වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




බලනව නම් චිත්‍රපට

බලනව නම් චිත්‍රපට

අතුරුදන් වූ තම සැමියා සොයන
(Nee Enge En AnBe)

ලන්ඩන් නගරයේ සිට හයිද්‍රබාද් දක්වා එන තරුණියක නැති වූ සිය සැමියා සොයයි. ඉහළ පොලිස් නිළධාරීන් පවා පවසන්නේ ඇගේ සැමියා මිය ගොස් ඇති බවයි. එහෙත් අසත්‍ය රජ කරන නගරයේ කිසිවකුගේ බස් ඇසීමට ඇය සූදානම් නැත.

සැමියා සොයා යෑමේ ක්‍රියාදාමය ඇය තනිවම අරඹයි. මේ නී එන්ගේ එන් අන්බේ කතා පුවතයි.

නයනතාරා, පසුපති, විල්බට් රෙඩ්ඩි, කේ. වී. ජයශංකර්, හර්ෂ වර්ධන්, විනෝයි ධර්ම ඇතුළු දෙමළ සිනමාව් ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟන නී එන්ගේ එන් අන්බේ ශේකර් සම් බුලාගේ නිර්මාණයකි.

නී එන්ගේ එන් අන්බේ විද්‍යා බාලන් රඟපෑ ‘කසානි’ හින්දි චිත්‍රපටයේ ද්‍රවිඩ ප්‍රති නිර්මාණයකි.
 

වානරයන්ගේ සහ මිනිසාගේ ගැටුම
(Dawn of Planet of the Apes)

බුද්ධියෙන් ඉතා උසස් වානර සත්වයන් මිනිසුන් විනාශ කිරීමට සැරැසෙයි. දෙපිරිස අතර දරුණු සටන් ඇවිලෙයි. මෙම ගැටුමෙන් ලෝකයේ සැබෑ අයිතිකරුවන් කවුරුන්දැයි තීරණය වේ.

මෙවන් කතා පුවතක් රැගත් ඩෝන් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් මැට් ග්‍රිව්ස්ගේ අධ්‍යක්ෂණයකි.

ජේසන් ක්ලාක්, ඇන්ඩි ශර්කිස්, හැරී ඕල්ඩ්මන්, කෙරී රසල් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟන ඩවුන් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒජස් මේ දිනවල ලොව ජනප්‍රිය චිත්‍රපටයකි.

ඒක් විලන්
(Ek Villain)

දැඩි ගතිගුණ ඇති නිශ්ශබ්ද පුද්ගලයෙක් ගුරු. ඔහුට අයේෂා නම් තරුණියක මුණ ගැසෙන අතර ඇය ඔහුගේ ජීවන රටාව වෙනස් කරයි.

ඔහු මුම්බායි නගරයට යන්නේ අයේෂා සමඟ හොඳ යහපත් ජීවිතයක් ගත කිරිමටය. එහෙත් සියල්ල වෙනස් වනුයේ වෙනත් පුද්ගලයකු අතින් අයේෂා ඝාතනය වීමෙනි. ගුරු අයේෂාගේ ඝාතකයා සොයා හඹා යයි.

ඒක් විලන් එවන් කතා පුවතක් ඇති හින්දි ක්‍රියාදාම චිත්‍රපටයකි. මොහිට් ශූරි මෙහි අධ්‍යක්ෂවරයායි.

සිද්ධාර්ත් මල්හෝත්‍රා, රිට්දේශ් ශාමුක්, ශාරදා කපූර්, කමාල් ඛාන්, අමානා ශෙරිෆ් රඟන ඒක් විලන් ඩීවීඩී රසිකයන්ට අමුතුම අත්දැකිමක් වනු ඇත.

නෙනොක්කදින්
(Nenokkadine)

විවිධ රස සොයන ඩී. වී. ඩී. රසිකයනට මේ දිනවල නැරැඹිය හැකි ක්‍රියාදාම තෙළිඟු චිත්‍රපටයක් නෙනොක්කඩින් චිත්‍රපටය.

තෙළිඟු සිනමාවේ සුපිරි තරුව ලෙස සැලකන මහේෂ් රඟන මෙහි හඳුන්වා දෙන ප්‍රින්ස් ගෞතම් සහ ක්‍රිටි සැනෝන් සමඟ ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් එක් වෙති. නෙනොක්කඩින් බී. සුකුමාර්ගේ අධ්‍යක්ෂණයකි.

ගෞතම් කුඩා අවදියේදීම ඔහුගේ දෙමව්පියන් ඝාතනය වෙයි. එයට හේතුව ඔහු නොදනියි.

තරුණයකු වූ පසු ගෞතම්ට ඔහුගේ දෙමව්පියන්ගේ ඝාතකයන් සොයා ගැනීමට අවශ්‍ය වෙයි. ඔහුට ඔහුගේ දෙමව්පියන්ගේ රුව මතක නැත. එහෙත් ඝාතකයන්ගේ රුව ඔහුගේ මනසෙහි ඇත. මේ නිසාම ගෞතම් මානසික රෝගියකු බඳුය.

මේ අතර මාධ්‍ය වාර්තාකාරිණියක් වන සමීරා ඔහුගේ ජීවිතයට සම්බන්ධ වෙයි. ගෞතම් සහ සමීරාට ගෞතම්ගේ දෙමව්පියන්ගේ ඝාතකයන් හා ගැටීමට සිදු වෙයි.
 

තිරුමානුම් එන්නුම් නික්කා
(Thirumanam Ennum Nikka)

දෙමළ සිනමාවේ නව පරපුරේ චිත්‍රපට සඳහා ඇල්මක් දක්වන රසිකයනට මේ දිනවල නැරැඹිය හැකි චිත්‍රපටයකි වී. රවිචන්ද්‍රන් නිෂ්පාදනය කළ තිරුමානුම් එන්නුම් නික්කා චිත්‍රපටය.

නව පපුරේ ජායි, නස්රියා නසීම්, හේබා පටෙල්, ජමල් සහ දිනේෂ් ඇතුළු නළු නිළියන් රැසක් රඟන තිරුමානුම් එන්නුම් නක්කා අනීස්ගේ අධ්‍යක්ෂණයකි.
 

සනත්, අනෝජා, ජීවන් මුල් හමුව
සාරංගා

පැරැණි සිංහල චිත්‍රපට නැරැඹීමට කැමැති ප්‍රේක්ෂකයාට දැන් වෙළෙඳ සැලෙන් ලබා ගත හැකි සිංහල ඩී. වී. ඩී. පටයකි සාරංගා.

සරසවිය පුවත්පතේ පළ වූ ජනප්‍රිය චිත්‍ර කතාව ඇසුරෙන් ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කර මෙල්වින් ක්‍රිස්ටෝපර් පෙරේරා නිෂ්පාදනය කළ සාරංගා ඉතාමත් දැකුම්කළු ආකර්ෂණිය සිංහල චිත්‍රපයකි.

සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, ජීවන් කුමාරණතුංග එක්ව රඟපෑ මුල්ම චිත්‍රපටය වනුයේ සාරංගාය. ඩග්ලස් රණසිංහ, ශිරාණි නුගේරා, ලීනා ද සිල්වා, ජයලත් මනේරත්න, ග්‍රැන්විල් සිල්වා, විමල් කුමාර් ද කොස්තා ඇතුළු සිංහල සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇති මෙය ෆොටෝ ෂයින් බෙදා හැරීමකි.

බ්ලු රේ චිත්‍රපට අනුග්‍රහය

මූවි වර්ල්ඩ් එච්. ඩී.

ඩී. වී. ඩී.

අනුග්‍රහය - නීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර.