් දෝංකාර දෙයි.
ලක්මාලි
වරකපොළ
සුදේශ් වසන්ත පීරිස් මහත්තයෝ, ඔයා හදපු රන්ජා මරු. වසන්ත කුමාරවිලගේ සටන් නියමෙට
නියමයි. වසන්තව දාලා ආයෙත් ක්‍රියාදාම චිත්‍රපටයක් කරන්න. ඒක සුපර් හිට් වෙයි.
වික්‍රම
මිද්දෙණිය
ශ්‍රීමාල් වෙඩිසිංහ හරියට ඉන්දියන් නළුවෙක් වගේ. ශ්‍රීමාල්ගේ මුහුණේ තියෙනවා
ද්‍රවිඩ ගතියක්. එබැවින් ඔහු ඉන්දියාවේ උන්නා නම් රජිනි කාන්ත් ගානටම ඉඳීවි.
අරුන්දතී
වත්තල
සෝමතිලක ජයමහ පිළිබඳ ඉතාම අනර්ඝ ලිපියක් පසුගිය සරසවිය කළාපයක පළ විය. මට ඔහු ගැන
තිබුණු ගෞරවය දෙගුණ තෙගුණ වුණේ සැඳ අඳුර, දෙනුවර මින් පසු වැනි ගීත ඔහුගේ පද රචනා
බව දැනගත් පසුවයි.
සත්‍යාංගනී
අලව්ව
ජැක්සන් ඇන්තනී මහත්තයෝ, ඔබ නිර්මාණය කරන්න සූදානම් වුණු මනමේ සිනමාපටයට මොකද වුණේ.
අපි හරි ආසවෙන් බලාගෙන හිටියේ එය නරඹන්න.
ශාන්ත
කරුවලගස්වැව
බඹර නාදේ, නොදැක ඉන්න බෑ වැනි ගීත ලියූ සචිත් වී. චතුරංග නව පරපුරේ සිටින සැබෑම
දක්ෂ ගී පද රචකයෙකි. ඔහුගේ නවමු ගි පද නව රැල්ලක් ඇති කිරීමට සමත් වුණා.
මිහිරි
නවගමුව
චමල්ශා දෙව්මිණි අක්කා දැන් කෝ. චමල්ශාව තවමත් කාටවත් අමතකව නැති නිසා.
සජනි
පිළියන්දල
ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, රවීන්ද්‍ර රන්දෙණිය, තිස්ස විජේසුරේන්ද්‍ර
වැනි අයගේ පවුල් ජීවිත අදටත් ඉතාම සාර්ථකයි. ඒ අය වෘත්තීය ජීවිතයයි පවුල් ජීවිතයයි
පටල ගත්තේ නෑ.
රුවන්
අම්බලන්ගොඩ
සුපර් ස්ටාර් තුළින් බිහි වූ මලිත් පෙරේරා, නිශාන්ත නානායක්කාර, මොහාන් දර්ශන,
දර්ශන ප්‍රමෝද් වැනි අය අද වන විට පේන්නවත් නැහැ. අපරදේ අපි යවපු එස්. එම්. එස්.
නිශාන්ත
මාකඳුර
|