උළෙලේ ආරම්භක චිත්‍රපටය

උළෙලේ ආරම්භක චිත්‍රපටය
2014 වසරේ තිරගත වූ බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්‍රපටයයි. ලොව පුරා වැඩිම වාර ගණනාවක්
සිනමාවට නැඟුණ කතා පුවතක් වන බියුටි ඇන්ඩ් ද බීස්ට් මෙවර සිනමාවට ගෙන එනුයේ ප්‍රංශ
සිනමාකරු ක්‍රිස්ටෝපර් ගාන්ස් විසිනි. වින්සන්ට් කැසල්, ලියා සේඩොක්ස්, ආන්ද්‍රේ
දුසොලියර් ආදීන් චරිත මවන මෙය පසුගිය බර්ලින් අන්තර් ජාතික සිනමා උළෙලේ මුල් වරට
තිරගත විය.
එය ආසියානු රටක මුල් වරට ප්‍රදර්ශනය වනුයේ කොළඹ අන්තර් ජාතික සිනමා
උළෙලේ වීම විශේෂයකි. මෙම ආරම්භක උළෙල කොළඹ රීගල් සිනමාහලේදී 02 වැනිදා සවස ඇරැඹෙන
අතර එය වෙන් වනුයේ ආරාධිතයන්ට පමණි.
මෙම චිත්‍රපටය නැවතත් පසුවදා පස්වරු 1.00 ට එම
සිනමාහලේම ප්‍රදර්ශනය වෙයි.
යාව ජීව සම්මානය
ආචාර්ය ලෙස්ටර්ට
කොළඹ අන්තර් ජාතික සිනමා උළෙලේදී වාර්ෂිකව පිරිනැමීමට බලාපොරොත්තු වන යාවජීව
සම්මානය මුල් වරට පුදනු ලබනුයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතටය.
ඒ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟිනි. මෙම සම්මානය ආචාර්ය ලෙස්ටර් වෙත
පිරිනැමෙනුයේ උළෙලේ අවසාන දිනය වන සැප්තැම්බර් 07 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා
ශාලාවේදීය.
රටවල් 30 ක එකතුවක්
උළෙලේ තිරගත වන චිත්‍රපට
නිල තෝරා ගැනීම - 46
ආරාධිත චිත්‍රපට - 06
නෙට් පැක් සම්මාන දිනූ චිත්‍රපට - 08
ළමා චිත්‍රපට - 07
ඔකිනාවා නගරයට කවුළුවක් - 06
ජුලියට් බිනෝෂ් ප්‍රත්‍යාවලෝකන - 05
මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි ප්‍රත්‍යාවලෝකන - 06
ස්පාඤඤ කාන්තා චිත්‍රපට - 06
කෙටි චිත්‍රපට - 12
මුළු එකතුව - චිත්‍රපට 102
රතු පලස
සමාරම්භක උත්සවයට පැමිණෙන අමුත්තන්, පිළිගැනීම උදෙසා රතු පලස එළීම ජාත්‍යන්තර සිනමා
උත්සවයන්ගේ සම්ප්‍රදායකි.
මෙවර උළෙල පැවැත්වෙන කොළඹ රීගල් සිනමාහලේදී ද සමාරම්භක
සිනමා උත්සවය අවස්ථාවේ ආරාධිතයන් ගමන් කරනුයේ රතු පලස මතිනි.
සමාප්ති චිත්‍රපටය
උළෙලේ සමාප්ති චිත්‍රපටය ලෙස ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් තෝරා
ගෙන ඇත්තේ ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කරන ලද 28 චිත්‍රපටයයි.
රොටර්ඩෑම් සිනමා උළෙලේ
නෙට්පැක් සම්මානය ද, ස්ලොවැනියස් සිනමා උළෙලේ ජූරි සම්මානය ද එය දිනා ගත්තේය.
මහේන්ද්‍ර පෙරේරා. සේමිණි ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල සහ රුක්ෂාන් නිරෝෂ් එහි චරිත
මවති.
සිනමා ප්‍රදර්ශනය
ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසය විදහා දක්වන ප්‍රදර්ශනයක් කොළඹ ලේඛනාරක්‍ෂණාගාරයේ දී 03
වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වේ.
රජයේ චිත්‍රපට අංශය, ජාතික චිත්‍රපට සංස්ථාව,
සිනමා සංරක්‍ෂණාගාරය ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබයි.
සංගීත සන්ධ්‍යාව
ලෝක සිනමා සංගීතය අලළා සැකසෙන සංගීත සන්ධ්‍යාවක් කොළඹ ඩච් හොස්පිට්ල් භූමියේදී 05
වැනිදා පස්වරු 7.00 ට පැවැත්වේ. එය මෙහෙයවනුයේ ලක්‍ෂ්මන් ජෝශප් ද සේරම් විසිනි. මෙය
නොමිලයේ පැවැත්වෙන්නකි.
|