|
|
බන්දුල ගුණවර්ධන නැවතත් නිෂ්පාදනයටස්වර්ණා මල්ලවාරච්චි දිගු කලකට පසුනිලේන්ද්ර දේශපි‍්‍රය ගේ නවතම නිර්මාණය තිස් වැනිදා වැඩ අරඹයි
හොඳම නිෂ්පාදක ලෙස ‘සරසවිය’ සම්මානය දෙවරක්ම දිනාගත් බන්දුල ගුණවර්ධන සිය සිව්වැනි චිත්‍රපටයේ වැඩකටයුතු මෙම මස 30 වැනිදා අරඹනු ඇත. එම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනුයේ තිරගත වීමට නියමිත ‘තන්හා රතී රඟා’ ට්ත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන ලද නිලේන්ද්‍ර දේශපි‍්‍රය විසිනි. සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි දිගු කලකට පසු මෙහි ප්‍රධාන චරිතයකින් නැවතත් සිනමාවට පිවිසෙයි. පසුගිය අසූව දශකය අවසානයේ මෙරට සිදු වූ ජාත්‍යන්තර වශයෙන් පවා අවධානයට ලක් වූ සිදුවීමක් කේන්ද්‍ර කොටගත් මෙම චිත්‍රපටයේ තිර පිටපත නිලේන්ද්‍ර රචනා කරන ලද්දේ මෙයට වසර ගණනාවකට පෙරාතුවය. එහෙත් එයට පෙර තන්හා රතී රඟා චිත්‍රපටයේ වැඩ නිමකර ගැනීමට නිලේන්ද්‍ර සමත් විය. සුද්දිලාගේ කතාව සහ සිරිමැදුර යන චිත්‍රපට නිෂ්පාදනය කරමින් සරසවිය සම්මාන දිනූ බන්දුල ගුනවර්ධන අවසන්වරට නිෂ්පාදනය කළේ බෙහෙවින් විචාරක අවධානයට පාත්‍ර වූ ‘අයෝමා’ චිත්‍රපටයයි. සුද්දිලාගේ කතාව ධර්මසිරි බණ්ඩාරනායක විසින් ද, සිරි මැදුර පරාක්‍රම නිරිඇල්ල විසින් ද නිර්මාණය කරන ලදී. බන්දුල ගුණවර්ධන චිත්‍රපටයක් නිෂ්පාදනය කරනුයේ වසර 19 කට පසුය. සුද්දිලාගේ කතාව සහ අයෝමා චිත්‍රපටවල සුද්දි සහ අයෝමා ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කළේ ස්වර්ණා මල්ලවාරච්චිය. බන්දුල ගුණවර්ධන වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා වෙයි. |



