වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

දැනට පවතින ලොව පැරැණිම චිත්‍රපට සමාගම් මොනවාද?

විමල් ශාන්ත

පරකඩුව

පළමුවැන්න ප්‍රංශයේ ගෝමෙන්ට් සමාගම (1895)

දෙවැන්න ප්‍රංශයේ පැතේෆෙරර් සමාගම (1896)

තෙවැන්න ඩෙන්මාකයේ නෝඩිස්ක් සමාගම (1905)

සිව්වැන්න අමෙරිකාවේ පැරමවුන්ට් සමාගම (1912)

පස්වැන්න අමෙරිකාව යුනිවර්සල් සමාගම (1912)

යුනිවර්සල් සමාගමට වඩා පැරමවුන්ට් සමාගම පැරැණි වන්නේ එක දවසකිනි.

සිංහල සිනමාවේ විකට නළුවෙකු ලෙස ජනප්‍රියත්වයක් ලද නැසීගිය රිචඩ් ඇල්බට් ‘ටාසන්’ ලෙසින් හඳුන්වන්නේ ඇයි?

කිත්සිරි ගුණසේන

කන්දේගෙදර

ඔහු මුල්වරට රඟපෑවේත්, ජනප්‍රිය වූයෙත් පේ‍්‍රම තරඟය චිත්‍රපටයේ ටාසන් ලෙසින් කළ රංගනයෙනි. ඒ නිසා ඔහු මිය යන තුරුම ටාසන් ලෙසින් හැඳීන් වූවා.

බකමූණා හ්ම් හ්ම්’ ගීතය ඇතුළත් වෙන්නේ කුමන චිත්‍රපටයේද? එහි ගීතය ගායනා කරන්නේ කවුරුන්ද?

පියසේන කූරගම

කරාපිටිය

මෙම ගීතය ‘දරුවා කගේද’ චිත්‍රපටයේ ගීතයකි. කුමුදු කුසුම් ලියනගේ, නාන්දා මාලනී, ජී. එස්. බී. රාණි පෙරේරා ඇතුළු ගායක ගායිකාවන් පිරිසක් මෙම ගීතය ගායනයට දායක වුණා.

මේ දක්වා චිත්‍රපට සංස්ථා සභාපති ධුරය දැරූ සභාපතිවරුන් කවුරුන්ද?

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

ආචාර්ය සරත් අමුණුගම, එල්. පියසේන, උපසේන මාරසිංහ, එරික් සිල්වා, ඇන්ටන් වික්‍රමසිංහ, ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු, එස්. ජී. සමරසිංහ, සුගීත ගෞතමදාස, සුමිත්ත අමරසිංහ, සිරිල් ගුණපාල, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, ආචාර්ය එස්. ජී. සමරසිංහ, ආචාර්ය තිස්ස අබේසේකර, ජයන්ත ධර්මදාස, සුනිල් එස්. සිරිසේන, සිරිල් ගුණපාල, කුමාර් අබේසිංහ, නීතිඥ අශෝක සේරසිංහ. ජයන්ත ධර්මදාස සහ අශෝක සේරසිංහ දෙවරක් චිත්‍රපට සංස්ථා සභාපති ධුරය හෙබවූවා.

සත පනහ චිත්‍රපටයේ ළමා චරිත තුන රඟපෑ දරු තිදෙනා කවුරුන්ද?

හේවගේ සිරිල් ප්‍රනාන්දු

කඩවත

ශ්‍රීනාත් බස්නායක, ජයන්තා ද සිල්වා, බර්නාඩ් පතිරණ එම ළමා චරිත නිරූපණය කළා.

සතර පෙර නිමිති චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද?

එච්. එච්. ජයලත්

ගම්පහ

මහාචාර්ය සුනිල් ආරියරත්න.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ පෙම්වතියක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේද? ඒ කුමන චිත්‍රපටයේද?

ආතර් ද සිල්වා

මාතලේ

ඔව්. චංචල රේඛා චිත්‍රපටයේ.

සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටයට අදාළ දෙමළ හා හින්දි චිත්‍රපට මොනවාද?

ආර්. ඒ. අමරසිංහ

කැළණිය

දෙමළ චිත්‍රපටයේ නම ‘නෙන්ජිල් ඔරු ආලයම්’ චිත්‍රපටයයි. හින්දි චිත්‍රපටය ‘දිල් ඒක් මන්දිර්’ චිත්‍රපටයයි. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ ශ්‍රීධර් නම් සුප්‍රකට දෙමළ අධ්‍යක්ෂවරයා විසිනි.

ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය කෙරෙන ‘භාරත ගී වින්දන’ වැඩසටහන මෙහෙය වන රංජිත් එදිරිසිංහ මහතාගේ ලිපිනය පළ කරන්න.

සමන් පෙරේරා

හැඳල

1572/18, රාජගිරිය පාර, රාජගිරිය.

හදිසි විවාහය’ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් දැන් ජීවතුන් අතර සිටීද?

විජය ඉලංගකෝන්

ගම්පොළ

සිසිර පියසේන පමණක් සිටිනවා. ඔහුත් දැන් සිටින්නේ විදේශ ගතවෙලා.

සිංහල දෙබස් කවා මෙරට ප්‍රදර්ශනය කරන ලද විදෙස් සිනමා නිර්මාණයක් අතරින් ප්‍රේක්ෂක ප්‍රතිචාර වඩාත්ම ලැබූ සහ වැඩිම ආදායමක් ලද සිනමා නිර්මාණය කුමක්ද?

ගිල්බට් පෙරේරා

හෝකන්දර

අංගුලිමාල චිත්‍රපටය.

1982 වසරේ තිරගත කල සිංහල චිත්‍රපට පිළිවෙලින් සඳහන් කරන්න.

රත්න කහඳව

අලව්ව

සඳා, තණ ගිරවි, මහ ගෙදර, බඹර ගිතය, රෑ මනමාලි, සක්විති සුවය, යස ඉසුරු, බයිසිකලේ, අධිෂ්ඨානය, තනි තරුව, ආයාචනා, සුදු අයියා, පෙති ගෝමර, ඒක දිග කතාවක්, සනසන්න මා, අනුරාධා, රහසක් නැති රහසක්, ජීවිතයෙන් ජීවිතයක්, රිදී නිම්නය, ප්‍රදීපා, වතුර කරත්තය, කිරි සුවඳ, සිතාරා, හලෝ ශ්‍යාමා, සිටු දියණිය, තක්කිට තරිකිට, මිහිඳුම් සිහිනය, මේජර් සර්, චතු මධුර, කැලෑ මල්, මලට නොඑන බඹරු, බිත්ති හතර, පාරමිතා, නැවත හමුවෙමු, මිස් මල්ලිකා, රේල් පාර, යහළු යෙහෙළි, කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනය.