වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඉතිහාසය සොයා යමින්

ඉතිහාසය සොයා යමින්

නාට්‍ය අධ්‍යක්ෂ තිලක් ගුණවර්ධන

දැන් නම් මම නිර්මාණකරණයේ යෙදෙන්නේ නැහැ. මේ දවස්වල කාලය කැප කරලා තියෙන්නේ ක්ෂේත්‍රයේ වසර 48ක සේවා කාලය තුළ ලද අත්දැකීම් සමගින් රූපවාහිනි ඉතිහාසය පිළිබඳ නිවැරදි තොරතුරුවලින් කෘතියක් සම්පාදනය කිරීමටයි.

මීට පෙර මම ටවර් නාට්‍ය පාසලේ සහ සෞන්දර්ය විශ්වවිද්‍යලයේ ඉගැන්වීම් කටයුතු කළා. ඒ වගේම කවුරුන් හෝ සංවිධානය වෙලා නාට්‍ය හා රංග කලාව පිළිබඳ වගේම ටෙලි නාට්‍ය කලාව ගැනත් දැනුම ලබා දෙන්න මම කැමැත්තෙන් සිටිනවා.