වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




බැන්දට පස්සේ

බැන්දට පස්සේ

ගර්භණී වීම බොහෝ නිළියන් රංගනයෙන් ඈත්වීමට හේතුවක් කර ගත්ත ද විද්‍යා බාලන් නම් එසේ කරන්නේ නැත. අධ්‍යක්ෂට තම ගර්භණීභාවය ගැටලුවක් නොවෙයි නම් තමන් රඟපෑමට සූදානම් බව ඇය පවසන්නීය.

විවාහයෙන් පසුව බොහෝ නිළියෝ රංගනයට දල්වන්නේ රතු එළිය. සැමියාගේ සහාය විවාහක නිළියකගේ වෘත්තීය ජීවිතයට තදින්ම බලපාන බව රාණි පවසන්නීය. ආදිත්‍ය චොප්රා හොඳින් සහාය ලබා දෙන සැමියකු වීම ඊට හේතුවයි. එහෙත් ඇය වරක් සිනාසෙමින් පවසා ඇත්තේ සැමියා තමන්ව අධ්‍යක්ෂණය කරනවාට අකැමැති බවයි. එයට හේතුව නිවෙසේදී ඇය ඔහුව අධ්‍යක්ෂණය කිරීමය. මේ දිනවල රාණි රඟන ‘මර්දානි’ අති සාර්ථක ලෙසින් තිරගත වෙයි. එහි දෙවැන්න නිර්මාණය කිරීමට ඇය බලාපොරොත්තු වන්නීය.