හැම තාත්තා කෙනෙකුගේම සිතුවිලි
හැම තාත්තා කෙනෙකුගේම සිතුවිලි
ෂාරුක් ඛාන්ට පිතු පදවිය තවත් නළුකමක් නොවෙයි. නළුකමට මෙන්ම පිය පදවියට ද ඔහු
සුපිරිය. එනිසාම ජූනි 15 වැනි දිනය, පියවරුන්ගේ දිනය ඔහුට සුවිශේෂී විය.
පරිත්‍යාගශීලී පියකු වූ ෂාරුක්, ඔහු දරුවන් තිදෙනා ගැන ඇති ළෙන්ගතුකම ගැන පැවසීමට
ට්විටර් වෙබ් අඩවියේ සෑහෙන කාලයක් ගත කළේය.
ඔහුගේ බාලම පුතු දැන් වසරක් වයසය. වැඩිමල් පුතු ආර්යන් දාහත් හැවිරිදිය. ඔහු
ලන්ඩනයේ අධ්‍යාපනය හදාරන්නේය. එකම දියණිය සුහානා දාහතර හැවිරිදිය. කොල්කටා නයිට්
රයිඩර්ස් තරඟ වදින සෑම අවස්ථාවකම සුහානා සෙවණැල්ලක් මෙන් පියා ළඟින්ම සිටින්නීය.
දරුවන් තිදෙනා වෙනුවෙන් ඔහු පණිවුඩ තුනක්ම ලියා තිබිණි.
* පුංචි දෙපා, පුංචි දෑත්, පුංචි කන් සමඟ දවසක් ගතකිරීම මහා සතුටක්. පුංචි
ඒබ්‍රහම්ට විශේෂයෙන්ම ඔහු ලියා තිබිණි. ෂාරුක්ගේ හොඳම මිතුරන් වන්නේ දරුවන්
තිදෙනාය.
|