වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




වැස්සට මම ආසයි

වැස්සට මම ආසයි

ජනමාධ්‍යවේදී පාලිත පෙරේරා

වැස්ස අධික කාලයක් නිසා නිතරම වගේ වැස්ස දෙසම බලාගෙන ඉන්න මම බොහොම කැමැතියි. ඒක මගේ පුංචි කාලයේ පටන්ම මට තිබුණු අපූරු පුරුද්දක්. මගේ කාමරයට රුක්මලේ විහාරයේ බෝධීන් වහන්සේ පෙනෙනවා. ඒ දෙසම බලාගෙන ඉන්න විට මට දැනෙන්නේ පුදුම සතුටක්. නිස්කලංක බවක්.

උදෙන්ම නැඟිටින මම වේගයෙන් ඇවිදින ව්‍යායාම සඳහා එළියට ගිහින් ආවට පස්සේ කරන්නේ භාවනාවක් කරන එකයි. ඊට පස්සේ ගේ ඇතුළට ඇවිත් පරිගණකය ළඟ වාඩි වෙලා පුවත්පත් ටික කියවන එක රාජකාරිය වෙලා. ඊට අමතරව පොත් කිහිපයක් කියවන්නත්, පොතක් ලියන කටයුතුත් කරන නිසා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා කිව්වොත් නිවැරැදියි. ඒ අතර නිදහසේ ටික වේලාවක් ඉන්නත් අමතක කරන්නේ නැහැ.