වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කලා කටයුතු නිසා අවිවේකයෙන්

කලා කටයුතු නිසා අවිවේකයෙන්

නිවේදක, ගීත රචක කැලුම් ශ්‍රීමාල්

‘අහන්න ගී රස’ කියන ගී වැඩසටහන දෙරණ එෆ්. එම්. නාලිකාවේ දැන් බොහොම ජනප්‍රියයි. ගීතයක මුල්ම ගීතය වාදනය කරන්නට අපි එහිදී නිතරම උත්සාහ ගන්නවා.

ඩ්‍රීම්ස්ටාර්වල ළමයින්ට හින්දි ගී තනුවලට ගීත කිහිපයක්ම ලිව්වා. මගේ ලියූ ගීත රැසක් එකතු කරලා ඉදිරියේදී පොතක් එළි දැක්වීමේ කටයුත්තත් කිරීමට නියමිතයි.

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ චරිතාපදානයක් ලියන්නත් යම් සූදානමක් තිබෙන වගත් කියන්න ඕනෑ. ඒ අතරම ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ පොතක් ලිවීමේ අදහසක් මට පහළ වුණේ වර්තමානයෙන් සිටින නිවේදක – නිවේදිකාවන්ට ප්‍රයෝජනවත් වේවි කියලයි.