|
|
සුරංගන කතාවක අලුත් පියවර
මේල්ෆිෂන්ට් කැළෑබද රාජධානියක ඉතාමත් සතුටින් කාලය ගත කරන සුන්දර තරුණියකි. එක් දිනකදී සතුරු හමුදාවක් විසින් රාජධානියේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරයි. මෙම අවස්ථාවේදී රාජධානියේ ආරක්ෂකයා ලෙසින් කටයුතු කරන්නට සිදුවන්නේ මේල්ෆිෂන්හටය. ඇය ඒ වගකීම ගෙන කටයුතු කරන්නීය. එවිට ඇය දරුණු පාවාදීමකට හසු වන්නීය. මේ නිසා ඇයගේ හදවත ගලක් බවට පත්වේ. පළිගැනීමේ අරමුණැතිව ඇය සතුරු රජුගේ අනුප්‍රාප්තිකයා සමග සටනකට එළඹේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇය ඔහුගේ අලුත උපන් බිළිඳා වන අවුරෝරා දරුණු ශාපයකට ලක් කරන්නීය. රාජධානියේ සාමය සඳහා අවුරෝරා වැදගත් බව ඇය අවබෝධ කර ගන්නීය. Maleficent ක්‍රියාදාම ජවනිකා රැගත් නවතම පවුලේ චිත්‍රපටය යි. ඇන්ජලීනා ජොලී මේල්ෆිෂන්ට් ලෙසින් චරිත නිරූපණය කරන අතර එලී ෆැනින්ග්, ෂාල්ටෝ කොප්ලේ, ලෙස්ලි මැන්විල්, සෑම් රයිලි ඇතුළු පිරිසක් සෙසු රංගන දායකත්වය ලබා දෙති. රොබට් ස්ට්‍රෝම්බර්ග් අධ්‍යක්ෂණය කළ Maleficent වෝල්ට් ඩිස්නි සමාගමේ බෙදාහැරීමකි. පසුගිය මැයි 30 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදයේ තිරගතවීම ආරම්භ කළ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ පෙරමුණට පැමිණීමට සමත්ව ඇත. මිනිත්තු 97ක කාලයක් පුරා දිවෙන මෙය ඩොලර් මිලියන 180ක පිරිවැයක් යොදා නිර්මාණය කර තිබේ. ජුනි 13 වැනිදා සිට වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලෙන් ලාංකේය ඔබටත් Maleficent නැරඹීමට දැන් අවස්ථාව උදාවී ඇත. |



