වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ පනස් එකක්

සිනමාවේ පනස් එකක්

චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා

මගේ අලුත්ම චිත්‍රපටය වන ‘සිහින ලොවක් සොයා’ නිර්මාණයේ සියලු කටයුතු අවසානයි. එහි පූර්ව ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අන්තර්ජාලයට එහි තොරතුරු ඇතුළත් කළා. ‘සිහින ලොවක් සොයා’ කියන්නේ පවුලේ ආදර්ශවත් කතාවක්. ඒත් සමඟම ඊළඟ චිත්‍රපටයටත් අපි සූදානම් වෙනවා.

ඒ චිත්‍රපටය නම් විකට චිත්‍රපටයක් වේවි. දෙසැම්බර් මාසයේ එහි මුහුරත් උළෙල පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන අතරතුර මගේ සිනමා ගමනට වසර පනස් එකක්.

ඒ අතර මගේ උපන් දිනයත් ඇවිල්ලා. ඒ සඳහා උත්සව ගන්නවා වෙනුවට මා කරන්නේ පන්සලකට ගොස් අටපිරිකර පූජා කරලා දානයක් දීමයි. ඒ වගේම දුප්පත් පවුල් කිහිපයක් තෝරා ගෙන ඒ අයට වියළි ආහාර මල්ලක් ලබා දෙන්නත් මා සූදානම්.