තුන් වැනි වරටත් සුගත්, දුලානි ගනී
තුන් වැනි වරටත්
සුගත්, දුලානි ගනී
කුවේණි - කුමාරිහාමි
දැන් පටාචාරා

දුලානි අනුරාධාට තවත් ඓතිහාසික චරිතයක් ලබාදෙමින් සුගත් සමරකෝන් ‘අපේ කාලයේ
පටාචාරා’ සිනමාවට නැඟීම ආරම්භ කරයි. බෞද්ධ සාහිත්‍යයේ ‘පටාචාරා’ ස්ත්‍රී ඛේදවාචකය
සමඟ වර්තමාන ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය පාදක කරගනිමින් මෙහි තිර රචනය සකස් වී ඇත. දුලානි
අනුරාධා මෙහි පටාචාරාට පණ පොවනු ලබයි. ඇය සිනමාවේ ඓතිහාසික චරිතයක් නිරූපණය කරනුයේ
තෙවැනි වතාවටය.
රවීන්ද්‍ර රන්දෙණිය, සාරංග දිසාසේකර, අනුර ධර්මසිරිවර්ධන, සරත් දික්කුඹුර ඇතුළු
රංගන ශිල්පීන් පන්සියයකට අධික පිරිසක් ‘පටාචාරා’ හැඩකිරීමට නියමිතය.
‘අපේ කාලයේ පටාචාරා’ විශ්ව කුමාර වතියගේ ගේ නිෂ්පාදනයකි. ඇඳුම්, ආභරණ නිර්මාණයෙන්
පි‍්‍රයාන් අනුර ශ්‍රී එක්වෙයි. හර්ෂණ වික්‍රමසිංහගේ සහාය අධ්‍යක්‍ෂණයකි. ධම්මික
හේවාදුවත්ත කලා අධ්‍යක්‍ෂවරයාය. අනුරාධපුර රාජාංගනයේදී සුබ මොහොතින් ඇරැඹි ‘අපේ
කාලයේ පටාචාරා’ හි දර්ශනයක් මෙසේ කැමරාවේ සටහන් විය.
ප්‍රසාද්
|