ඔබටත් එහි අසුනක් ඇත

ඔබටත් එහි අසුනක් ඇත
එබැවින් ඔබ මේ උළෙල නැරඹිය යුතුයි
ඒ ඇයි?
අපේ සිනමා කලාකරුවෝ අදහස් දක්වති
අම්මේ, ඔබේ දරුවට හොඳ චිත්‍රපටයක් පෙන්වන්න
ජාත්‍යන්තර
සිනමා හමුවක්
මාලිනී ෆොන්සේකා
අපේ රටේ නිර්මාණකරුවන් රැසක් ඉන්නවා ජාත්‍යන්තර සිනමා උළෙලයන් නියෝජනය කළ. ඔවුන්
බහුතරක් කියූ දෙයක් තමයි අප රටේත් එවන් වූ උළෙලක් තිබුණා නම් හොඳයි කියා.
එමෙන්ම
ජාත්‍යන්තර සිනමා උළෙලයන් නියෝජනය කරන්න බැරි සිනමාකරුවන්ට මෙය ඉමහත් වූ වටිනා
අවස්ථාවක් කියා කියන්න පුළුවන්. මෙහි වටිනාකම වැඩිපුර තියෙන්නෙ තරුණ
නිර්මාණකරුවන්ට.
ඔවුන්ගේ අනාගතය පැහැබර කරගන්න මෙමඟින් අවස්ථාව ලැබේවි. ඒ වගේම
ජාත්‍යන්තර නිර්මාණකරුවන් හා මුහුවෙන්න මෙහිදී පුළුවන්. ඔවුන් සතු දැනුම ද හුවමාරු
වේවි. මෙය සිනමා කර්මාන්තයට පමණක් නොව සමස්ත රටටම බලපාන පරිදි පොදු වටිනාකමක් ඇති
දෙයක්.
මේ වෙනමම සංස්කෘතියක්
අනෝජා වීරසිංහ
හොඳ සිනමාපටයක් නැරඹීමේ සා පිපාසාව ඇති අපේ සිනමාලෝලීන්ට උතුම් තෑග්ගක් මෙම සිනමා
උළෙල. මෙහිදී තව දෙයක් කිව යුතුමයි. අප රටට ජාත්‍යන්තර සිනමා උළෙලක් කියන්නෙ
ආගන්තුක දෙයක්. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලක සංස්කෘතියක් තියෙනවා. කොතරම්
සුවිශේෂී අයකුට වුණත් මෙහිදී කලින් ආරාධනා පත්‍ර දීලා සීට් වෙන් කරන්නෙ නැහැ. හොඳම
උදාහරණයක් තමයි මේක.
ඉන්දියාවෙ උළෙලකට මා සහභාගි වුණා. එහිදී සුපිරි නළු කමල්හසන්
පොලිමේ ඉඳලයි සිනමාශාලාව ඇතුළට ගියේ. සාමාන්‍ය කෙනෙක් වගේ ඇවිත් කැන්ටිමෙන් කාලා
ගියේ චිත්‍රපටය බලලා. එයා කොච්චර ලොකු නළුවකු ද කියන එක වැදගත් නැහැ.
මෙරටටත් එය
වලංගුයි. අප ඒ සංස්කෘතිය හඳුනා ගත යුතුයි. අනික මම විශේෂයෙන් අප රටේ මවුපියන්ට යමක්
කියන්න ඕන. හැමදාම දරුවන්ව ටියුෂන් යව යවා ඉන්නේ නැතුව මෙවන් වූ උළෙලකදීවත් හොඳ
චිත්‍රපටයක් පෙන්වන්න. එයින් ළමයින්ගෙ මනස සෞම්‍ය වේවි.
අනාගත සිනමාකරුවන්ට අත්වැලක්
ප්‍රසන්න විතානගේ
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලක් සංවිධානය කිරීමට හැකිවීම පිළිබඳ ශ්‍රී ලාංකික සිනමා
අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදයේ සභාපති හැටියට ඉමහත් සතුටකින් මම ඉන්නේ.
මේ හරහා අප සිනමා
රසික ප්‍රජාවට නිතර දක්නට නොලැබෙන චිත්‍රපට හඳුන්වා දී ඒවා ඔවුන්ට නරඹන්නට අවස්ථාව
උදාකර දෙනවා. ඒ වගේම එම චිත්‍රපට නරඹා සිනමා ලෝලීන්ගේ රසඥතාව උසස් වනු ඇතැයි මා
විශ්වාස කරනවා. එමෙන්ම මෙහිදී වැඩමුළු කිහිපයක්ද පවත්වනවා.
ඒ අනාගත සිනමාකරුවන්ට
අත්වැලක් වීම උදෙසායි. සිනමාවේ ඇති උත්කර්ෂවත් බව කුමක්දැයි සිනමා ලෝලීන් මෙම සිනමා
උළෙල තුළ දී හඳුනා ගනු ඇති. කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අනාගත සිනමාවට සාධනීය
අත්වැලක් වනු ඇතැයි යන බලාපොරොත්තුව අප සැමගේ සිත් තුළ තියෙනවා.
සංචාරක
ආකර්ෂණය
උදයකාන්ත වර්ණසූරිය
මුළු නගරයක් කේන්ද්‍ර කරගත් සිනමා උළෙලක් අපට තිබුණේ නැහැ. මේ තමයි අපේ පළමු අදියර.
එක අතකින් බලද්දී අපි ප්‍රමාදයි මෙවන් වූ උළෙලක් පවත්වන්න. නමුත් මේ කාලයේදීවත්
මෙවැනි උළෙලක් සංවිධානය කරන්න හැකිවීම ගැන සතුටු වෙනවා.
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට අති විශාල පිරිවැයක් වැය වුණා. අපට සතුටුයි එම
අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවීම පිළිබඳ. ඒ වගේම ජාත්‍යන්තර කීර්තියට අප රට පත්වේවි
මේ උළෙල නිසා. එමඟින් සංචාරක ආකර්ෂණයත් වැඩිවේවි.
ලංකාවේ
සිට ලෝකය දක්වා
ජැක්සන් ඇන්තනි
චිත්‍රපට කලාවක් වගේම කර්මාන්තයක්. ඒ වගේම ජාත්‍යන්තර විෂයයක්. ජාතිකත්ව එකතුවක්.
මේ ජාතිකත්ව එකතුවට අපි ජාතියක් වශයෙන් සම්මාදන් වන්නට පුළුවන් හොඳම අවස්ථාව මේකයි.
ලංකාව තුළ ලෝකය පිහිටනවා නොව ලෝකය තුළයි ලංකාව පිහිටන්නේ. ලෝකය තුළ ලංකාව යනු ලංකාව
තුළ ලෝකයයි.
සිනමාකරුවකුට මේ සමීකරණය විසඳන්න වන්නේ ලංකාව තුළ සිට ලෝකය දැකීමෙනි.
එය මෙම සිනමා උළෙලින් සිදුවනවා. මෙය ලංකාව තුළ සිට ලෝකය දැකීමක්. කොළඹ ජාත්‍යන්තර
සිනමා උළෙල යනු අත්‍යවශ්‍ය කාලීන අවශ්‍යතාවක් බවයි මගේ විශ්වාසය.
ඉගෙන ගන්නට
බොහෝ දේ ඇත
රවීන්ද්‍ර රන්දෙණිය
ප්‍රථම වතාවට ජාත්‍යන්තර සිනමා උළෙලක විස්මය අපට දැන් දැන් අත්විඳින්න පුළුවන්. මං
දන්නා විදිහට රටවල් හතළිහක චිත්‍රපට අනූවක් පමණ මෙහිදී තිරගත වෙනවා.
මුළු ලෝකයේම
අවධානය මීට යොමු වීම මෙහි තව විශේෂත්වයක් ලෙස මා දකිනවා. එපමණක් නොව ජාත්‍යන්තරයේ
විශිෂ්ට අධ්‍යක්‍ෂවරු ලංකාවට එනවා. ඔවුන්ගෙන් අපට ද යම් යම් දේ උගත හැකියි. මෙවන්
වූ උත්සවයක් තබන අවස්ථාවන්හි දී ඇතැම් අය අඩුපාඩු හොයන්න තමයි බලන්නෙ.
එහෙම කරන්න
එපා කියා මා ඉල්ලීමක් කරන්න කැමැතියි. මෙම උළෙල වසරක් පාසා පවත්වාවි.
ඒ වගේම ඊළඟ
පාර මෙය තවත් සාර්ථක වේවි. අපි ඒ ඒ රටවල් වඩාත් හඳුනන්නේ බර්ලින්, කාන්, පූසාන්
වැනි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලයන් නිසා. කොළඹ නගරයත් එබඳු ලොව ඉහළින් සලකන නගරය
වන්නට මෙයත් හේතු වේවි.
සටහන – ප්‍රසාද් සමරතුංග
|