වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සතිය පුරා රූගත කිරීම්

සතිය පුරා රූගත කිරීම්

අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම

මම නම් මේ දවස්වල රූගත කිරීම් සමගින් කාර්ය බහුල වෙලා ඉන්නේ. හිරු නාලිකාවේ විකාශය කෙරෙන සබඳ බබානිස් ටෙලි නාට්‍යයේ සහ ටෙලිවීව් ආයතනයට කරන අලුත්ම ටෙලි නාට්‍ය යේත් රූගත කිරීම් මේ සතිය පුරාවටම යොදා ගෙන තියෙනවා. ඒ හැරුණාම මවිසින් අධ්‍යයක්ෂණය කළ තවත් ටෙලි නාට්‍ය දෙකක් ඉදිරියේදී විකාශය වෙන්නත් නියමිතව තියෙනවා.