වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

කොහෙන්ද දුලීකා

පුංචි වලව්ව ටෙලි නාට්‍යයේ දුලීකා මාරපන කරන රංගනය මට දැනෙන අන්දමට අති විශිෂ්ටයි.
දුලීකා . . .
කොහෙන්ද ඔයා මේ විදිහට රඟපාන්න ඉගෙන ගත්තේ.
 

රන්ජනී රණසිංහ

දීපිකා රණසිංහ

හෝකන්දර

සත්කාරය අගය කළ යුතුයි

නිළි රැජන මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සබීතා, නදීකා, සංගීතා, ශෙරීන් යන සහෝදර කලාකරුවන් පිරිස රෝගීව සිට දැන් සුවය ලබමින් සිටින චිත්‍රා වාකිෂ්ට වෙනුවෙන් පවත්වන ලද පුද සත්කාරය ඉතා අගය කළ යුතුයි. කලාකරුවකුගේ දුක සැප සොයා බලා ආධාර උපකාර කළ යුත්තේ අසරණව සිටින අවස්ථාවේදීය.

අයලීන් සෝවිස්

වැලිසර

කැළුම් ශ්‍රීමාල් යන වචනය

අරුත් සුන් පදමාලා බහුලව ගැයෙන මෙවන් යුගයක කැළුම ශ්‍රීමාල්ව හඳුන්වා දිය යුත්තේ තමන්ට ආවේණික භාෂා රීතියකින් ස්වකීය අනන්‍යතා ලක්ෂණ මැනවින් ප්‍රකට කරන නිර්මාණශීලී ගේය පද රචකයකු සහ ප්‍රතිභාපූර්ණ ක්‍රීඩා සන්නිවේදයකු ලෙස බහු වැදෑරුම් කලා කුසලතාවයන්ගෙන් සපිරි සුන්දර සහෘදයකි.

වසන්ත කේ. ප්‍රනාන්දු

කැලණිය

රන්ජා සාර්ථකයි

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ රන්ජා සිනමාපටය සාර්ථක නිර්මාණයක් බව සඳහන් කළ යුතුමය. අප ප්‍රේක්ෂකයින්ට කුතුහලය දනවන එවන් සිනමාපටයක් තුළින් රස වින්දනයක් ලබාදීමට උත්සාහ දැරූ නිෂ්පාදක සුනිල් ටී. ට සහ අධ්‍යක්ෂ සුදේශ්ට අපේ ප්‍රණාමය.

පාලක සමන් පෙරේරා

හැඳල

වරාමලී ගායනය ලස්සනයි

රුවන් හෙට්ටිආරච්චි ප්‍රසංග වේදිකාවේ ලස්සනට ගීත ගායනා කරනවා අප දුටුවා. එමෙන්ම ඔහු ගයන වරාමලීහී තේමා ගීතය ඉතාම ලස්සනයි. ඔහුගේ බිරිය ශෙරිල් සමඟ ටෙලි නාට්‍යයක රඟපානවා දකින්න ආසයි.

නන්දා ලියනගේ

නදී රාජපක්ෂ

මහවැව

අපට කීර්තියක්

සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමාපටය ඔබ නැතුව ඔබ එක්ක ඉන්දියාවේ චිත්‍රපට ශාලා 17 කම තිරගත කිරීමට කටයුතු සැලැස්වීම ශ්‍රී ලංකාවාසී අපට ඉමහත් කීර්තියක් ගෙන දෙන්නකි.

තිලකරත්න විල්වල

කෑගල්ල

රත්තරන් වැඩක් කළ රෝහිත්

රෝහිත් මාන්නගේ යනු එකවර නිර්මාණ රාශියකින් ප්‍රේක්ෂක ජනතාව හමුවන රංගන ශිල්පියකු නොවේ. ඔහු ඉඳහිට ප්‍රේක්ෂකයා වෙත පැමිණ සදා නොමියෙන චරිත නිරූපණයක යෙදුන අයෙකි. රෝහිත් වැඩිපුරම රඟපෑවේ බොලඳ පෙම්වතාගේ චරිත නොව චණ්ඩි චරිතය. එහෙත් ඔහුගේ හදවත රත්තරන්ය. ඒ බව ප්‍රසිද්ධියකින් තොරවම පසුගියදා මනාව ඔප්පු කළේය. ඒ වාහනයක අවශ්‍යතාව තිබියදී එය ඉටු කර ගැනීමට නොහැකිව තිබූ විහාරස්ථානයකට ඔහු පරිහරණය කළ වාහනයන පරිත්‍යාග කිරීම මඟිනි.

කරු මන්දාවල

නාත්තණ්ඩිය
 

S.M.S

නවරත්න ගමගේ සංගීතවේදියාණන්ගේ ‘පනාමුරේ’ සංගීත සංධ්වනිය අති විශිෂ්ට නිර්මාණයක් ලෙස මට දැනුණි. නවා ඔබටත් එයට දායක වූ සියලුම ශිල්පීන්ට මා ආසිරි මල් වරුසාවක් මෙසේ පුද කරමි.

ඉමේකා ගුණවර්ධන

සුජාතා විද්‍යාලය

නුගේගොඩ

චන්න පෙරේරා සිංහල සිනමාවට හඳුන්වා දුන් ඉන්දීය නිළිය මෙරට සිනමාවේ හිනිපෙත්තටම යනු නොඅනුමානයි.

හර්ෂ විරාජ්

මාකඳුර

රන්ජා චිත්‍රපටය මගේ සිත් ගත්තා. එහි අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස්ගෙන් මම ඉල්ලන්නේ රන්ජා 2 සිනමාපටය ද නිර්මාණය කරන්න කියලයි.

සිනෙත්

මාතර

රන්ජා ආකර්ෂණීය සිනමාපටයක් කියලා බය නැතුව මම කියනවා. එහි අපේ සුපිරි වීරයා රන්ජන් නියමෙට රඟපානවා. නිෂ්පාදක සුනිල් ටී අධ්‍යක්ෂ සුදේශ් ඔබලාට මාගේ ප්‍රණාමය.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

බී.සිරිතුංග පෙරේරාට,

කලා ලොව සෑම අතකින්ම ජය ගත් ඔහු විටෙක පියකු මෙන්, සොහොයුරෙකු මෙන්, මිතුරකු මෙන් කලා ලොවෙහි වැජඹෙනවා. ඔහු නිෂ්පාදනය කරන හද රැඳි ගී සහ පුරවරුණ යන වැඩසටහන්වලට මා මුළු හදවතින්ම සුබ පතනවා.

සංක

වැල්ලම්පිටිය

මෑත කාලයේ පුංචි තිරයෙන් මා දුටු අර්ථාන්විත ටෙලි නාට්‍ය අතර කේ. බී. හේරත් රචනා කළ ස්වර්ණපාලි ඉතාමත් කලාත්මක නිර්මාණයකි. යුගයේ අවශ්‍යතාවය මැනවින් වටහා ගත් නිර්මාණකරුවකු ලෙස කේ. බී.ව හඳුන්වා දිය හැකිය.

චතුරංග සම්පත්

හංවැල්ල

සාරංග දිසාසේකරගේ හොඳම රංගනය මං දැක්කේ සුළඟ මත මොහොතක් ටෙලි ඩ්‍රාමා එකෙන්. එහි ඔහුගේ රංගනය ඉතාමත් ඉහළයි.

එම්. එස්. වීරසිංහ

මතුගම

වසරේ ජනප්‍රියම රූප රචනාව ලෙස දෙරණ මියුසික් අවෝඩ්හි රුවන් හෙට්ටිආරච්චිගේ රැවටුණ තරම් ගීතයට සම්මාන ලැබීම මට සම්මානයක් ලැබීම හා සමාන සතුටකට පත්වීමි.

හංසි

නුවර

ෆ්ලෑෂ්බෑක් සංගිත කණ්ඩායමේ රොස් අලගියවන්න ප්‍රසංග වේදිකාවේ පානා පෙළහර නිසා ෆ්ලෑෂ්බෑක් තවත් ජනප්‍රිය වෙනවා යැයි මට කියන්න පුළුවන්.

චමරි

දොම්පෙ

සියත ගුවන් විදුලියේ ‘අමුත්තෙක් ඇවිත්’ වැඩසටහන මම කිහිප වතාවක්ම ශ්‍රවණය කළා. එය මෙහෙය වන්නේ නදී නම් වූ නිවේදිකාවක්. ඇය මිත්‍රශීලීව ශ්‍රාවකයාව හොඳින් ග්‍රහණය කර ගනිමින් වැඩසටහන මෙහෙය වීම නිසා එය ජනප්‍රියව තිබෙන බව කියන්න පුළුවන්.

රොෂාන්

නුගේගොඩ

හේමන්ත

කුරුණෑගල

කළු අරලිය මම මේ දිනවල හොඳටම රස විඳීන ටෙලි නාට්‍යයයි. එහි සුරාජ්, මේනකා, උද්දික, ශිරෝෂි ඇතුළු පිරිස චරිත තුළ හොඳින් ජීවත් වෙනවා.

චමින්ද

වත්තල

පරණ සිංදු රීමේක්් කිරීම අසාර්ථක ක්‍රියාවකි. පැරැණි දේ පැරැණි ලෙසටම තබන්න. අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න. එතකොටයි මිනිසුන්ගේ රස වින්දනය ඉහළ යන්නේ.

ලක්මාලි

වරකපොළ

හිරු නාලිකාවේ සෑම සතියේ දිනකම රෑ අටට විකාශව වන සබඳ බබානිස් නරඹන අපව කුල්මත් වන්නේ ඉබේටමයි.

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

අසනීපව සිටින ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා රත්නා සමරසිංහට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

නීලා ඉන්ද්‍රාණි

මීගමුව

චන්න පෙරේරා අයියේ,

ඔබ අපේ සිනමාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් කරන්නේය. මම එහෙම කියන්නේ අප සිනමාවට අලුත් නිළියන් හඳුන්වා දෙන නිසා. පූජා උමා ශංකර් වගේම ඔබ මෙරටට ගෙනා ජස්මින්වත් ජනප්‍රිය වේවා.

ශෂී

ලිහිණියාගම

බොහෝ කලාකරුවන්ගේ පවුල් ජීවිත දෙදරා ගොස් තිබෙනු මා පුවත්පත්වල පළවන ලිපිවලින් දුටුවා. නමුත් රොෂාන් ප්‍රනාන්දුගේ පවුලට නම් එහෙම ආපදාවක් නැහැ. ඔහු තම සංගීත ජීවිතය මෙන්ම පවුල් ජීවිතය ද ඉතාමත් හොඳින් ගෙවනවා. ඔවුන්ගේ පවුල හැමෝටම ආදර්ශවත්. රොෂාන් අයියා බිරිය තිළිණි සමඟ සුපෙම් සුවඳක් නම් වූ ගීතයත් ගැයුවා. එය සදාකාලික ආදර ගීතයක් බව නම් මට නොකියාම බැහැ.

ඩී. මමෝජ් වන්නිආරච්චි

අකුරැස්ස

චණ්ඩි පුතා එකක් තිබ්බාම ඇති. එහි නව නිර්මාණයක් අපට අවශ්‍ය නැහැ.

ලක්ෂ්මන්

මෝදර

කඩවසම් බවින් අනූන ධනුක දිල්ශාන් තූර්යා, ආදර සංධ්වනිය වැනි නාට්‍යවල මට දැනෙන අන්දමට කැපී පෙනෙන රංගනයක යෙදෙනවා. ඔහු කෙදිනක හෝ සිනමාවේද හොඳ තැනකට ඒවි.

ඉෂාරා

නුවර