|
|
||
පාට කොහොමද? පෙනුමයි රතුයි
කපුවා - ඔන්න මුදලාලි ඔහේගෙ පුතාට හරි ශෝක් කටයුත්තක් ගෙනාවා. මුදලාලි - වැඩක් නැහැ කපු මහත්තයා. ඌට තියෙන්නේ වෑන් පිස්සුව. අදත් ඔය කාර් බ්‍රෝකර් කෙනෙක් එනකන් බලන් ඉන්නෙ. ඔය අතරෙ බර්ටි ගුණතිලකයන් පත්තරයක් අතේ ඇතිව සුරුවම් බබා වේදිකාවට පැමිණේ. බර්ටිගේ ගමන් විලාසය දකින ප්‍රේක්ෂකයෝ ඔන්න සිනහ වෙන්නට පටන් ගන්නවා.
කපුවා - මුදලාලි අන්න බේබි මහත්තයා එනවා යං . . යං . . මුදලාලි - අනේ මට බැහැ. මට දැන් එපා වෙලා. ඔහෙම කතා කරනවා. කපුවා - ඔන්න බේබි මහත්තයා මම මේ සැරේ හොඳ එකක් ගෙනාවා. මනාලයා - මම උදේ ඉඳල බලන් හිටියෙ කොහෙන්ද ඔය. කපුවා - මේකට නම් බේබි මහත්තයා කැමති වෙයි, කඩුගන්නාවෙන්. මනාලයා - එහෙනං කඳුවලට හොඳ ඇති. කපුවා - මොනවා අහනවද උදේ නැග්ගහම හැන්දෑවෙ බහින්නෙ. මනාලයා - පාට කොහොමද? කපුවා - පෙනුමයි, රතුයි. මනාලයා - දැන් කී සැරයක් බෝර් කරලද? කපුවා - මක් කිව්වා? මනාලයා - හා කමක් නැහැ, කොහොමද බොනට් එක? කපුවා - ඒ කිව්වෙ? මනාලයා - ඒ කිව්වෙ ඉස්සරහ පැත්ත. කපුවා - හරිම ෂෝක් ආ . . . බේබි මහත්තයා කැමති වෙයි. මනාලයා - හැබැයි තැලිලා පොඩි වෙලා නම් මට එපා. කොහොමද ඩිකිය? කපුවා - ඒ කිව්වෙ? මනාලයා - පස්ස පැත්ත සීරිල තැලිලා පොඩි වෙලා තිබුණොත් මට එපා. කපුවා - බේබි මහත්තයා මොනවා කියනවද මන්ද? කමක් නෑ. කමක් නෑ. මනමාලයා - මොකක්ද පාවිච්චි කරන තෙල කපුවා - ඒක ඉතින් අහලා බලන්න ඕනෑ. එක එක තෙල් වර්ග පාවිච්චි කරනවානේ. මම අහලා කියන්නම්. මනාලයා - බැක් ටපයර් කරනවද? කපුවා - ඒ කිව්වෙ? මනාලයා - උන්නු උන්නු ගමන් පස්ස පැත්තෙන් ‘ඩෝං’ ගාල ශබ්දයක් පිට වෙනවද? කපුවා - ශාක් . . . බේබි මහත්තයා කියන කතා. ඒවා ඉතිං ගෙනාපුවහම දැනගත හැකිනෙ. මනාලයා - හැබැයි ලෙඩ දෙන්න ගත්තොත් මම අයින් කරනවා හරිද? ඉස්සෙල්ල එකත් මම අයින් කළේ ඒකනෙ. කපුවා - බේබි මහත්තයා මොනවද මේ කියන්නේ. මගේ ජොබ් එකත් ගහල යයි. මනාලයා - එහෙම කියල බැහැ. යාළුවෙක් ඉල්ලුවොත් දෙන්ඩ එපායැ. දැන් මේ ටිකේ මමත් යාළුවෙකුගෙ එකක් පාවිච්චි කරන්නෙ හරිද? කී දෙනෙකුට නැගල ගිය හැකිද? කපුවා - ශාක් . . . අහන කැත කතා. මනාලයා - කොහොමද ටයර්? කපුවා - මහත්තයෝ ඔය කතා කරන්නේ මනමාලියෙක් ගැන ද නැත්නම් කාර් එකක් ගැනද? මනාලයා - මං කතා කරන්නේ කාර් එකක් ගැනවත් මනමාලියෙක් ගැනවත් නොවෙයි. කපුවා - එහෙනම්? මනාලයා - මම කතා කරන්නෙ වෑන් එකක් ගැන. කපුවා - ඕයි, මම කාර් බ්‍රෝකර් නෙවෙයි, මැරේජ් බ්‍රෝකර්. * මේ මොකද ඕයි* ‘අඩියක්’ ගසා අමද්‍යප සංගමයට ගිහින්* පුවක්පිටිය කේවට්ටලාගේ අමාරිස්* කුස්සි අම්මාට විරුද්ධව නඩුවක්* ඔහේ තාත්තා නම් මෙයා කොහොමද පියා වෙන්නේ* සුද්දො කොහෙද ඕයි සිංහලෙන් අහන්නේ* ලේබල් ලයිබල් වෙලා* බැනපු කතාවත් පරිවර්තනය කළා |
||



ගුවන් විදුලිය තුළ විනෝද සමය ඉදිරිපත් කිරීමේදී අපිට යම් සීමාවක ඉඳගෙනයි කතා
නිර්මාණයට අවසර ලැබුණේ. ඒ නිසාම ගුවන් විදුලියේ නීති රීතිවලට ගැළපෙන ලෙස තමයි විනෝද
සමය නිර්මාණය කළෙත්. ඒත් විනෝද සමය සඳහා ගුවන් විදුලියෙන් පිටත විවිධ පළාත්වලින්
අපිට ලැබුණු ආරාධනාවලට අනුව අපි විනෝද සමය නිර්මාණය කළා. ගුවන් විදුලියේ නීති
රීතිවලට පිටින් එවැනි වැඩසටහන්වලදී අපිට භාවිත කළ හැකි දෙබස්වලදී ලොකු නිදහසක්
ලැබුණා. ඒ වගේ පිට පළාත්වලට ගිහින් කරපු විනෝද සමය වැඩසටහනක් තමයි මඟුල් කපුකම. මේ
සඳහා මුදලාලි ලෙසින් ඇනස්ලි. මඟුල් කපුවා ලෙසින් සැමුවෙල්. මනමාලයා ලෙසින් බර්ටි
රංගනයෙන් එක් වුණා. 