|
|
විරහ ගීත ඉක්මනින් ජනප්‍රිය වෙනවා
තරු දහසක් සමඟ එන හයේෂ් මන්තාරා
ශෙහාන් කොහොමද තරු දහසක් හී තත්ත්වය? ඔබ ඔය අහන්න ඇත්තේ ගීතයට ලැබෙන ප්‍රතිචාර වෙන්න ඇති නේද.
ඔව්. අහන අය නම් හොඳයි කියනවා. තවත් අය කියන දෙයක් තමයි ඇයි විරහ ගීතයක් කළේ නැත්තේ කියලා අහන එක.
ඇයි ඒ? මං හිතන්නේ විරහ ගීත ඉක්මනින් ජනප්‍රිය වෙනවා. මොකද ඒවාහි අදහස බොහෝ විට මිනිස් ජීවිතවලට සමීපයි.
එතකොට ඔබ මේ ගීය කිව්වේ ජනප්‍රිය වෙන්න නෙවෙයිද? ජනප්‍රිය වෙන්න නෙවෙයි කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මට ඕනෑ වුණේ උඩුගං බලා පීනන්න. මටත් තිබුණා විරහ ගීතයක් කරන්න. මිනිස්සුන්ව අඬවන්න ඕනෑ තරම් ගායකයෝ ඉන්නවනේ. නමුත් හදවතේ සොම්නසක් උද්දීපනය කරන්න නිර්මාණ බිහිවනවා අඩුයි. මට ඕනෑ කළේ අන්න ඒ අරමුණ ඉටු කර ගන්න.
තරු දහසක් අන්තර් ජාලයට එකතුª කළාද? ඔව්. දින තුනක් ඇතුළත අට දහසක් සිංදුව රස විඳලා තිබුණා. ටික දවසකින් ආයෙත් මං ගීතය තියෙනවද කියලා බලද්දී ඒක නැහැ.
කවුරු හරි ඉන් එය ඉවත් කරලද? ඒක ගැන නම් කියන්නම ඕනෑ. එයයි මට මේ ගීතය නිර්මාණයේ සිට මේ දක්වා වෙච්ච අමිහිරිම අත්දැකීම. මම එක්තරා ආයතනයක් හරහායි තරු දහසක් අන්තර්ජාලයට මුසු කළේ. හොඳ ප්‍රතිචාර තියෙද්දිත් ගීතය එක පාරටම අතුරුදන් වෙලා. මම දන්නේ නැහැ කොහොමද එහෙම වුණේ කියලා. මං අදාළ පාර්ශවයන්ගෙන් ඇහැව්වා. ඔවුන් දන්නෙත් නැහැ. මට මේක හරිම ප්‍රහේළිකාවක්. ඒ ලින්ක් එක හරහා මගේ යාළුවෝ බොහෝ දෙනෙක් ගීතය අහන්න උත්සාහ කරලා මට කියනවා ගීතය ඕපන් වෙන්නේ නැහැ කියලා. මං ඒ අයටත් එක්ක මේ කියන්නේ මං ළඟදීම ආයෙත් තරු දහසක් අන්තර්ජාලයට දානවා.
ඔබේ පියා මැල්කම් මන්තාරා කාලයක් ලංකාවේ ජනප්‍රිය තරුවක්? ඒ ආභාෂයයි මටත් පිහිටලා තියෙන්නේ. මං හරි ආසයි තාත්තාගේ සිඟිංවලට. පොඩි කාලේ ඉඳලා සංගීත පරිසරයක හැදුණ වැඩුණ නිසා ඉබේටම සංගීතයට යොමු වුණා.
ඒත් ඔබ ක්ෂේත්‍රයට එන්න පමා වුණේ ඇයි? මං මුලින්ම වැඩ කළේ සිරස ආයතනයේ. එහි විකාශය වූ නෝනාවරුනි මහත්වරුනි, දාමිණී ඇතුළු නාට්‍ය ගණනාවක නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩ කළා. ඒ කාලේ සංගීතය ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඊට පසුව විදෙස් ගතවුණා රැකියාවකට. ආයේ ලංකාවට ආවට පසුවයි ගීතයක් කළේ.
එතකොට සංගීතය ඔබේ වෘත්තිය නෙවෙයිද? නැහැ. සංගීතය මගේ විනෝදාංශය. මං ඩුබායිවල හොටෙල් ක්ෂේත්‍රය හා සබැඳි රැකියාවක් කරන්නේ. මගේ බිරිය චාමිණී තමයි මගේ සංගීත හැකියාව දැකලා ගීතයක් කියන්න උනන්දු කළේ.
එහි පද, තනුව, ගායනය ඔබේ. කවුද අනෙකුත් කටයුතු කළේ? සංගීත් වික්‍රමසිංහ මියුසික් කළා. වීඩියෝව ප්‍රසංග ගුණසිංහ සහ තුසිත් විමලසිරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණා.
මොනවද ඔබේ ඉදිරි සංගීත නිර්මාණ කටයුතු? ‘ඔබ දුටු දින’ කියලා ගීතයක් ලිව්වා. එයට හඬ මුසු කොට ඉතාම ඉක්මනින් රිලීස් කරනවා.
තරු දහසක් හී සම්පූර්ණ පදමාලාව:
තරු දහසක් අතරින්
කුණාටු සයුරේ රලකට හසු වූ
ඔබ නැති ලෝකයෙ |



හැත්තෑව අසූව දශකවලදී ගායකයකු මෙන්ම වාදකයකු ලෙසින් ඉමහත් ජනාදරයට පත් මැල්කම්
මන්තාරාගේ පුතු ශෙහාන් හයේෂ් මන්තාරා පියාගේ අඩි පාරේ ගමන් කරමින් සංගීත ක්ෂේත්‍රයට
පිවිස සිටියි. ඔහු තම පළමු ගීතය තරු දහසක් නමින් පසුගියදා නිකුත් කෙරිණ.