|
|
ගිනස් පොතට ගිය Bioscope
මේ වන විට ගිනස් පොතේ මෙරට සිනමාවේ නමත් ලියවී හමාරය. ඒ ඉතාමත් කෙටි කාලයකින් නිර්මාණය කර තිරගත කළ වෘත්තාන්ත චිත්‍රපටය නිපදවීමෙනි. නන්දන හේවාපන්න විසින් ‘මංගල ගමන’ නම් චිත්‍රපටය පැය 72 මිනිත්තු 19 සහ තත්පර 21ක කාලයකින් තිරරචනය කර රූ ගන්වා තිරගත කිරීමෙන් මෙම වාර්තාවේ අයිතිය හිමිකර ගත්තේය. සංස්කරණය නොකළ දීර්ඝතම ජවනිකාව ඇතුළත් චිත්‍රපටයට හිමිකම් කියන්නේ මොහොමඩ් ඉසාක් අධ්‍යක්ෂණය කළ‘ඇග්ඩම්’ චිත්‍රපටය යි. මිනිත්තු 123 කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කර ගනිමින් නිර්මාණය වූවකි. මේ වසරේ මුල් භාගයේ දී තිරගතවීම ආරම්භ කළ ඇග්ඩම් හි තමීස්, ශි‍්‍රනි ලියර්, ශී‍්‍ර පි‍්‍රයන්කා බාස්කර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. වැඩිම වියදමක් දරා ගිනස් පොතට ගිය චිත්‍රපටය ලෙස වාර්තා හිමිකර ගෙන සිටින්නේ ජෝ වර්බින්ස්කි අධ්‍යක්ෂණය කළ පයිරේට්ස් ඔෆ් කැරිබියන් : ඇට් වර්ල්ඩ්ස් එන්ඩ් චිත්‍රපටය යි. ඒ වෙනුවෙන් වැය වූ මුදල ඩොලර් මිලියන 315කි. එහි රංගනයෙන් දායක වූ ජොනී ඩෙප් මේ වනවිට ලොව වැඩිම ආදායමක් ලද නළුවා ලෙසින් වාර්තා අතරට එක්ව සිටියි. 2009 වසරේ ජුනි මස සිට 2010 වසරේ ජුනි මාසය දක්වා ඔහු ලද ආදායම ඩොලර් මිලියන 75කි. ලොව වැඩිම ආදායමක් ලද සිනමා නිර්මාණය වන්නේ ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ ‘ඇවටර්’ චිත්‍රපටය යි. එය ලද ආදායම ඩොලර් 2,768,463,014කි. ඩොලර් බිලියන 2ක මුදලක් ඉපැයූ ලොව ප්‍රථම චිත්‍රපටය වන්නේද එයයි. සාර්ථකම කී‍්‍රඩා චිත්‍රපටයට හිමිකම් දරන්නේ ඩොලර් බිලියන 1.2ක් ලද ජෝන් ජී. එවිල්ඩ්සන් අධ්‍යක්ෂණය කරන ලද රොකී චිත්‍රපටයයි. වර්ණ චිත්‍රපටයක් බවට පරිවර්තනය කළ පළමු කළු සුදු චිත්‍රපටය වන්නේ 1942 වසරේ තිරගත කළ ‘යැන්කී ඩූඩ්ලේ ඩැන්ඩී චිත්‍රපටය යි. මයිකල් කෘට්ස් අධ්‍යක්ෂණය කළ එය හොඳම නළුවා, හොඳම සංගීය ඇතුළුව ඇඩකමි සම්මාන කිහිපයකටම හිමිකම් කීවේය. අමෙරිකානු ජාතික සංගීතඥයෙකු, නළුවෙකු, නර්තන ශිල්පියෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකුද ලෙසින් ප්‍රකට ජෝර්ජ් එම්. චෝන් ගේ ජීවිත කතාව ඇසුරින් එය නිර්මාණය කර තිබේ. සාර්ථකම ත්‍රාසජනක චිත්‍රපටයට හිමිකම් කියන්නේ 2004 වසරේ තිරගත වූ ‘සෝ’ චිත්‍රපටය යි.
භාෂාවන් රැසකින් නිර්මාණය වූ චිත්‍රපටය ලෙසින් වාර්තා වෙන්නේ ‘දි ඕනර්’ චිත්‍රපටය
යි. මෙම චිත්‍රපටය රටවල් 13ක චිත්‍රපට අධ්‍යක්ෂවරුන් 25 දෙනෙකු විසින් අධ්‍යක්ෂණය
කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඩුබායි, ලෙබනනය, එංගලන්තය, ඉන්දියාව,
ප්‍රංශය, දකුණු අපි‍්‍රිකාව, අයර්ලන්තය, කොලොම්බියාව, ඔස්ට්‍්‍රයාව, හොංකොං රටවල
විවිධ භාෂ
වැඩිම සම්මාන ගණනක් දිනූ ඉන්දීය නළුවා ලෙසින් ගිනස් පොතට ඇතුළත්ව සිටින්නේ දිලිප්
කුමාර් ය. ධාග් (1953), අසාද් (1955), දේව්දාස් (1956), නායා දවූර් (1957),
කොහිනූර් (1960), ලීඩර් (1964), රාම් ඕර් ශ්යාම් (1967), ශක්ති (1982) යන
චිත්‍රපටවල රංගනය වෙනුවෙන්
රිදී තිරයේ වැඩම චරිත සංඛ්‍යාවක් නිරූපණය කළ දැනට ජීවතුන් අතර සිටින රංගන ශිල්පියා වන්නේ ඉන්දීය රංගන ශිල්පී කේ. බ්‍රහ්මනාදන්ය. 2009 වසරේදී ඉන්දීය රජය උසස්තම පුද්ගලයන් වෙත පිරිනමන පද්ම ශී‍්‍ර සම්මානයෙන් පිදුම් ලද ඔහු 1987 වසරේ සිට 2010 වසර දක්වා චිත්‍රපට චරිත 857ක් නිරූපණය කර තිබේ. තෙළිඟු චිත්‍රපට රැසකටම සිය දායකත්වය ලබාදී ඇති කේ.බ්‍රහ්මනාදන් සම්මානනීය විකට රංගන ශිල්පියෙකුද වේ. දෙමළ රංගන ශිල්පිනියක වන මනෝරාමා ද වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක රඟමින් ගිනස් පොතට එක් වී සිටින්නීය. ඇය චිත්‍රපට දහසකට ආසන්න සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබේ. ලෝක ප්‍රසිද්ධ සටන් නළු ජැකී චෑන් ගිනස් වාර්තා දෙකකටම හිමිකම් කියන්නේය. වැඩිම වාරයක් සටන් ජවනිකා රඟ දැක්වූ රංගන ශිල්පියාට හිමි ගිනස් වාර්තාව මෙන්ම එකම චිත්‍රපටයක වැඩිම අංශ ගණනකට දායක වීමේ ගිනස් වාර්තාවට හිමිකම් තබා ඇත්තේ ඔහුයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘චයිනීස් සෝඩියැක්’ චිත්‍රපටයේ එළිදැක්ම සමගින් ජැකී චෑන්හට මෙම ද්විත්ව ගිනස් වාර්තා හිමි විය. එහි අධ්‍යක්ෂණය, රංගනය, සටන් නිර්මාණය, නිෂ්පාදනය ඇතුළුව අංශ පහළොවකට ඔහු සිය දායකත්වය ලබා දී ඇත. මීට පෙර එකම චිත්ර පටයක වැඩිම අංශ ගණනකට දායක වීමේ ගිනස් වාර්තාවට හිමිකම් කීවේ අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ රොබර්ට් රොඩ්රිගුස් විසිනි. ඔහු එකම චිත්‍රපටයේ අංශ එකොළහක් සඳහා සිය දායකත්වය ලබා දී තිබුණා.
|



ගිනස් පොත කියන්නේ පුදුම හිතෙන දේ සටහන් වෙන පොතක්. සාමාන්‍ය සිදුවීම් අතරේ
අසාමාන්‍ය දේ වාර්තා වෙන්නේ ගිනස් පොතෙනි. මේ පොතේ තම නම සටහන් කිරීම වෙනුවෙන්
විවිධාකාර වූ අසීරු දේ කිරීමට උත්සාහ ගන්නා පුද්ගලයෝද ලොව වෙති. වාර්තා තැබීම වගේම
වාර්තා තබමින් ගිනස් පොතට ඇතුළත්වීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අද අපි සරසවියෙන්
කතා කරන්නේ ගිනස් පොතේ සටහන් වූ රීදි තිරයේ තොරතුරු ගැනයි.
ාවන්ගෙන් මෙය නිර්මාණය කර තිබේ. මංගල දර්ශනය වෙනුවෙන් ඉහළම ප්‍රෙක්ෂක
සහභාගීත්වයක් ලද චිත්‍රපටය ලෙස වාර්තා වෙන්නේ ඇන්ඩෘ ඇඩම්සන් අධ්‍යක්ෂණය කළ
‘ක්‍රොනිකල්ස් ඔෆ් නානියා : පි‍්‍රන්ස් කැස්පියන්’ චිත්‍රපටය යි. 2008 වසරේදී
එක්සත් රාජධානියේදී පැවැති එම මංගල දර්ශනය වෙනුවෙන් 10,000ක පිරිසක් සහභාගී වී ඇත.
විශාලතම පිරිසක් සහභාගි වූ යුද දර්ශනය ඇතුළත් චිත්‍රපටය වන්නේ ‘ලෝර්ඩ් ඔෆ් ද
රින්ග්ස්’ චිත්‍රපටයයි. එහි චරිත ලක්ෂ දෙකක් පෙනීසිට තිබේ.
ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි
සම්මානයෙන් පිදුම් ලැබීය. ඉන්දීය නිළි නූටාන්ද හොඳම නිළියට හිමි සම්මාන පහක් දිනා
ගෙන තිබේ. සීමා (1956), සුජාතා (1954), බන්දිනී (1963), මිලාන් (1967), මේන් තුල්සි
තෙරේ අන්ගාන් (1978) චිත්‍රපටවල රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය ලෙසින් ෆිල්ම්ෆෙයාර්
සම්මානයෙන් පිදුම් ලැබුවාය.