වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අපෙන් පස්සේ අයට හෙටක්

අපෙන් පස්සේ අයට හෙටක්

ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ

ගුවන් විදුලියේ වැඩ කටයුතු කරගෙන යන අතරම මගේ ඩී. ශ්‍රී. ඇකඩමි කියන ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයන් පුහුණු කරන ආයතනයේ වැඩ කටයුතුවලටත් මා මුල් තැන දුන්නා.

ඒ අපගෙන් පස්සේ වඩාත් යහපත් වූ සන්නිවේදන පරපුරක් බිහි කිරීමේ අරමුණෙන්. සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටින අයට නිවැරැදිව පුහුණුවක් ලබා දෙමින් ඒ ඒ ස්ථානවලට යොමු කිරීම සිදුවන නිසා සිතට දැනෙන්නේ සතුටක්.