|
|
මුතු පළස කට්ටියගේ Surprise Party
මුතු පළසෙ වැඩ ඉවර වෙන කොට රෑ නවයට විතර ඇති. එදා ෂූටින් තිබුණේ කොට්ටාව හරියේ.
නිස්කලංකව වැඩ අහවර කරපු ශිවා නළු නිළි පිරිසත් එක්ක සතුටු සංවාදයක.
උදේ ඉඳන්ම උපන් දිනේට කේක් ඉල්ලපු පිරිස ශිවා අයියගෙ වටේ ඉඳන් මෝක්කාඩුවක. ‘හරි අද රෑ වුනාණෙ වැඩ ඉවර වෙද්දී. හෙට මං කේක් ගේන්නං’ ශිවා කිව්වේ සුපුරුදු ළෙන්ගතු පින්බර හිනාව මුහුණේ කොනක තවරගෙන. ‘හරි . . . ජයවේවා . . . ශිවා පිටත් වුණේ ගෙදර යන්න. ‘අයියෙ ලොජ් එකට පොඩ්ඩක් ගිහිං යමුද, මට චුට්ටක් කතා කරන්න වැඩක් තියෙනවා’. අමිල අබේසේකර කිව්වේ ලොකු ප්‍රශ්නයක් මවාගෙන වගෙයි. ‘හරි යමු’
ඒ වෙන කොටත් වාහන තදබදය ක්‍රමයෙන් අවම වෙමිනුයි තිබුණේ. නමුත් මහල්වරාව හන්දියේ තවමත් තදබදය. ශිවා ගමන් ගත් වාහනය ඉදිරියට ඇදුණේ දකුණු පැත්තේ පාරට දාන්න බලාගෙන. අන්න ඒ වෙලාවේ තමයි ශිවා මවිතයට පත් වුණේ. මුතුපලස ඔක්කොම පාර අයිනෙ පිරිලා. බැලුම් බෝලවලින් සරසන ලොරි දෙකක්. එක ලොරියක පපර බෑන්ඩ් එකක්. අනෙක් ලොරියේ පුටු එහෙම තියලා අත්යාලංකාරයි. වාහනේ දැකපු හැමෝම එක පාරටම වට වෙලා උපන් දිනේ සතුට ප්‍රකාශ කළේ ශිවාගේ දෑසට කඳුලක් එක් කරලමින්. ඇත්තටම ඒක සුන්දර සංවේදී රාත්‍රියක්. මල් මාලා පළන්දල පිළිගත්ත අපේ ශිවා අයියව ඊළඟට රැගෙන යන්නේ ලොජ් එකට. ලොරියේ නංවාගෙන පපර සද්දේ මැද්දේ වාහන පෙළපාලියට මැදිවෙලා ශිවා ගමනේ. වුණේ මොකක්ද, වෙන්න යන්නේ මොකක්ද කියලා තවමත් ශිවා අයියට හිතා ගන්නවත් බැහැ. කෙටි පටු මාවතක් ඔස්සේ ඇවිත් රථ පෙරහැර නැවතුණේ ලොජ් එකට හැරෙන තැන හරහට. පාරම කට්ට කළුවරයි. කළුවරේ උන්නු හැමෝම තිගැස්මට පත් කළේ එක වරම උඩ පනිමින් නැටු රතිඤ්ඤා කරල් ටික නිසා. රතිඤ්ඤා පත්තු වෙලා ඉවර වුණු ගමන්ම ආයෙත් සුපුරැදු එළිය. ඒ මොහොතේ තමයි ශිවාට දෙවැනි වතාවට තරැ පෙනුණේ. ලොජ් එක ඉස්සරහ මිදුලේ පුටු දාලා, හට් ගහලා .BBQ ආප්ප ඒ අතරේ කඩල වෙළෙන්දෙකුත් ඇවිත්.
මේ වෙලාවේ තමයි ශිවා අයියා ඇවිල්ලා ඉන්න කට්ටිය දැක්කේ.
හැමෝම එකතු වෙලා ආදරණීය ශිවා අයියට විෂ් කළේ හදවතේ උතුරා පිටාර ගලන සතුට සුබපැතුමක් කරලමින්. ඉන් පස්සේ ඇරැඹුණේ සාදය. මුලින්ම ශිවා අයියගේ කතාව. ‘ඇයි මං වගේ මිනිහෙකුට මේ වගේ දෙයක් කෙරුවේ. මොකක්ද හේතුව’
‘මේ වගේ ලොකු වැඩක් කරන්න මං පුංචි වැඩියි. මාව මෙච්චර පිළිගත්තට හැමෝටම ස්තුතියි’ ශිවා හරියටම මොකක්ද කිව්වේ කියලා දැනෙන්න සභාවට විනාඩි කිහිපයක් ගත වුණත් ඒ සතුට ශිවාට දැනෙන වග හැඟෙන විට හැමෝගෙම හිත පිරැණේ උණුසුම් සතුටකින්. හැමෝගෙම සුබපැතුම් මැද්දේ සාදයේ කටයුතු. ‘පස්වාන් දහසකට සමාවෙන්න. වැඩක් ඉවර වුණ ගමන්මයි ආවේ’ මිහිරි සිරිතිලක සභාවට ආවේ හිනාවකුත් අතේ අරගෙනමයි. සාරංග, අමිල, උද්දික වගේ නව පරපුරේ දක්ෂයන් වගේම ලූෂන් බුලත්සිංහලයන් වගේ එපිට පරපුරේ ජ්‍යෙෂ්ඨයන් ද මේ උළෙලේ සාමාජිකයන් විම එදා කා අතරත් කතාබහට ලක් වුණා. වෙනම මේසයක සාදයේ සුන්දරත්වය විඳි මහේෂි, සංජු, තරුෂි වගේම නුවන්ගි සාදයට ගෙනා ලාලිත්‍යයද හරිම අපූරැයි. මේ සාදය හරිම රසවත්. ඒ රසවත් බවට මේ ඡායාරූප සාක්ෂි සපයාවි.
|




රෑ අඳුර ඉරාගෙන ශිවා පිටත් වුණේ මහල්වරාව (පන්නිපිටිය) ලොජ් එකට එන්න. කොට්ටාව පසු
කරලා ආපු ශිවා ක්‍රමයෙන් පැමිණියේ මහල්වරාව හන්දියට.

ශිවා අයියා ටිකක් ආවේගෙන් වගේ. ඒ වෙලාවේ සභාවේ හැමෝගෙම මුහුණු වෙනස් වුණේ ඉබේටම.






